බොරු කියන්නේ කේලාම් කියන්නේ ශ්‍රද්ධාව දුර්වල නිසා | සිළුමිණ

බොරු කියන්නේ කේලාම් කියන්නේ ශ්‍රද්ධාව දුර්වල නිසා

අද  අපි සාකච්ඡා කරන්නේ අංගු­ත්තර නිකායේ සත්තක නිපා­තයේ සඳ­හන් වන  ඉතාම වටිනා සූත්‍ර දේශ­නා­වක් වන සංඛිත්ත සත්ත බල සූත්‍ර­යයි.

සංඛිත්ත කියලා කියන්නේ කෙටි­යෙන් කියන අද­හ­සයි. සප්ත බල කියලා කියන්නේ බල ධර්ම හතක් පිළි­බඳ හැඳි­න්වෙන සූත්‍ර­යයි. බල ධර්ම කියන්නේ කායික බලය කිව්වාම අපි කාටත් තේරෙ­නවා කාය බලය; කාය ශක්තිය. කාය ජවය යම් කෙ‍ෙන­කුට තියෙ­නවා නම් ඒ අයට කයින් කළ යුතු දේ ඉතා හොඳින් කර­න්නට හැකි­යාව, ශක්තිය තියෙ­නවා.

ඒ වගේ බුද්ධ සාස­නයේ ඉගැ­න්වෙ­නවා බල ධර්ම හතක් බවට පත් කර­ ගත යුුතු ගුණ ධර්ම හතක්. ඒ හතට තමයි සත්ත බල කියලා කියන්නේ. මේ බල වච­නයේ තේරුම ප්‍රති­පක්ෂ ධර්ම මැඬ­ල­නවා කියන අර්ථ­යයි. ඒ කියන්නේ විරුද්ධ දේවල් කියන අද­හ­සයි. මෙහි සඳ­හන් වන පළමු වැනි බලය වෙන්නේ ශ්‍රද්ධා බල­යයි. ශ්‍රද්ධාව බල­යක් වෙන්නේ කොහො­මද ? අපේ හිතේ තියෙ­නවා අනා­දි­මත් කාල­යක සිට පැවැත එන අශ්‍ර­ද්ධාව කියන කෙලෙස්. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති ක්ලේශ­යයි. ඒ නිසාම තමයි සම­හර අව­ස්ථා­ව­ලදි කයින් පව් ක­රන්න පෙල­ඹෙන්නේ. එයට හේතුව ශ්‍රද්ධාව තියෙ­නවා නම් අපි කර්මය අද­හ­නවා. ඒ වගේම කර්ම ඵලය අද­හ­නවා. කර්ම­යයි කර්ම ඵල­යයි දෙකම අද­හ­නවා. අපි කර්මය, කර්ම ඵලය ගැන දන්නවා.

පව් කියන්නේ මොන­වා ද.. පව්වල විපාක මොන­වා ද කියලා අපි දන්නවා. ඒක වාස­නා­වක්. නමුත් අපි අවා­ස­නා­ව­කට ඒ දැනු­මත් පවට පත් කර­ගෙන තිය­නවා. අපට තියෙන්නේ ඒ පිළි­බඳ අව­බෝ­ධ­යක් නොවෙයි; එය බාහි­රින් තියන විෂ­යා­නු­බද්ධ දැනු­මක් විත­රයි. ඒ නිසා තමයි අපි කයින් පව් ක­රන්න ඉගෙන ගන්නේ.

ඒ නිසයි ශ්‍රද්ධාවේ දුර්ව­ලතා නිසා බොරු කියන්නේ; කේලාම් කියන්නේ; පරුෂ වචන කියන්නේ; වරෙක හිස් වචන කියන්නේ. අශ්‍ර­ද්ධාව නිසයි තමන් සතු වස්තු­වට අධික ලෙස ආස කරන්නේ; එයට අභි­ජ්ජාව කියල කිය­නවා. ඒ අශ්‍ර­ද්ධාව ඉස්මතු වෙන අව­ස්ථා­වක තමයි එය සිදු වෙන්නේ.

