සිරියාවේ අයි.එස් බලය සහරාන්ගේ කඳවුරු තුළ පැළවුණු හැටි | Page 2 | සිළුමිණ

සිරියාවේ අයි.එස් බලය සහරාන්ගේ කඳවුරු තුළ පැළවුණු හැටි

 

පාස්කු ඉරිදා ප්‍රහා­රය අයි­එ­ස්අ­යි­එස් වැඩක් යැයි මුලින් කීවත් ඒ ප්‍රහා­රය ගැන විම­ර්ශන පව­ත්වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දැන් සඳ­හන් කරන්නේ එය අයි­එ­ස්අ­යි­එස් වැඩක් නොවන බවකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තොර­තුරු සොයා බලන පාර්ලි­මේන්තු විශේෂ කාරක සභා­වේදී පවා පව­සන්නේ ඒ ප්‍රහා­ර­යට අයි­එ­ස්අ­යි­එස් සම්බ­න්ධ­යක් ඇතැයි කිය­න්නට තරම් පැහැ­දිලි සාක්ෂි නැති බවය.

මෙහිදී පැන­න­ඟින "එසේ නම් පාස්කු ඉරිදා ප්‍රහා­රයේ වග­කීම භාර ගනි­මින් ප්‍රහා­ර­යෙන් දින කිහි­ප­ය­කට පසු අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­නය ප්‍රකා­ශ­යක් නිකුත් කළේ ඇයිද?" යන පැන­ය­ටද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නියා සතුව පිළි­තුරු රැසකි. ඒ එක් පිළි­තු­ර­කින් කිය­වෙන්නේ මල­යා­සි­යාවේ සිටින තුන්වැනි පාර්ශ්ව­යක් මඟින් කෙරුණු ඉල්ලී­ම­කට අනුව අයි­එ­ස්අ­යි­එස් නාය­කයා ඒ ප්‍රකා­ශය කර ඇති බවයි. දෙවැනි පිළි­තුර: අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­නය සැබෑ ලෙසම මේ ප්‍රහා­ර­යට සම්බ­න්ධ­ක­මක් නැති­දැයි නිශ්චි­ත­වම දැන­ගැ­නී­මට විශේෂ පරී­ක්ෂ­ණ­යක් ක්‍රියා­ත්මක කරන බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තු­ව­කට අනුව අම්පාර පොලි­සිය තවත් අන්ත­වාදී සංවි­ධා­න­යක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් නමැති සංවි­ධා­නයේ නැගෙ­න­හිර පළාත් නාය­ක­යාත්, සන්නද්ධ අංශයේ නාය­ක­යාත් අත්අ­ඩං­ගු­වට ගන්නේ මේ අත­ර­තු­ර­දීය. ඒ ඉකුත් සති­යේ­දීය. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් අති­වි­ශේෂ ගැස­ට්ටු­ව­කින් තහ­නම් කළ අන්ත­වාදී සංවි­ධාන තුන අතර මේ සංවි­ධා­නයේ නමද සද­හන්ව තිබිණි. එහෙත් මෙතෙක් කලක් එහි සාමා­ජි­ක­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මක් ගැන ආර­ක්ෂක අංශ­ව­ලින් අසන්න ලැබුණේ නැත. එහි නැගෙ­න­හිර නාය­කයා සහ සන්නද්ධ අංශයේ නාය­කයා අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමග ඒ බව කිය­න්නේද පොලිස් මූල­ස්ථා­නය විසිනි.

මෙතක් කලක් නිර­න්ත­ර­යෙන් නම කියැවු‍ණේ පාස්කු ඉරිදා ප්‍රහා­රයේ මහ මොළ­කරු වන සහ­රාන්ගේ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ පමණි. ආර­ක්ෂක අංශ මඟින් දිගින් දිග­ටම අත්අ­ඩං­ගු­වට ගත්තේ­යැයි කිය­වු­ණේද ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන්ය. එහෙත් ඒ අය අතර ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන්ද සැල­කිය යුතු පිරි­සක්ද සිටි­යහ.

