අත­වැ­සි­යන් හංගන ගෝඨා­භ­යගේ පුර­වැ­සි­කම | සිළුමිණ

අත­වැ­සි­යන් හංගන ගෝඨා­භ­යගේ පුර­වැ­සි­කම

හින්ද රාජ­පක්ෂ රජයේ හිටපු ආර­ක්ෂක ලේකම් මෙන්ම හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ බාල සො‍හොයුරා මේ වන විට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පොදු­ජන එක්සත් පෙර­මු­ණෙන් ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­කයා ලෙස කල­එළි බැස සිටී.

 

ඔහු රට වටා යමින් මේ වන විට තම ප්‍රචා­රක ව්‍යාපා­රයේ මූලික අදි­ය­රට අව­තීර්ණ වී සිටී. ශ්‍රි ලංකා යුද හමු­දාවේ හිටපු ලුති­නන් කර්න­ල්ව­ර­යකු වන ඔහු 80 දශ­ක­යේදී ශ්‍රි ලංකා යුද හමු­දාව හැර දා ඇමෙ­රි­කා­වට ගොස් එරට පුර­වැ­සි­භා­ව­යද ලබා­ගෙන ඇත. දේශ­පා­ලන කර­ළිය සමඟ රාජ­පක්ෂ පවුල පෑහු­ණද ගෝඨා­භය ඉතා නිහඬ ජීවි­ත­යක් ඇමෙ­රි­කාවේ ගෙන ගියේය. ඩි.ඒ රාජ­ජක්ෂ මහ­තාගේ පුතුන් අතු­රින් මහින්ද , ඔහුගේ වැඩි­ම­හල් සොයුරු චමල් මෙන්ම බාල ම සොහො­යුරා වන බැසිල් දේශ­පා­ප­ල­න­යට විවි­ධා­කා­ර­යෙන් සම්බන්ධ වුවද ගෝඨා­භය සොයුරා මෙරට සෘජු දේශ­පා­ල­න­යට අව­තිර්ණ වන්නේ 2005 වසරේ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­ත්වය සම­ඟය.

මහින්ද රාජ­පක්ෂ මහ­තා­ටද ශ්‍රි ලංකා නිද­හස් පක්ෂය තුළ ජනා­ධි­පති අපේක්ෂ­ක­ත්වය දිනා­ගැ­නීම සඳහා දැඩි සට­නක් කර­න්නට සිදු වූ අතර ඔහු ඉතා සංවි­ධා­නා­ත්ම­කව විවිධ අදි­යර ඔස්සේ ප්‍රචා­රණ වැඩ­පි­ළි­වෙළ ගෙන ගියේය. 2001 වස­රේදී එක්සත් ජාතික පක්ෂය බල­යට පත් වූ අව­ස්ථා­වේදී විපක්ෂ නාය­ක­ත්වය ලබා­ගැ­නී­මේදී ඔහු පක්ෂ නාය­ක­ත්ව­යට අභි­යෝග කරන ආකා­ර­යෙන් හැසි­රු­ණේය. ඔහු මේ අයු­රින් පක්ෂයේ බිම් මට්ටමේ සිට පළාත් පාලන පළාත් සභා නියෝ­ජි­ත­යන් හමු­වෙ­මින් ආයා­ච­නය කළේ විපක්ෂ නාය­ක­ත්වය ඔහු වෙත ලබා­දී­මට කට­යුතු කරන ලෙසය. ඒ වන විට හිටපු අග­මැති රත්න­සිරි වික්‍ර­ම­නා­ය­කට ඒ තන­තුර ලබා­දීමේ සූදා­න­මක් පැව­තුණු අතර මහින්ද රාජ­පක්ෂ මහතා එය වළ­ක්වන්නේ ඊළඟ ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ගෙන බව කාටත් පැහැ­දිලි විය.