ඒ වගේම ව්‍යාපා­දය ඇති කර­ගන්නේ අශ්‍ර­ද්ධාව ඉස්මතු කර­ගත් අව­ස්ථා­වක. පින් පව් පිළි­බඳ ව; එහි ප්‍රති­වි­පාක පිළි­බඳ ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ සම­හර වෙලා­වට ඒ අශ්‍ර­ද්ධාව ඉස්මතු වෙන අව­ස්ථා­ව­ලදීයි. මේ අශ්‍ර­ද්ධාව කියන දේ පටන් ගන්න තැනක් නොපෙ­නෙන තරම්. එය සංසා­රයේ සිට පැවැත එන්නක්.

ඒ ක්ලේශ බලය යට­පත් කර­න්නට ඊට වඩා බල­යක් යොද­න්නට ඕන. අශ්‍රද්ධා කියන කෙලෙස් බලය නැති කර­න්නට, ඒ බලය දුර්වල කර­න්නට, ඒ බල­යට පහර දෙන්නට, ඒ බලය වන­සලා දාන්නට දියුණු කළ යුතු බලය වෙන්නේ ශ්‍රද්ධා බල­යයි. ශ්‍රද්ධා බලය කියන්නේ; ඇද­හීම, විශ්වාස කිරීම, පිළි­ගැ­නීම, සැක නොකි­රීම කියන අද­හ­සයි කියලා අපි කලින් සඳ­හන් කළා.

කෙන­කුට හිතෙන්න පුළු­වන් බුදු දහම අද­හන ධර්ම­යක් නොවෙයි කියලා. වෙනත් දේව­වාදි ආගම් තමයි අද­හන්නේ කියලා සම­හර විය­තුන් කිය­නවා. ඒ වුණත් මොහො­තක් සිතන්න ඔබ යම් කෙනෙක් දැඩිව විශ්වාස කර­නවා නම් ඒ කෙනා පව් කරන්නේ නැති; නරක වැඩ කරන්නේ නැති කෙනෙක් කියලා.

ඒ ඔබ විශ්වාස කරන්නේ ස්වාමි­පු­රු­ෂයා නම් ඔහු සම­හර විට මත්පැන් පානය කරන්නේ නැහැ; වැරදි දුරා­චාර ආදී වැරදි හැසි­රීම නැහැ කියලා අද­හ­නවා, විස්වාස කර­නවා ඇති. ඒත් යම් දිනක දැන­ග­න්නට ලැබෙ­නවා මේ තැනැත්තා ඒ වැරදි කර­නවා කියලා; එදා අපිට විශ්වා­සය බිඳ වැටෙ­නවා විත­රක් නොවෙයි, විශ්වාස කරපු කාලය පිළි­බඳ ව හිතෙ­න­කො­ටත් හිතට තර­හක්, ද්වේශ­යක් එනවා.

මම මේ තර­ම්කල් මේ කෙනා විශ්වාස කළා, නමුත් මෙහෙම කෙනෙක් කියලා මම දැන­ගෙන හිටියේ නැහැනෙ කියලා. අපි සත්‍ය ජිවි­තයේ දී කැමැති සත්‍ය වූ දෙයක් අද­හන්න විශ්වාස කරන්න පම­ණයි.

අසත්‍ය දේ අද­හන්න විශ්වාස කරන්න අපි සාමාන්‍ය ජීවි­ත­යේ­දීත් කැමැති නැහැ. ඒ අනුව පෙනෙ­නවා ශ්‍රද්ධාව ඇති කර­ග­න්නට ඕන සත්‍ය වු දෙයක් කෙරෙහි පම­ණයි; ඇත්තට පව­තින්නා වූ කෙරෙහි පම­ණයි කියලා. බුදු දහම ද සුදුසු වෙනත් දේව­වාදී ආගම් ද කියලා අපි තේරුම් ගත යුතුයි.