ඒ අය­ගෙන් වැඩි පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගන්නේ යුද හමුදා බුද්ධි අංශය විසිනි. ඒ කාල­යක් තිස්සේ ජමාත් මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ ක්‍රියා­කා­රි­ත්වය ගැන යුද හමුදා බුද්ධි අංශය විසින් ඇස ගසා­ගෙන සිටි බැවිනි. රිෂාඩ් බදි­යු­දීන් ඇමැ­ති­ව­රයා විසින් හමු­දා­පති මහේෂ් සේනා­නා­යක මහ­තාට දුන් ආන්දෝ­ල­න­යට තුඩු­දුන් දුර­ක­තන ඇම­තු­මට පාදක වන්නේද ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ ක්‍රියා­කා­රි­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මකි.

 

ඕළු­විල් සර­ස­වියේ ජමාතේ අනු­ගා­මි­කයෝ

රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර ඒක­කයේ නිල­ධ­රීන්ගේ ඔත්තු­වක් අනුව අම්පාර පොලි­සිය විසින් ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ සන්නද්ධ අංශයේ නාය­ක­යාත් නැගෙ­න­හිර පළාත් නාය­ක­යාත් අත්අ­ඩං­ගු­වට ගන්නේ පසු­ගිය 04 වැනි­දාය. ඒ අම්පා­රේදී සහ කල්මු­ණේ­දීය. සන්නද්ධ අංශ නාය­කයා වන්නේ මොහො­මඩ් ස්මයිල් මොහො­ම්මදු සල්මාන්ය. කහ­ට­ග­ස්දි­ගි­ලියේ සම්ප­ත්ගම පදිං­චි­ක­රු­වකු වන ඔහු ප්‍රබල දේශ­පා­ල­න­ඥ­ය­කුගේ ළඟම ඥාති­යෙකි.

ඕළු­විල්හි පිහිටි අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ලයේ අරාබි පීඨයේ තුන්වැනි වසරේ සිසු­වකු වන ඔහුට සංවි­ධා­නයේ සන්නද්ධ අංශයේ නාය­ක­ත්වය ලැබෙන්නේ සාර්ථක අවි පුහු­ණු­ව­කින් පසු­වය. එම පුහු­ණුව ඔහු ලබා ඇතැයි කියැ­වෙන්නේ ජාතික තවු­හිද් ජමාත් නායක සහ­රාන්ගේ නුව­ර­එ­ළියේ බ්ලැක්පූල්හි පිහිටි පුහුණු මධ්‍ය­ස්ථා­න­යේ­දීය. ටී-56 සහ පිස්තෝල භාවි­තය ගැන මූලික පුහු­ණුව එහිදී ලබා ඇති සල්මාන් වැඩි­දුර පුහු­ණුව ලබා ඇත්තේ හම්බ­න්තොට පිහිටි පුහුණු මධ්‍ය­ස්ථා­න­යේ­දීය. සල්මාන්ගේ පුහුණු උප­දේ­ශක ලෙස කට­යුතු කර ඇත්තේ මොහොඩ් ඊබ්‍රා­හිම් සාදික් අබ්දුල් හක්ය. මාව­නැල්ලේ බුදු පිළි­ම­ව­ලට හානි කිරී­මට නාය­ක­ත්වය දුන්නේද ඔහුය. වනා­ත­වි­ල්ලුවේ පිහිටි පුහුණු කඳ­වුර පව­ත්වා­ගෙන ගොස් තිබුණ්ද ඔහුගේ අධී­ක්ෂ­ණ­යෙනි. ගොවි­පො­ළක් ලෙස පිට­තට පෙනෙ­න්නට පව­ත්වා­ගෙන ගිය ඒ කඳ­වුර යොදා­ගෙන තිබුණේ කැලෑ සටන් පුහු­ණු­ව­ටය. ඒ කඳ­වුරේ පුහු­ණු­කරු සාදික්ගේ සහෝ­ද­ර­යාය. මොහො­මඩ් ඊබ්‍රා­හිම් සාහිඩ් අබ්දුල් හක් නමැති ඔහු සිරි­යා­වට ගොස් දින 58ක අයි­එ­ස්අ­යි­එස් සටන් පුහු­ණුව ලබා මෙර­ටට පැමිණි අයෙකි. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසු කෙරුණු මෙහෙ­යු­ම්ව­ලදී ගම්පොළ පැත්තේ සපත්තු වෙළෙ­ඳ­ස­ලක් තුළ සැගවී සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගන්නේ ඔවුන් දෙදෙ­නා­වය.