කෙසේ වුවද මහින්ද රාජ­පක්ෂ මහතා ඉදි­රි­යට ආවත් රාජ­පක්ෂ පවුලේ සහෝ­ද­රයෝ ඔහුගේ ජනා­ධි­පති සිහි­නය පසු­පස නිබ­ඳ­වම සිටි­යහ. ඒ අයු­රින් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා­ගත් මහින්ද රාජ­පක්ෂ මහතා නාම යෝජනා දෙන්නට මත්තෙන් බැසිල් රාජ­පක්ෂ මෙන්ම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්ව­රුද දේශ­පා­ලන කර­ළි­යට එන්නට පටන් ගත්හ. ඇමෙ­රි­කානු පුර­වැසි බව ලබා­ගෙන සිටි මේ සහෝ­දර දෙපළ අතු­රින් වඩාත් අව­ධා­න­යට ලක් වී ඇත්තේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාය. එහිදී වැඩි කතා බහ­කට හේතු වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය පිළි­බඳ ප්‍රශ්න­යයි. ගෝඨා බැසිල් සහෝ­දර දෙප­ළ­ටම ශ්‍රි ලංකා ද්විත්ව පුර­වැසි භාවය තිබු­ණද වඩාත් කතා බහට ලක් වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­ව­යයි. ඊට හේතුව ඔහුට ජනා­ධි­ප­ති­ව­ර­ණයේ නාම යෝජනා ලබා­දී­මට නම් ඇමෙ­රි­කානු පුර­වැ­භා­වය අත්හළ යුතු බව ප්‍රකාශ වීමය.

ඒ නිසා ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය ගැන බොහෝ සේ කතා බහ ඇති විය. ඒ කතා බහ තීර­ණා­ත්මක වූයේ මාස­ය­කට අධික කාල­යක් සිංග­ප්පූ­රුවේ හෘද සැත්ක­මක් සඳහා ගොස් සිටි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා යළි දිව­යි­නට පැමි­ණි­මත් සම­ඟය. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පුර­වැ­සි­භා­වය අත්හළ බව ප්‍රචා­රය කිරීමේ පළමු පිය­වර තබන්නේ ඔහු සමඟ ඉතා සමීප සම්බ­න්ධ­තා­වක් නඩත්තු කර­ගෙන යන මාධ්‍ය ජාල සහ දැන්වීම් ප්‍රචා­රක ආය­තන හිමි­යෙකි. ඔහු තමන්ට සමීප සම්බ­න්ධතා ඔස්සේ මුලින්ම රාජ­පක්ෂ මහ­තාගේ පුර­වැසි බව අත්හැ­රීම පිළි­බඳ ලිය­විල්ල මුදා­හ­ළේය.

එහෙත් මෙරට කරුණු සෙවීමේ විශේ­ෂ­ඥ­තා­වක් ඇති පිරි­ස්ව­ලට මේ ප්‍රචා­රය කළ ලිය­විල්ල ව්‍යාජ එකක් බව තහ­වුරු කර­ග­න්නට ගියේ පැය කිහි­ප­යකි. එයින් ඔවුන්ට තර­මක් පසු බාන්නට සිදු වූ අතර පසුදා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇ‍මෙරි­කානු පුර­වැසි බව අත්හළ බවට එක්තරා ජාතික පුවත් පතක්ද තම ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කළේ තවත් එවැ­නිම ලිපි­යක් සහ රාජ­පක්ෂ මහ­තාගේ අව­ලංගු කළ ඇමෙ­රි­කානු ගුවන් ගමන් බල­ප­ත්‍රයේ ඡායා­රූ­ප­යක්ද සම­ඟිනි. එම ලිය­විල්ලේ සත්‍ය අස­ත්‍ය­තාව පිළි­බඳ තව­මත් අභි­යෝ­ග­යක් එල්ල වී නැත.