ඒ කියන්නේ ලෝකයේ උග­න්වන පරම සත්‍ය බුදු දහ­මයි අපි උගත යුතු වන්නේ. විශ්වාස කළ යුතු ධර්මය එයයි. විශ්වාස කළ යුතු ධර්මය පිළි ගත­ යුතු ධර්මය විශ්වා­ස­යට, පිළි­ගැ­නී­මට භාජ­නය කර­න්නට ඕන එයයි. අපි බුද්ධ, ධම්ම, සංඝ යන කර්මය කර්ම ඵල ඇද­හී­මට කියන්නේ ශ්‍රද්ධාව කියලා.

ඒ ශ්‍රද්ධාව හරි­යට දියුණු වීමට නම් බුදු ගුණ, දම්ගුණ, සඟ ගුණ, කර්මය, කර්ම ඵලයේ ගුණ ඉගෙන ගන්නට ඕන. ඒව­ගේම කුසල අකු­සල කර්ම පිළි­බඳ ද බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන මෙන්ම කර්මය පිළි­බඳ සහ කර්ම විපා­ක­යන් කියන මෙන්න මේ කාරණා පහ අද­හ­නවා නම්, විස්වාස කර­නවා නම්, පිළි­ග­න්නවා නම්, සැක කරන්නේ නැති­නම් එයට අපි කියන්නේ ශ්‍රද්ධා කියලා.

ඒ වච­නයේ තේරු­මත් ඇද­හීම, විශ්වාස කිරීම කියන අර්ථ­යයි. කෙන­කුට හිතෙන්න පුළු­වන් බුදු දහම අද­හන ධර්ම­යක් නොවෙයි; වෙනත් දේව­වාදී ආගම් තමයි අද­හ­න්නට ඕන කියලා ඔබට හොඳින් තේරුම් ගන්නට හැකි­යාව ලැබෙ­නවා. මෙයයි පරම සත්‍යය, එයයි අද­හ­න්නට ඕන ධර්මය.

විශ්වාස කර­න්නට ඕන ධර්මය සත්‍යයි. බුද්ධ, ධම්ම, සංඝ කර්මය, කර්ම ඵලය කියන කාරණා පහ ඇද­හී­මට පිළි­ගැ­නී­මට කියන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හරි­යට දියුණු කර­මින් බුදු­ගුණ, ධම් ගුණ, සඟ ගුණ අපි ඉගන ගන්නට ඕන; සංඝ­ර­ත්නයේ ගුණ ඉගන ගන්නට ඕන; කුසල අකු­සල කර්ම ඉගන ගන්නට ඕන; කුසල අකු­සල කර්ම විපාක ගැන ඉගෙන ගන්නට ඕන.

ඉගෙ­නී­මෙන් තමයි අපිට නිවැ­රදි ශ්‍රද්ධා ව ඇති කර­ගැ­නී­මට හැකි­යාව ලැබෙන්නේ. අඩු තර­මින් දින­කට පුංචි වෙලා­වක් වෙන් කර­න්නට ඕන ශ්‍රද්ධාව වර්ධ­න­යට. එය වර්ධ­නය කරන්නේ කොහො­මද ? එය කළ හැකි­වන්නේ බුදු ගුණ මෙනෙහි කිරී­මෙන්. නැති­නම් දම් ගුණ, සඟ ගුණ සිතීම නැත­හොත් තම සීලය ගැන සිතී­මෙන්. මේ හත­රින් තමයි ශ්‍රද්ධාව වර්ධ­නය වන්නේ. එසේ නොමැති නම් ශ්‍රද්ධාව වර්ධ­නය වෙන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කර­මින් ශ්‍රද්ධාව වඩ­න්නට ඕන. මෙයින් තමයි ශ්‍රද්ධාව වර්ධ­නය වන්නේ.