 

සල්මාන් අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ලයේ නැටූ නැටුම්

ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යට විශ්ව­වි­ද්‍යාල සාමා­ජි­ක­යන් වැඩි පිරි­සක් බඳ­වා­ගැ­නීමේ අර­මු­ණින් පසු­ගිය සමයේ ඕළු­විල් විශ්ව­වි­ද්‍යා­ලය තුළ දේශන පවා සල්මාන් විසින් සංවි­ධා­නය කර ඇත. ප්‍රධාන දේශ­කයා ලෙස සිසුන්ගේ ඔළු­ගෙඩි අන්ත­වාදී අද­හ­ස්ව­ලින් පුරවා ඇත්තේ සාදික්ය.

සල්මාන් සමග අත්අ­ඩං­ගු­වට ගැණුනු ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ නැගෙ­න­හිර නාය­ක­යාද සාදික් යටතේ නුව­ර­එ­ළිය බ්ලැක්පූල් සහ හම්බ­න්තොට පුහුණු කඳ­වු­රු­ව­ලින් පුහු­ණුව ලැබූ­වෙකි. මොහො­මඩ් උස්නාර් මොහො­මඩ් නවු­ෂාඩ් නමැති ඔහු වාල­ච්චේන ඔට්ට­මා­වඩි අබ්දුල් පාරේ පදිං­චි­ක­රු­වෙකි. අවි පුහු­ණු­වට අම­ත­රව පුපු­රන ද්‍රව්‍ය භාවි­තය ගැනද සාදික් යටතේ ඔහු පුහු­ණුව ලබා ඇති බව සඳ­හන්ය. විශේ­ෂ­ත්ව­යක් වන්නේ නවු­ෂාඩ්ද විශ්ව­වි­ද්‍යාල සිසු­වකු වන බැවිනි. ඔහු නියෝ­ජ­නය කරන්නේ නැගෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ මඩ­ක­ල­පුව පීඨ­යයි.

ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ සැඟ­වුණු ප්‍රබ­ල­යන් දෙදෙ­නකු එසේ අත්අ­ඩං­ගු­වට පත්ව පැය කිහි­ප­යක් යන්නට මත්තෙන් එම සංවි­ධා­නයේ තවත් ප්‍රබ­ල­යකු අත්අ­ඩං­ගු­වට පත් වන්නේ අනු­රා­ධ­පු­ර­යෙනි. ඔහුගේ නමත් සන්නද්ධ නාය­ක­යාගේ නමට මුළු මනින්ම සමා­නය. මොහො­මඩ් ස්මයිල් මොහො­මඩ් සල්මාන් නමැති ඔහු පදිං­චිව සිටියේ අනු­රා­ධ­පු­රයේ ජයන්ති පාරේය. ස්ථිර රැකි­යා­වක් නැති ඔහු විවිධ අධ්‍යා­පා­පන පාඨ­මාලා හදා­ර­මින් සිටි­යෙකි. ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම්හි අනු­රා­ධ­පුර නාය­කයා ඔහුය.

මේ අය අත්අ­ඩං­ගු­වට ගෙන පැය විසි හත­රක් ඉක්ම ගියේ නැත. ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ තවත් ප්‍රබ­ල­යන් රැස­කගේ තොර­තුරු රාජ්‍ය බුද්ධි සේව­යට ගලා එන්නට ගත්තේය. නුව­ර­එ­ළිය බ්ලැක්පූල් සහ හම්බ­න්තොට පුහුණු මධ්‍ය­ස්ථා­න­ව­ලින් සටන් පුහු­ණුව ලැබූ­වන් රැසක් ඒ අතර වූහ. සාදික්ගේ දේශ­න­ව­ලට වහ­වැටී ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යට බැදුණු ඕළු­විල් විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් කිහිප දෙන­කුද ඇතුළු විශ්ව­වි­ද්‍යාල සිසුහු රැසක් ඒ අතර වූහ.

රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ අය හඳු­නා­ග­නි­මින් එකි­නෙකා අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මක් ආරම්භ කරන්නේ අම්පාර පොලි­සි­යේද සහාය ඇති­වය. ඒ අනුව මුලින්ම අත්අ­ඩං­ගු­වට ගන්නේ ඕළු­විල් විශ්ව­වි­ද්‍යාල සිසු­වකු වන මාව­නැල්ලේ සහ­න­ගම පදිං­චිව සිටි මොහො­මදු තාහීර් හිද­ය­තු­ල්ලාය. දෙවැ­න්නාද මාව­නැ­ල්ලේය. වල්පොළ දෙණියේ පදිං­චි­ක­රු­වකු වන ඔහු මුස්තාක් අලි අම්හර්ය. ඔහු යාප­නය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වීමට සුදුසු කම් ලබා සිටි­න්නෙකි. තෙවැන්නා ගෙලි­ඔය කලි­ග­මුවේ මොහො­මඩ් මන්සූර් සෙයි­හුල්ලා හක්ය. රත්න­පුර දිස්ත්‍රික් නාය­කයා වන්නේ ඔහුය.