එසේ වුවද ඇමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව තම පුර­වැසි භාවය අහෝසි කළ පුද්ග­ල­යන්ගේ නම් ලයි­ස්තුව සහිත ෆෙඩ­රල් නාම ලේඛ­නය අව­සන් වරට ප්‍රකා­ශ­යට පත් කළේ පසු­ගි­ය­දාය. ඉහත කී ජාතික පුවත් පත ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පුර­වැසි බව අහෝසි වීමේ දිනය ලෙසට තම මුල් පුවතේ පළ කළ ඡායා­රූ­පයේ සඳ­හන් වුවද පසු­ගිය සතියේ නිකුත් කළ ලයි­ස්තුවේ පවා නන්ද­සේන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම ඇතු­ළත් වී තිබුණේ නැත. පොදු­ජන එක්සත් පෙර­මුණ මේ වන විට තම ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් වන බවට ප්‍රකාශ කොට ඇත්තේ එවන් පසු­බි­ම­කය. කෙසේ වුවද ආරංචි මාර්ග­ව­ලට අනුව ඔහුගේ ඇමෙ­රි­කානු පුර­වැසි භාවය අත්හැ­රීම කෙසේ වෙතත් ඔහුට නව හැඳු­නු­ම්ප­තක් සහ නව ශ්‍රි ලංකා ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් ලැබී ඇත. එය ලබා­ගත්තේ කෙසේද යන්න පිළි­බඳ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රී­න්ටද ඇත්තේ ප්‍රශ්න­යකි.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පුර­වැ­සි­භා­වය සම්බ­න්ධ­යෙන් පව­තින ඉති­හා­ස­යම යම් ආකා­ර­යක අබි­ර­හස් ක්‍රියා­දා­ම­යක් බව ඒ පිළි­බ­ඳව විශේ­ෂාංග ලිපි­යක් පළ කළ අප සහෝ­දර පුවත් පත වන සන්ඩේ ඔබ්ස­ර්වර් පුවත් පත සඳ­හන් කර තිබිණි. එහි දැක්වුණේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මුළු ඉති­හා­ස­යම මේ ආකා­රයේ පාස්පෝට් අබි­ර­හ­ස්ව­ලින් යුක්ත වී ඇති බවය. ඇමෙ­රි­කාවේ සිටි ගෝඨා­භය මහතා ශ්‍රි ලංකා­වට එන්නේ 2005 වසරේ සැප්තැ­ම්බර් මස 04 වැනි­දාය. ඔහු එලෙස එන්නේ ඇමෙ­රි­කානු පුර­වැ­සි­යකු ලෙස දින 30ක සංචා­රක වීසා පහ­සු­කම් යට­තේය. තනි­ක­රම සංචා­රක අර­මු­ණින් එන ඔහු එසේ පැමිණ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­රයේ මූලික කට­යු­තු­ව­ලට සම්බන්ධ වුයේය. කෙසේ වුවද සංචා­ර­ක­ය­කුට වීසා ලද දින 30කට එහා රැඳී සිටීම මෙරට ආග­මන විග­මන නීති­ව­ලට අනුව වස­රත් වසර පහත් අතර කාල­යක සිර දඬු­ව­ම­කට යටත් විමේ ඉඩක් පවතී. ඒ නිසා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එම දින 30 සම්පූර්ණ වෙද්දී රටින් පිට­වෙයි. ඒ 2005 වසරේ ඔක්තෝ­බර් 04 වැනි දාය. එහෙත් ඔහු යන්නේ ඉන්දි­යා­ව­ටය. ඉන්දි­යාවේ දින දෙකක් ගත කරන ඔහු 06 වැනිදා යළි පැමි­ණෙයි. මහින්ද රාජ­පක්ෂ මහතා 2005 වසරේ ජනා­ධි­පති ධුරය සඳහා නාම යෝජනා ලබා දෙන්නේ ඊට පසු­දාය.

නොවැ­ම්බර් මස 18 වැනි දා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කරන අතර එයින් පසුව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­ව­යට අම­ත­රව ශ්‍රි ලංකාවේ ද්විත්ව පුර­වැසි භාවය සඳහා ඉල්ලුම් කොට ඇතත් එය ලබා­ගෙන ඇති ආකා­රය පිළි­බඳ අත්තේ පැහැ­දිලි තත්ත්ව­යක් නොවේ. ඔහු 2005 වසරේ නොවැ­ම්බර් 21 වැනිදා ද්විත්ව පුර­වැ­සි­භා­වය සදහා ඉල්ලිම් කළ බවට වාර්තා වුවද ඒ සඳහා අනු­ග­ම­නය කළ යුතු අනු­මත කරවා ගැනීම් ඇතුළු දිර්ඝ පිය­වර සම්පූර්ණ කොට නැති බව ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු වාර්තා හෙළි කරයි.