බුදු ගුණ ගැන සඳ­හන් කළ­හොත් අඩු­ත­ර­මින් තථා­ග­ත­යන් වහ­න්සේගේ එක් බුදු ගුණ­යක් අරන් ඒ ගැන සිත­න්නට පුළු­වන්. අර­හත් බුදු ගුණය අපිට නිතර මෙනෙහි කර­න්නට පුළු­වන්.

එනම් සියලු කෙලෙ­සු­න්ගෙන් දුරු වූ සේක සියලු; කෙලෙස් සතු­රන් නැසූ සේක. සංසාර චක්‍ර­යෙහි කෙලෙස් සිඳලු සේක; ආමිස ප්‍රති­පත්ති පූජා­වන්ට සුදුසු වන සේක; රහ­සි­න්වත් පව් නොකළ සේක; භාග්‍ය­ව­තුන් වහන්සේ අර­හත් වන සේක. මෙය සිය­ව­තා­වක් මෙනෙහි කර­න්නට ඕන. මෙය හුඟක් සාර්ථ­කයි; ශ්‍රද්ධාව වර්ධ­නය කිරී­මට. භාවනා කරන විදි­හට වාඩි වෙලා මෙය මෙනෙහි කිරී­මට වුණත් පුළු­වන්.

එසේ අමාරු නම් පුටු­වක් උඩ වාඩි වෙලා මෙය මෙනෙහි කර­න්නට ඕන; නැති­නම් ඇඳක හාන්සි­වෙලා ඉන්න වෙලා­වක; වෙනත් කට­යුතුවල නිරතවෙලා ඉන්න වෙලා­වක හෝ මෙය කර­න්නට පුළු­වන්. එයින් පුදුම ආකා­ර­යට ශ්‍රද්ධාව දියුණු වෙනවා.

කාල­යක් මෙනෙහි කරන කොට අපිට තේරෙ­නවා, අපි ශාස්තෘෘන් වහන්සේ සමඟ ඉන්නවා වගේ; බුදු­ර­ජා­ණන් වහන්සේ තමන් ඉදි­රි­පස ඉන්නවා වගේ දැනිලා ඒ අකු­ස­ල­යෙන් මිඳි­මට හැකි­යාව ලැබෙ­නවා. එප­ම­ණක් නොවෙයි, ඇතැම් අයට උප­තින්ම වගේ පිහි­ටලා තියෙ­නවා අවා­ස­නා­වන්ත බවක්. ඒ අවා­ස­නා­වන්ත බව නැති කර­න්නට පුළු­වන් මහා අනර්ඝ දෙයක් තමයි බුද්ධා­නු­ස්ස­තිය වැඩීම.

මාස තුන හත­රක් පුරුදු පුහුණු කර­න­කොට තමන්ගේ වාසනා ගුණය ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා බහු­ලව ලබන්න හේතු වෙනවා. ඒ නිසා ආද­ර­යෙන් ගෞර­ව­යෙන් යුතු ව පුරුදු පුහුණු කර­න්නට ඕන

ඒ තුළින් ඔබේ ශ්‍රද්ධා බලය වර්ධ­නය කිරී­මට හැකි­යාව ලැබෙ­නවා. අපි බලමු අනෙක් බලය මොකක්ද කියලා, එනම් වීර්යය නැමැති බලය. අපි මුදල් හොයන්න වීර්යය කර­නවා, ඉගෙන ගන්න, රැකී­රක්ෂා කරන්න වීර්යය කර­නවා. ආවාහ විවාහ කර­ගන්න ඇති කර­ගත්ත අය පවුල් ජීවි­තය සාර්ථ­කව නඩත්තු කර­ගෙන යන්න වීර්යය කර­නවා. කොච්චර වීර්යය කර­නවා ද? ඒවා වීර්යය තමයි.

