රගර් ක්‍රීඩ­ක­යාගේ මර­ණයේ සාක්ෂි සැඟවූ වෛද්‍ය සංගම් ලොක්කා | Page 3 | සිළුමිණ

රගර් ක්‍රීඩ­ක­යාගේ මර­ණයේ සාක්ෂි සැඟවූ වෛද්‍ය සංගම් ලොක්කා

ගර් ක්‍රීඩා තරු­වක් වූ වසීම් තාජු­ඩීන්ගේ අබි­ර­හස් ඝාත­නය ගැන පරී­ක්ෂණ රැසක්ම සිදු වූ බව අප රටේ කාට­වත් රහ­සක් නොවේ. ඒ සුපිරි ක්‍රීඩ­ක­යාගේ මර­ණ­යට එව­කට රටේ සිටි ප්‍රධාන පුර­වැ­සි­යන්ගේ පවුලේ අයගේ සම්බ­න්ධ­යක් තිබූ බව කතා බහට ලක් විය. එම පවුලේ බල­යට සමී­පව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අනුර සේනා­නා­යක මේ සිද්ධීන් ගැන වුව­ම­නා­වෙන් තොර­තුර වසන් කළ බවට අධි­චෝ­ද­නා­වට ලක් විය.

වර්ෂ 2012 මැයි මස 17 වැනි දා මේ දක්ෂ රග්බි ක්‍රීඩ­කයා කොළඹ 05, නාරා­හේ­න්පිට පාරේ ශාලිකා හෝට­ලය අසල පිලිස්සී ගිය තමන්ගේ මෝටර් රථයේ සිටි­යදී සොයා ගනු ලැබීය. ඒ කාලයේ සමා­ජය වසා­ගෙන පැතිරී තිබූ භීෂ­ණය මේ සිද්ධි­යෙන් වඩාත් ඉස්මතු විය. බිහි­සුණු සැක­යට තුඩු දුන් තාජු­ඩීන්ගේ මර­ණය රිය අන­තු­රක් ලෙස නාරා­හේ­න්පිට පොලි­සිය වර්ගී­ක­ර­ණය කළේය. එහෙත් එම මර­ණය ගැන විවිධ කට­කතා පැතිර ගියේ ය. පාලක රාජ­පක්ෂ පවුලේ පුතුන් ‍තිදෙනා­ගේම ජන­ප්‍රි­යම ක්‍රීඩාව වූ රග්බි ක්‍රීඩාවේ තරු­වක් වූ තාජු­ඩීන්ට අකල් මර­ණ­යක් පැමි­ණීම රටක් සැක කළ අබි­ර­හ­සක් විය.

වසර තුන­කට පසු රාජ­පක්ෂ පාල­නය බිඳ වැටු­ණේය. ඒ පිළි­බඳ පසුව කෙරුණු විධි­මත් විද්‍යා­ත්මක පරී­ක්ෂණ වර්තා සහ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වූ ශාක්ෂි මත එය මිනී­මැ­රු­මක් බව පෙනී යන්නේ යැයි මුල් වරට අධි­ක­ර­ණය තීර­ණය කළේය. ඒ 2016 වසරේ පෙබ­ර­වාරි මාස­යේ­දීය. කොළඹ අති­රේක දිසා විනි­සුරු නිශාන්ත පිරිස් ඒ තීන්දුව ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු රහස් පොලි­සි­යට නියෝග කළේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අදාළ වන සිය­ලුම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසය. එහෙත්

පරී­ක්ෂ­ණ­යෙන් වසර 4ක ඇවෑ­මෙන් සිද්ධිය ආව­ර­ණය කිරී­මට උත්සාහ දැරූ එක් අයෙ­කු­වත් නීති­යට කොටු වී තිබුණේ නැත.

වර්ෂ 2012 සිදු වූ මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ල වූ පළමු තැනැත්තා ලෙස නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අනුර සේනා­නා­යක අධි­චෝ­ද­නා­වට ලක් විය.

වර්ෂ 2017 ජූනි 27 වැනි දා අධි­චෝ­දනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සේනා­නා­යක දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ 198 වැනි වග­න්තිය යටතේ කොළඹ ඉහළ අධි­ක­ර­ණ­යේදී චෝද­නා­වට ලක් විය. ඒ එම සුපිරි රග්බි ක්‍රීඩ­ක­යාගේ මර­ණය සම්බන්ධ සාක්ෂි සඟවා එම ඝාත­නය රිය අන­තු­රක් ලෙස ව්‍යාජ තොර­තු­රු­ව­ලින් වසා දැමී­මට උත්සාහ කිරීමේ චෝද­නා­වට ලක්වය. සේනා­නා­ය­කගේ නඩුව ඔක්තෝ­බ­රයේ ආරම්භ වීමට නිය­මිත ය.

සේනා­නා­ය­කගේ අධි­චෝ­ද­නාව ගොනු කර තිබි­යදී, ජූනි 28 දා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කීවේ තාජු­ඩීන්ගේ මර­ණය ගැන තව­දු­ර­ටත් පරී­ක්ෂණ කර­ගෙන යන බවය. අන­තු­රුව රගර් ක්‍රීඩ­ක­යාගේ මර­ණ­යට අධි­චෝ­දනා ලැබූ තවත් අය­කුගේ විස්තර කර­ළි­යට ආවේය.