ඔහුගේ බිරිය වන අයෝමා රාජ­පක්ෂ මහ­ත්මිය මෙන්ම සොයුරු බැසිල් රාජ­පක්ෂ මහ­තාද විධි­මත් පිරි­වි­තර සම්පූර්ණ කිරී­මෙන් නිය­මිත ක්‍රියා­ව­ලි­යට අනු­කූ­ලව ද්විත්ව පුර­වැ­සි­භා­වය ලබා­ග­ත්තද ගෝඨා­භය රාජ­පක්ෂ මහතා යම් අදෘෂ්‍ය සහා­යක් මත එය ලබා­ගත් බව එම වාර්තා මඟින් නිරී­ක්ෂ­ණය වන බව සන්ඩේ ඔබ්ස­වර් පුවත් පත සඳ­හන් කරයි. ද්විත්ව පුර­වැ­සි­භා­වය පිරි­න­මන ලද පත්‍රි­කාවේ දිනය පැහැ­දිලි නොවන අතර ඔහුගේ උපන් දිනය පව­තින කොටු­වද හිස් වී ඇත. ද්විත්ව පුර­වැ­සි­භා­වය ලබා­ගැ­නී­ම­ටත් පෙර ඔහු ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙසින් පත් කෙරෙන අතර ඒ ගැන කිසිදු අය­කු­ගෙන් විරෝ­ධ­යක් ඒ වන විට එල්ල වී නැත.

එප­ම­ණක්ද නොව 2005 මැති­ව­ර­ණ­යේදී ඒ වන විටත් ශ්‍රි ලාංකි­ක­යකු නොවන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තම නම මැද­මූ­ලන නිවසේ ඡන්ද හිමි නාම ලේඛ­න­යේද ඇතු­ළත් කර­ගෙන ඇත. ඔහු එම ඡන්ද­යේදී එය පාවිච්චි කළත් නැතත් ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛ­න­යට ඇතු­ළත් වීමද නීති­වි­රෝධී වෙයි.

නීත්‍ය­නු­කූ­ලව ද්විත්ව පුර­වැ­සි­භා­වය ලබා­ග­න්න­ටත් පෙර ශ්‍රි ලංකාවේ ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙසින් පත් වන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පර­ස්පර ක්‍රියා­වක් වූයේ ඔහු ආර­ක්ෂක ලේකම්ව­රයා ලෙස පත් වී මාස­යක් යන්න­ටත් පෙර ශ්‍රි ලංකාවේ නීති­වි­රෝධි ආග­මන සහ පුර­වැ­සි­භා­වය ලබා­දීම් අත්හි­ටු­වී­මයි.

ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙසින් පත් වුවද ඔහු­ටද රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් ලබා­ගැ­නී­මේදී රාජ්‍ය නිල­ධා­රි­යකු ලෙස අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා පිළි­වෙ­තක් ඇත. එහෙත් මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පළමු ජනා­ධි­පති ලේකම් ලෙස කට­යුතු කළ පි.බී අබේ­කෝන් මහතා ආග­මන විග­මන පාල­ක­ව­රයා ලෙස කට­යතු කළ කාලයේ දී එනම් 2009 වස­රේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට රාජ්‍ය තාන්ත්‍රික බල­ප­ත්‍රය ලබා­දෙන්නේ අනු­ග­ම­නය කළ යුතු විධි­මත් ක්‍රියා පාටි­පා­ටි­යට පිටින් බව වාර්තා වෙයි. එ් අනුව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තමා විසින් ලබා­ගන්නා ලද චරිත සහ­ති­ක­ය­කින් ද තොරව එම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බල­ප­ත්‍රය ඉල්ලුම් කිරීම සඳහා යොමු කරන ලද අතර එම කොටස සම්පූර්ණ කරන්නේ ආග­මන විග­මන පාල­ක­ව­ර­යා­ය­මය.