ඒ වුණත් මෙතන කතා කරන්නේ ඒවා ගැන නොවෙයි. මෙතන විර්යය කියන්න ධර්ම­යක් පිළි­බ­ඳ­වයි. ඒ වුණාට ඒ ගුණ ධර්ම හත­රක් තියෙ­නවා; ඒවාට කියන්නේ කෘත්‍ය කියලා. කෘත්‍ය වශ­යෙන් ගත්තාම මොන­වාද මෙයින් කරන ගුණ ධර්ම. තමන් තුළ නැති අකු­සල් ඇති නොවී­මට පරි­ස­රය සකස් කර­නවා. දෙවැනි දේ පව­තින අකු­සල්, දුශ්ශී­ල­කම්, වෛරය, දුරා­චා­රය, බොරු කීම වැනි පව­තින දේ නැති කර­ගන්න පුළු­ව­න්කම හැදෙන්නේ වීර්යය කියන ගුණය වැඩී­මෙන්. තුන්වැනි ක්‍රියාව තමන් තුළ නැති කුසල ධර්ම ඇති­කර ගැනී­මට උප­කාරී වීම. මල් පහන් පුජා කරන්නේ නැති මවුපි­යන්ට නොස­ලකා සිටීම වැනි ගුණ ධර්ම වර්ධ­නය කිරීම. ගුණ­ධර්ම පිරි­හී­මෙන් තොරව වර්ධ­නය කර­ගැ­නී­මට මෙයින් හැකි වෙනවා. යම් කිසි දෙයක් කර­න්නට පටන් ගන්නට ඕන. බුද්ධ වන්දනා කර­නවා, මම අද සිට බුදු ගුණ භාවනා වඩ­නවා කියලා හිතන්න.

ගෙදර ඉන්න දින­ය­කදී බුදුන්ට මගේ ආහා­ර­ව­ලින් කොට­සක් පුජා­ක­ර­නවා; එයට කිය­නවා ආරම්භ ධාතු කියලා. මෙහිදි ටිකක් කල් යන කොට මේ ගුණ­ධර්ම කරන්න අක­මැති වෙනවා. එත­කොට අපි මොකද කරන්නේ; ඒ වැඩේ නොකර ඉන්නවා. අපි කළ­යුතු දේ වන්නේ ආරම්භ කළ වීර්ය­යට වඩා වීර්ය­යක් එවර ඇති කර ගැනී­මයි. මේ විර්ය­යට කියන්නේ නික්ඛම වීර්යය කියලා. කම්මැ­ලි­කම, කුසීත කම, අක­මැ­ත්තෙන් නික්මීමේ විර්යය, තව ටික කාල­යක් ගියාම කුසිතකම, අලසකම ඉක්මවා තවත් කෙලෙස් හට ගන්නවා.

ඉන් පසු ඊට වඩා කෙලෙස් ඇති වෙනවා. ඉන්පසු ව තව­ක­ලක් යන­කොට තමන්ගේ හිතෙහි කෙලෙස් ඇති­වෙන්න පුළු­වන්. එහිදි දෙවැනි වීර්ය­යට වඩා විර්ය­යක් යොදන්න ඕන. අපි බලමු ඊළඟ බලය මොකක්ද කියලා. ඒ මේ බාධාව යට­පත් කරන්න බල­වත් වීර්ය­යක් යොදන්න ඕන. මේ වීර්ය­යට කියන්නෙ පරා­ක්‍රම වීර්යය. බලය තමන්ගේ ජීවි­තය තුළ ඉස්මතු කර­න්නට ඕන.

අපි බලමු අනෙක් බලය කුමක්ද කියලා. ඒ බලය තමයි හිරි ගුණය. එතැ­නදී අපි කියන්නේ පවට තියෙන බය ඇති කර­ගන්න කියලා. අත්ත­වාද බය ප්‍රත්‍ය­වේක්ෂ කර­ණය කියන්නේ කාට මොන දේ කළත් මගේ හිතට හොරෙන් මට පව්ක­රන්න බැහැ. වරින් වර තමා තනි වූ මොහො­ත­කදී පවා තමාට මතක් වෙනවා; මම කළ පව් කියලා හිත­නවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන දව­සක් එනවා.