ඒ කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිල­ධාරි මහා­චාර්ය ආනන්ද සම­ර­සේ­ක­රය.

කලක් රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මයේ සභා­ප­ති­ව­රයා ලෙසින් ද කට­යුතු කළ ඔහු මෙරට වෛද්‍ය ප්‍රජාව වෙනු­වෙන් වාත්තීය නියෝ­ජ­න­යක් කළ චරි­ත­යකි. පසුව රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මයේ දැඩි දෝෂ දර්ශ­න­යට ලක්වූ මාලඹේ සයි­ටම් පෞද්ග­ලික වෛද්‍ය විද්‍යා­ල­යයේ උප­කු­ල­පති තන­තු­රට පත් වන්නේද ඔහුය. වර්ෂ 2017 දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඔහු අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය. තාජු­ඩීන්ගේ මරණ පරී­ක්ෂ­ණය සිදු කරන අතර සාක්ෂි විනාශ කිරීම ගැන ඔහුට චෝදනා එල්ල විය.

හැව්ලොක් රග්බි නාය­ක­යාගේ මර­ණය සිදු වන විට සම­ර­සේ­කර කොළඹ ප්‍රධාන අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා ලෙස සේවය කළේ ය. ඔහු පරී­ක්ෂණ සිදු කරන අත­ර­තුර තාජු­ඩීන්ගේ ඇතැම් ශරීර කොටස් වුව­ම­නා­වෙන්ම ඉවත් කර මාලඹේ පිහිටි සයි­ටම් පෞද්ග­ලික වෛද්‍ය විද්‍යා­ල­යට රැගෙන ගොස් ඇති බව අනා­ව­ර­ණය විය. 2015 වස­රේදී තාජු­ඩීන් ඝාත­නය කර ඇති බව නිවේ­ද­නය කිරී­මෙන් අන­තු­රුව වෝහා­රික විශේ­ෂ­ඥ­යන් තිදෙ­නකු සහ­භාගි කර­ගෙන තාජු­ඩීන්ගේ මර­ණය පිළි­බඳ නව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙස විනි­සු­රු­ව­රයා නියම කළේ ය‍. ඒ පරී­ක්ෂ­ණ­යේදී වින්දි­ත­යාගේ පපු පෙදෙසේ අස්ථි කොට­සක්, උගුරු දණ්ඩ සහ තවත් අස්ථි කොටස් දෙකක් ශිල්පීය ක්‍රම­ය­කට ශරී­ර­යෙන් කොට­ස්ව­ලින් ඉවත් කර අතු­රු­දන් කර තිබිණි.

දෙවැනි වරට පැවැත්වූ මරණ පරී­ක්ෂ­ණ­යේදී ද අනා­ව­ර­ණය වූයේ තාජු­ඩීන් මරා දැමී­මට පෙර ඔහුට දරුණු වධ­හිංසා සහ පහ­ර­දී­ම්ව­ලට ලක් කර ඇති බවය. ඔහුගේ සිරුරේ ගැඹුරු සහ තියුණු කැපීම් සහ හිසේ කකු­ල්වල, පපුව ආශ්‍රිත ප්‍රදේ­ශ­වල බහු­විධ තුවාල දක්නට ලැබි­ණැයි වාර්තා විය.

එසේ වුවද මේ සුපිරි රගර් ක්‍රීඩ­ක­යාගේ මර­ණය ගැන නිකුත් කර ඇති වාර්තාවේ විසං­වා­ද­යන් බහු­ලව දක්නට ලැබේ‍. සම­ර­සේ­ක­රගේ වාර්තා­වට අනුව ක්‍රීඩ­ක­යාගේ මර­ණ­යට හේතු වී ඇත්තේ කාබන් මොනො­ක්ස­යිඩ් විෂ වීමය. රිය අන­තු­ර­කදී වාහ­න­යක් ඇතු­ළත කොටු වූ අයෙ­කුට නම් මේ කාර­ණාව සත්‍ය­යකි. කෙසේ වෙතත් දෙවැනි මරණ පරී­ක්ෂ­ණ­යේදී මර­ණ­යට හේතුව මොට ආයු­ධ­ව­ලින් පහ­ර­දීම නිසා ඇති වූ බහු­විධ තුවාල සහ ගින්නේ බල­පෑම බවට නි‍ගම­නය කෙරිණි. මේ සියලු විද්‍යා­ත්මක සාක්ෂි තහ­වුරු කරන්නේ තාජු­ඩීන්ට පහ­රදී ඝාත­නය කර ඇති බවය.

