ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් පාරිභෝගික පහසුව | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් පාරිභෝගික පහසුව

ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වඩා ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා පාරිභෝගිකයන්ට ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කර තිබේ. නවීන තාක්ෂණයෙන් හා නව්‍ය සේවා අංගයන්ගෙන් සන්නද්ධ වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිය පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ වාහන සඳහා පූර්ණ ආරක්ෂාව සමග වේගවත් හා පහසු සේවාවක් සපයයි.

මෙම නවතම ප්‍රතිලාභ සමඟින් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට දැන් රු 75,000/- වඩා අඩු හිමිකමි ඇස්තමේන්තු, අළුත්වැඩියා කිරීමේ බිල්පත්, අබලි ද්‍රව්‍ය භාරදීම හා අළුත්වැඩියා කිරීමෙන් පිරික්සුමකින් (ARI) තොරව වැඩකරන පැය 3ක් තුළදී පියවීමේ පහසුව අත්විඳිය හැකි අතර අළුත්වැඩියා කිරීමේ බිල්පත් හා අබලි ද්‍රව්‍ය භාරදීමකින් තොරව රු 500,000/- ට අඩු හිමිකමි ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ පියවීමේ පහසුකම ලබාගත හැකිය.

මෙම සුවිශේෂී නව හඳුන්වාදීමි අතරට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ඔප්පු හිමියන්ට හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන මරණයකදී හෝ පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවයකදී පුද්ගලික භාවිතයේ යොදවන කාර් රථ, ඩබල් කැබි රථ හා ද්විත්ව කාර්ය වාහන සඳහා රු 1,000,000 ක් වටිනා පුද්ගල හදිසි අනතුරු ආවරණයක් ද හිමිවේ.

මෙහි වඩාත් සුවිශේෂී අංගය වන්නේ අනතුරකට පත්වූ අවස්ථාවේදී ඔබ ඉන්නා තැන, නිවැරදිව අප පරිඝණක ජාලයේ සටහන් වීමයි. මෙයින් ඔබ වෙතට වඩාත් ඉක්මනින් අපගේ සහය සේවාව ලබා දීමට හැකියාව ලැබෙයි.

රක්ෂණයේ නියමුවාගේ නවතම ප්‍රතිලාභ අතර තවත් එක් සුවිශේෂී සේවාවක් වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම දුරකථන යෙදුම හරහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අන්තර්ජාල පිවිසුම ඔස්සේ සිය රථවාහන රක්ෂණය අළුත් කරගැනීමේ පහසුව සැලසීමයි. එමෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිටි කාඩි පත් Visa, Master, Amex, Frimi, Genie, eZ Cash iy mcash විකල්ප ගෙවීමේ ක්‍රම භාවිතයෙන් නම්‍යශීලී ගෙවීමි සැළසුමි ලබාගැනීමේපහසුව පාරිභෝගිකයන්ට අත්විඳිය හැකිය.

Comments