ඒ චෝද­නා­වෙන් නිද­හස් වෙන්නට ඕන. අත්ත­වාද බය නිසා පව් නොකර සිටී­මට, පව් කිරී­මෙන් වැළ­කී­මට කිය­නවා හිරි ගුණය කියලා. හිරි කියන වච­න­යෙන් ලැජ්ජාව කියන දේ පැහැ­දිලි වුණාට එයින් විශේ­ෂ­යෙන් අද­හස් කරන්නේ පිළි­කුල් කිරීම; ප්‍රති­ක්ෂේප කිරීම වැනි අද­හස්.

පව් පිළි­කුල් කිරීම, පව් නොකර සිටීම මොන­වාද මේ. ප්‍රාණ­ඝා­තය, අකාල මරණ ඇති­වෙ­නවා. ක්ෂණික මරණ සිදු කළ­හොත් මේ භව­යෙ­දිම ඵල දෙනවා. අකාල මරණ සිදු­වෙන්න පුළු­වන්; උප­දින භව­ව­ලත් එලෙ­ස­මයි. වච­න­යෙන් කරන පව්වලින් මිදිය යුතුයි. පරුෂ වච­නයේ විපාක අන­න්තයි. නිරයේ ඉප­දෙ­න්නට තරම් මේ වච­න­යෙන් කරන පව ප්‍රබ­ලයි. ශ්‍රද්ධාව නැති අඥා­නයා මේ නිරය පිළි­ගන්නේ නැහැ. නමුත් විද්‍යා­වට හොයා­ගන්න බැරි දේවල් තියෙ­නවා. අඥා­නයා දන්නේ නැහැ, විද්‍යා­වෙන් දියුණු රට­වල් ආධ්‍යා­ත්ම­යෙන් දියුණු වෙලා නැහැ කියලා.

ඒ නිසා මේ බුදු දහම විද්‍යා­වට එහා ගිය දෙයක්; වච­න­යෙන් කරන පව් මෙන්ම සිතින් කරන පව. අනෙක් කරුණු වන්නේ කාගේ හරි දෙය­කට හෝ තමන් සතු වස්තු­වට තණ්හා විය යුතු නැහැ. ඇතැ­මුන් අපේක්ෂා ඇතුව මැරෙ­නවා. මෙයට කියන්නේ අභි­ඡ්ඡා­වෙන් මැරෙන අය.

එ් අය තම නිව­සේම යක්ෂ­යන් ලෙස ඉප­දෙ­නවා; ගව­යෙක් වෙලා ඉප­දෙ­නවා; බල්ලෙක් වෙලා ඇවි­දින් ආර­ක්ෂාව රැක­ව­ර­ණය ලබා දෙනවා; මේ ආකා­ර­යට ඒ නිවසේම ඉප­දෙ­නවා. තමන් සතු දේට, අනුන් සතු දේට ඇල්ම කිරී­මෙන් සිදු­වන අනික් කාර­ණාව ව්‍යාපා­ද­යයි. ඒ කියන්නේ මේවා විශාල මාන­සික අකු­සල. පින් පව් විශ්වාස නොකි­රීම වැනි මිච්ජා දිට්ටි, අන්ත­වාද බය ඇති කර­ගෙන ඒවා­යෙන් වැළකී සිටීම, හිරි බලය මේ අකු­සල් දහ­යෙන් ම වැළ­කෙ­නවා නම් හරි නුව­ණැති සත්පු­රු­ෂ­යන්ගේ පිළි­කු­ලට ලක්වෙ­න­වානේ කියලා හිත­නවා නම් හරි ඒ පර­වාද බයයි.