 

ජන­පති නිවෙස අස­ලින්  හසු වූ ත්‍රස්ත­වා­දියා

මේ තිදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් සීමා නොවූ රාජ්‍ය බුද්ධි සේවයේ නිල­ධා­රීන් ඉකුත් 07 වැනිදා තවත් තිදෙ­නකු අම්පාර පෙලි­සියේ සහාය ඇතිව අත්අ­ඩං­ගු­වට ගත්තේය. එක් අයකු අත්අ­ඩං­ගු­වට ගන්නේ පොලො­න්න­රුවේ කදු­රු­වෙල පිහිටි ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ නිවෙස ආස­න්න­යෙනි. පොලො­න්න­රුවේ දිස්ත්‍රික් නාය­කයා වන ඔහු මොහි­දීන් බාවා මොහො­මඩ් රූම්ය. මොහුත් විශ්ව­වි­ද්‍යාල සිසු­වෙකි. ඒ නාවල විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යේය. දෙවැන්නා මොහෙ­මඩ් රියාද් මොහො­මඩ් සාජිද්ය. ඔහුත් මාව­නැ­ල්ලේය. තෙවැන්නා වර­කා­පොළ තුල්හි­රි­යේය. ඔහු මොහො­මඩ් රම්සි අහ­මඩ්ය. ඔහුද නාවල විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­වෙකි. මේ තිදෙ­නද අවි භාවි­තය ගැන පුහු­ණුව ලැබූ­වෝය.

රාජ්‍ය බුද්ධි සේවයේ තොර­තුරු අනා­ව­ර­ණය කරන ආකා­ර­යට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යට සම්බන්ධ අවි පුහු­ණුව ලැබූ තවත් කිහිප දෙනෙක්ම නිද­හසේ සිටිති. රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර ඒක­කයේ නිල­ධා­රීන් මේ දින­වල සිටින්නේ ඒ අය කවු­රු­න්දැයි පැහැ­දි­ලි­වම හඳු­නා­ගැ­නීමේ මෙහෙ­යු­මක නිරත වෙමිනි.

විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇති ආකා­ර­යට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යද පුළුල්ව රට පුරා ව්‍යාප්ත වූ අන්ත­වාදී සන්නද්ධ සංවි­ධා­න­යකි. මේ සංවි­ධා­නය නියෝ­ජ­නය කරන වැඩි පිරි­සක් උසස් අධ්‍යා­ප­නය ලැබූ­වෝය. රාජ්‍ය බුද්ධි සේව­යේත් හමුදා බුද්ධි අංශ­යෙත් තොර­තු­රු­වල සද­හන්ව ඇති ආකා­ර­යට ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නය නිර්මා­ණය වන්නේ සමාජ ජාලා ඔස්සේ අන්ත­වාදී අද­හස් හුව­මාරු කර­ගත් ඉහළ අධ්‍යා­ප­න­යක් ලද තරු­ණ­යන් පිරි­සක් මගිනි.