දෙවැනි වරට පැවැත්වූ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී සිදු කෙරුණු නිරී­ක්ෂණ මෙසේ දක්වා තිබිණි. “ඉහත දක්වා ඇති සියලු නිරී­ක්ෂණ සහ අද­හස් සලකා බලන විට මර­ණය සිදු වී ඇත්තේ ඒ කියන පරිදි වාහ­නය පදවා ගෙන යන විටදී නොවේ. දුබ­ල­තා­වට පත් කරන ලද අයකු වෙනත් කෙනෙකු විසින් මඟී ආස­නයේ සිටු­ව­න්නට ඇති බව පෙනී යයි.”

ඒ අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යෙන් අන­තු­රුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහා­චාර්ය සම­ර­සේ­ක­රගේ පුහුණු කිරීමේ වෛද්‍ය බල­ප­ත්‍රය අව­ලංගු කෙරු­වේය. ගැට­ලුවේ තත්ත්වය සලකා බැලූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ සම්බන්ධ පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට තීර­ණය කළේ ය.

තාජු­ඩීන්ගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන අව­ස්ථා­වේදී එය කළ බව කියන වෘත්ති­ක­යන් ඒ සඳහා අනු­ග­ම­නය කළ යුතු සහ කලින් එවැනි අව­ස්ථා­වක භාවිත කර ඇති කිසිදු ආකා­ර­යක විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කර නැති බව එම කමි­ටුව තීර­ණය කළේ ය.

දීර්ඝ පරී­ක්ෂ­ණ­ය­කින් අන­තු­රුව ශ්‍රි ලංකා වෛද්‍ය සංග­මය වෙනු­වෙන් පෙනී සිටි­මින් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් හමුවේ වරක් කරුණු ඉදි­රි­පත් කළ නීති­ඥ­ව­රිය තාජු­ඩීන්ගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් සිදු කළ යුතු අධි­ක­රණ වෛද්‍ය විද්‍යා පරී­ක්ෂ­ණ­යේදී රටේ පළ­පු­රුදු සහ ප්‍රවීණ වෛද්‍ය­ව­ර­යකු ලෙසින් නමක් දිනා­ගෙන සිටි වෛද්‍ය සම­ර­සේ­කර නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරීම, එම මළ සිරුරේ අස්ථි කොටස් අස්ථා­න­ගත කිරීම සහ වග­කී­මෙන් තොරව ක්‍රියා කොට සේවය පැහැර හැරීම කර ඇති බව ප්‍රකාශ කළාය. තාජු­ඩීන්ගේ ප්‍රශ්න­යේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ ලියා­ප­දිංචි වී සිටින සිය­ලුම වෛද්‍ය­ව­රුන් සහ දන්ත වෛද්‍ය­ව­රුන් අනු­ග­ම­නය කරන ආචාර ධර්ම මහා­චාර්ය සම­ර­සේ­කර විසින් අනු­ග­ම­නය කර නැතැයි ද හෙළි විය. සිය වෘත්තීය සග­ය­න්ගෙන් ලැබුණු සහාය ද ඇතිව මිනී­මැ­රු­මක් ආව­ර­ණය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෙහිදී බර­ප­තළ ගැටලු නිර්මා­ණය විය. තාජු­ඩීන්ගේ මිනී­මැ­රුම් නඩුවේ දෙවැනි විත්ති­කරු ලෙස මහා­චාර්ය සම­ර­සේ­කර නඩු­වට මුහු­ණ­දෙන බව නඩුව භාරව කට­යුතු කරන නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ඩිලාන් රත්නා­යක කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් වෙත ප්‍රකාශ කරන්නේ එසේය.

පසු­ගි­යදා අධි චෝදනා එල්ල වූ වෛද්‍ය සම­ර­සේ­කර තාජු­ඩීන්ගේ සිරුරේ බාහිර සහ අභ්‍ය­න්තර අස්ථි කැඩීම් සිදු වූයේ කෙසේද යන්නත්, වීදුරු සිරු­රට ඇනී තිබූ ආකා­රය පිළි­බ­ඳව අධි­ක­රණ වෛද්‍ය වාර්තාවේ සඳ­හන් නොවී­මත්, රගර් ක්‍රිඩ­කයා ගමන් කළ WP KG6543 වාහ­නයේ නිරී­ක්ෂණ සට­හන් සහිත වාර්තා විම­ර්ශන නිල­ධා­රි­යාට ලබා දී තිබු­ණද ඒවා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොකි­රී­මත්, පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ සෙසු අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රීන්ට බල­පෑම් සහ තර්ජ­නය කර සට­හන් යොදා ගනී­මත්, ඥාතීන්ට දැනුම් නොදී මෘත දේහ කොටස් ඉවත් කිරීම සහ දණ්ඩ නීති සංග්‍ර­හයේ 198 වැනි වගන්ති ප්‍රකා­රව සාක්ෂි වෙනස් කිරීම හා සාක්ෂි විනාශ කිරීමේ වර­දත් සිදු කර ඇති බවට ඔහු චෝදනා ලබා ඇත. පරී­ක්ෂණ සිදු වන ආකා­ර­යට හත් අවු­රු­ද්ද­කට පසුව හෝ තාජු­ඩීන් ඝාත­න­යට විස­ඳු­මක් ලැබෙනු ඇතැයි රටේ ජන­තාව බලා­පො­රොත්තු වෙති.

Comments