මේ අකු­ස­ල­ව­ලින් මම වැළ­කෙ­නවා, නම් පර­ලොව මට යහ­පත් වෙනවා කියලා හිත­නවා. අපාය බයට මෙය හේතු­වක් වෙනවා. මේ නිසා අපි ඉහත කතා කරන ලද පව්ව­ලින් වැළකී සිටි­නවා. නුව­ණැ­ති­යන් නින්දා අප­හාස කරයි කියන පර­වාද බය, මර­ණා­සන්න මොහොතේ සිදු­වන මරණ බය, මර­ණින් මතු අපායේ ඉප­දෙ­නවා කියන අපාය බය ආදී මේ ත්‍රිවිධ බයෙන් මිදී­මට කිය­නවා ඔත්තප්ප ගුණ කියලා.

අත්ත­වාද බය සිහි කරලා පාප­යෙන් මිදිම හිරි­ගුණය; පර­වාද බය කියන්නේ මරණ අපාය බය සිහි කිරීම, පාප­යෙන් වැළ­කීම ඔත්තප්ප ගුණ­යයි. අනෙක් බලය සති බල­යයි. සති කියන්නේ කියලා කියන එක­ටයි. සිහිය කියන්නේ තමන්ගේ සිත අකු­සල් වලට යන්නේ නැතුව වළක්වා ගැනීම. කුස­ල­ය­කදී සිහිය පවත්වා ගැනී­මට හැකි වීමයි මෙත­නදි සිහිය කියලා කියන්නේ.

බුද්ධ ශාස­නයේ ඉගැ­න්වෙන සිහිය මෙයයි. අපි දින­කට පුංචි වෙලා­වක් හෝ වැය කර­න්නට ඕන බුදු ශාස­නයේ කිසි­යම් භාව­නා­වක් දියුණු කරන්න; සිහිය කියන බලය, සති කියන බලය දියුණු කර­න්නට. අනෙක් බලය තමයි සමාධි බලය. සිතේ එක­ග­කම. චිත්තස්ස ඒකා­ග්ගතා අයං සමාධි කියලා කියන්නේ ඒකට.

සිතේ එකඟ බව සමා­ධි­යයි. බුද්ධ ශාස­නයේ භාවනා අර­මු­ණක් ඇතිව සිත එකඟ කර ගැනී­මයි මෙහිදි සමා­ධිය කියලා කියන්නේ. අනෙක් කාර­ණාව පඤ්ඤා බලං කර්මය. කර්ම ඵලය පිළි­බද ඇති ප්‍රඥාව සහ කළ නොකළ යුතුදේ පිළි­බඳ ඇති පඤ්ඤා­වයි. තමන්ට අහිත පිණිස සහ හිත වැඩ පිණිස ඇති පඤ්ඤාව. ඒ දේවල් තමයි ප්‍රඥාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිල­ක්ෂණ අව­බෝ­ධ­යයි; ත්‍රිල­ක්ෂ­ණය පිළි­බඳ අව­බෝ­ධ­යයි.

ඒ බුද්ධ සාස­නයේ ඇති උසස්ම අව­බෝ­ධ­යයි. බුද්ධ ශ්‍රාව­කයෝ ත්‍රිල­ක්ෂ­ණය අව­බෝධ කර­ගැ­නී­මට යන්තම් හෝ උත්සහ නොක­රන්නේ නම් බුදු සසුනේ උණු­සු­ම­වත් ලැබී නැහැ කියලා සිතා ගත ­යු­තුයි. ඒත­රම් ප්‍රබ­ලයි; මේ ත්‍රිල­ක්ෂ­ණය. බුදු කෙනෙක් පහළ වු දින සිට මෙනෙහි කළ යුතු වන්නේ සහ අව­ධා­නය යොමු කළ යුතු වන්නේ විද­ර්ශනා වැඩී­ම­ටයි; එයයි ප්‍රඥාව. අපිත් මේ ත්‍රිල­ක්ෂ­ණය මෙනෙහි කර­මින් විද­සුන් වඩ­මින් ප්‍රඥාව දියුණු කළ ­යු­තුයි.

Comments