එම ජාල­යට විදෙස් අධ්‍යා­ප­නය ලබන මෙරට මුස්ලිම් තරු­ණ­යෝද සම්බ­න්ධව සිටි­යහ. පාස්කු ඉරිදා දෙහි­වල ලැගු­ම්හ­ල­කදී බොම්බ­යක් පුපු­රු­වා­ගෙන මරා­ගෙන මැරුණු අබ්දුල් ලතීෆ් ජමිල් සහ මඩ­ක­ල­පුව සියෝන් දේව­ස්ථා­න­යට මරා­ගෙන ප්‍රහා­රය එල්ල කළ මොහො­ම්මදු අසාත්ද මුල් වක­වා­නුවේ නියෝ­ජ­නය කළේ ජමාත් මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යයි. ගම්පොළ වෙල­ම්බඩ පැත්තේ තේ කර්මාන්ත ශාලා හිමි­ක­රු­ව­කුගේ පුතකු වන ජමිල් අන්ත­වාදී අද­හස් දර­න්නකු බවට පත් වන්නේ එංග­ල­න්ත­යේදී ගුව­න්යානා ඉන්ජි­නේරු උපාධි පාඨ­මා­ලාව සාර්ථ­කව අව­සන් කර පශ්චාද් උපා­ධිය හැදෑ­රී­මට ඕස්ට්‍රේ­ලි­යා­වට ගොස් සිටි­ය­දීය. පශ්චාද් උපාධි පාඨ­මා­ලාව නිම කර 2013 වසරේ මෙර­ටට පැමි­ණෙන්නේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ගොඩ­න­ගා­ගත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යකු බවට පත් වෙමිනි. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ඒ වන විටත් එම සංවි­ධා­නය හා එක්ව දහ­ස­කට වැඩි පිරි­සක් සම්බ­න්ධව සිට ඇත්තේ අන්ත­වා­ද­යේද අන්ත­යට යමිනි.

ඒ අතර සිටි වැඩි පිරි­සක් ජමිල් මෙන් ධන­වත් මුස්ලිම් පවු­ල්වල උගත් තරු­ණ­යෝය. මේ අය දර­න්නට වූයේ අයි­එ­ස්අ­යි­එස් අද­හස්ය. ඔවුන් අයි­එ­ස්අ­යි­එස් මත­වා­දය ව්‍යාප්ත කරන්න වූයේ අර­ග­ල­යක පෙර­නි­මිති පෙන්ව­මිනි. බුද්ධි අංශය මේ අයගේ ක්‍රියා­ක­ලා­ප­යන් ගැන අව­ධා­න­යෙන් සිටි­මින් තොර­තුරු රැස් කර­න්නට ගන්නේ එබැ­විනි. එකී තොර­තු­රු­ව­ලට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ ආර­ම්භක නාය­කයා ලෙස සැල­කෙන්නේ මොහො­මඩ් මුහු­සීන් සෆ්රාස් නිලාම්ය.

 

සිරි­යා­වට ගොස් 2013 වසරේ අගෝස්තු 13 වැනිදා අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­න­යට එක්වූ පළමු ශ්‍රී ලාංකි­කයා වන ඉෂාක් අහ­මඩ් මොහො­මඩ් මුහු­සීන් නිලාම්ගේ වැඩි­ම­හල් සහෝ­ද­ර­යාය. එදා ඔහු ඕමා­න­යට ගොස් තුර්කිය හරහා සිරි­යා­වට ඇතුළු වන්නේ බිරි­යත් දරු­වන් පස් දෙනාත් සම­ගිනි. අද­ටත් ඔහු රැඳී සිටින්නේ සිරි­යා­වේය. ඒ අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­නයේ අධ්‍යා­පන අංශයේ ප්‍රධා­නි­යකු ලෙසය. ඒ වන විට නිලාම් සිටින්නේ අයි­එ­ස්අ­යි­එස් මත­වා­දය සමාජ ජාල ඔස්සේ පතු­ර­ව­මින් ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නය ශක්ති­මත් කර­මිනි. සිය සහෝ­ද­ර­යාගේ අඩි­පාරේ යමින් වැඩි කල් නොගොස් ඔහුද සිය ගැබිනි බිරි­යත් දරු­වන් හය­දෙ­නාත් සිය මවු­පි­යන් සහ බිරි­යගේ මවත් රැගෙන තුර්කිය හරහා සිරි­යා­වට පැන­ග­ත්තේය. ඒ 2015 වසරේ ජන­වාරි 15 වැනි­දාය. මේ ආකා­ර­යට ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ 40කට ආසන්න පිරි­සක් සිරි­යා­වට ඇතුළු වී සිටි­යහ. ඒ අය අතර ජමිල් සමඟ ඕස්ට්‍රෙ­ලි­යා­වේදී අන්ත­වාදී මත සමා­ජ­ගත කර­මින් සිටි­යකු වූ මොහො­මඩ් සුහෙ­යිර් අරූස්ද සිටි­යේය. ඕස්ට්‍රේ­ලි­යා­වේද පුර­වැ­සි­භා­වය හිමි ඔහු සිරි­යා­වට එන්නේ අයි­එ­ස්අ­යි­එස් රෝහ­ලක භෞත චිකි­ත්ස­ක­යකු ලෙසිනි. ඔහු විවාහ වන්නේ ඉෂාක් අහ­මඩ්ගේ දිය­ණි­යක සම­ගිනි.