ඔහු තමන් වසර 6ක් තිස්සේ හොඳින් දන්නා පුද්ග­ල­යකු ලෙස හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා වෙත චරිත සහ­තික දෙන අතර ඔහු­ගේම අනු­මැ­ති­යක් යටතේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බල­ප­ත්‍රය ලබා දී ඇත. ගෝඨා­භය රාජ­ප­පක්ෂ මහ­තාගේ මේ ගමන් බිමන් ගුවන් බල­පත්‍ර පිළි­බඳ තොර­තුරු මාධ්‍ය‍වේ­දින් සොය­න්නට ගත්තේ ඔහුගේ විවා­දිත ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය අත්හැ­රීම පිළි­බඳ සිදු කෙරුණු විම­සු­ම්ව­ල­දීය. ඒ සෙවීම් බැලී­ම්ව­ලට තවත් කරු­ණක් වුයේ මෙරට සිවිල් ක්‍රියා­කා­රීන් දෙදෙ­නකු වන ගාමිණී විය­න්ගොඩ සහ මහා­චාර්ය චන්ද්‍ර­ගුප්ත තේනු­වර මහතා වෙන් වෙන්ව කොළඹ පොලිස් මූල­ස්ථා­නයේ සිදු කළ පැමි­ණි­ල්ලකි.

ඒ පැමි­ණි­ල්ලට පසු­බිම් වූයේ 2006 වසරේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කානු පුර­වැ­සි­යකු ලෙස මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ ව්‍යාපා­ර­ව­ලට සම්බන්ධ වීම සහ තම ද්විත්ව පුර­වැසි භාවය ලබා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් යම් අක්‍ර­මි­කතා සිදු වූ බවට කරන ලද පැමි­ණිලි ද්විත්ව­යකි. ඔවුන්ගේ අර­මුණ එහිදී යම් නීති විරෝධී ක්‍රියා­ව­ලි­යක් සිදු වී ඇත්නම් ඒ සම්බ­න්ධ­යෙන් නෛතික පිය­වර වෙත යොමු කිරි­මය.

මේ ලිපියේ මුලින් සඳ­හන් කරන ලද ආකා­ර­යට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පුර­වැ­සි­කම පිළි­බඳ තවත් විවා­දිත කරු­ණක් මේ අතරේ මතු විය. ඒ තමන් ශ්‍රි ලාංකික ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් ලබා­ගත් බව ඔහු විසින්ම වරක් ප්‍රකාශ කිරී­මය. තමන් සිංග­ප්පූ­රුව බලා ගියේ එම ගුවන් බල­ප­ත්‍ර­යෙන් බව අනා­ව­ර­ණය කළේද ඔහු­මය. එසේ ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් ලබා­ගැ­නී­මද මේ වන විට අති­ශය විවා­දිත කරු­ණක් වී තිබේ.

ආග­මන විග­මන ගවේ­ෂ­ක­යන්ට අනුව ඔහු එම ගුවන් බල­ප­ත්‍රය ලබා ගෙන ඇත්තේ අලු­තින් ලබා­ගන්නා ලද ජාතික හැඳු­නු­ම්ප­තක්ද භාවිත කර­මිනි. එම ක්‍රියා­ව­ලි­යට යම් දේශ­පා­ල­නික හස්ත­යක් පසු­පස සිට උදව් කර­න්නට ඇති බවට දැඩි විශ්වා­ස­යක් ඔවුන් තුළ පවතී. ඒ පිළි­බඳ තව­දු­ර­ටත් ඉදි­රි­යේදි සොය බැලෙනු ඇත. එසේ තිබි­යදී පසු­ගි­යදා ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය ඉවත් කළ පුද්ග­ල­යන්ගේ නම් සහි­තව ඇමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිකුත් කරන ලද ෆෙඩ­රල් නාමා­ව­ලියේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම සඳ­හන් වූයේ නැත. කෙසේ වුවද මේ සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රාජ­පක්ෂ හිත­වාදී කඳ­වුර එය සම­නය කිරීම සඳහා විවිධ ප්‍රචාර ගෙන ගියද, නිල වශ­යෙන් ඔහුගේ මාධ්‍ය ප්‍රකා­ශක මිලින්ද රාජ­පක්ෂ මහතා හෝ පොදු ජන පෙර­මුණ බොහෝ ප්‍රශ්න සම්බ­න්ධ­යෙන් ඉක්මන් ප්‍රති­චාර දැක්වු­වද මේ සම්බ­න්ධ­යෙන් සෘජුව ප්‍රති­චාර දැක්වී­මෙන් වැළකී සිටී.

 

(2019. 08. 11වැනි දින සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරින් සැකසිණි)

Comments