සිරි­යාවේ සිටි­යද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නිලාම් අයි­එ­ස්අ­යි­එස් මත­වා­දය වපු­ර­ව­මින් ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නය පෝෂ­ණය කර ඇති බව සඳ­හන්ය. ඊට නැව­තීමේ තිත තැබෙන්නේ 2015 වසරේ ජූලි 11වැනිදා ඇම­රි­කානු ගුවන් හමු­දාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහා­ර­ය­කින් නිලාම් මරු­මු­වට පත් වන බැවිනි. ඔහු ඉති­හා­ස­යට එක්ව ඇත්තේ සිරි­යා­වේදී මරු­මු­වට පත් වූ ප්‍රථම ශ්‍රී ලංකික අයි­එ­ස්අ­යි­එස් ත්‍රස්ත­වා­දියා ලෙසිනි.

එදා නිලාම් සමග ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ තවත් සාමා­ජි­ක­යන් දෙදෙ­නකු සිරි­යා­වට ඇතුළු වීමට තුර්කි­යට ගොස් තිබිණි. ඒ පකීර් ඉමාඩ් සිද්ධි ෂාම් නමැ­ත්තෙක් සහ ජමිල්ය. එදා නිලාම් සිය පවුලේ සාමා­ජි­ක­යන් සමග සිරි­යා­වට රිංගු­වත් ජමිල්ට සහ ඉෂාඩ්ට තුර්කි­යෙන් එහාට අඩි­ය­ක්වත් තබ­න්නට ඉඩක් නොවීය. ඔවුන් ආපසු හැරී එන්නේ ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නය මෙරට ශක්ති­මත් කිරී­මට සිතා­ගෙ­නය. බුද්ධි අංශ හෙළි කරන ආකා­ර­යට අනුව ඉෂාඩ්ගේ මව යුරෝ­පීය රටක මෙරට තානා­පති කාර්යා­ල­යක වීසා අංශයේ සේවයේ නිර­තව සිටි තැනැ­ත්ති­යකි. ඉෂාඩ් සහ නිලාම් මිතු­රෝය. ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නය සමග ඉෂාඩ් සම්බන්ධ වන්නේ නිලාම් සමග ඇති ඒ සම්බ­න්ධ­කම නිසාය. ඔහු දැන් සිටින්නේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස භාර­යේය. ඒ පාස්කු ප්‍රහා­ර­යෙන් පසු හමුදා බුද්ධි අංශය විසින් කළ මෙහෙ­යු­මට හසු වුණු ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ ක්‍රියා­කා­රි­ක­යන් අතර ඔහුද සිටින බැවිනි.

බුද්ධි අංශ තොර­තු­රු­ව­ලට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­නයේ න්‍යායා­චා­ර්ය­ව­රයා ලෙස කට­යුතු කර ඇත්තේ පන්නල පැත්තේ පදිං­චි­ක­රු­වකු වන ඊබ්‍රා­හිම් නවු­ෆර් නමැති මවු­ල­වි­ව­ර­යෙකි. මේ වන විට ඔහුද සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්මේ­න්තු­වට කොටු වුණු සහ­රාන්ගේ ගෝල­බා­ල­යන් රොත්ත අත­රය.

ඒ වන විට සහ­රාන් සිට ඇත්තේ කාත්ත­න්කු­ඩිය කේන්ද්‍ර කර­ග­නි­මින් ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නය හරහා අයි­එ­ස්අ­යි­එස් මත­වා­දය පතු­ර­ව­මිනි. 2011 වසරේ සිට කාත්ත­න්කු­ඩියේ ක්‍රියා­ත්මක වූ සහ­රාන්ට කාත්ත­න්කු­ඩිය අත්හැර යන්නට සිදු වන්නේ 2017 මාර්තු 10 වැනි­දාය. ඒ අන්ත­වා­ද­යේද අන්ත­වා­ද­යට යෑම හේතු­වෙන් සහ­රාන් කාත­න්කු­ඩි­යෙන් පන්නා­දැ­මී­මට ඔහු­ගේම සග­යන් පිය­වර ගත් බැවිනි. ජමාතේ මිල්ලතේ ඉබ්‍රා­හිම් සංවි­ධා­න­යට සහ­රාන් රිංගන්නේ ඒත් එක්ක­මය.

Comments