පින්කාර අලින්ට පෙර­හරේ වඩින්ට හැඩ­කාර ඇඳුම් අන්ද­වන මහ­නු­වර පින්වතා | සිළුමිණ

පින්කාර අලින්ට පෙර­හරේ වඩින්ට හැඩ­කාර ඇඳුම් අන්ද­වන මහ­නු­වර පින්වතා

පෙ‍රහරේ යන අලි, කොට අදි­න­වුන්ට වඩා කොහො­මත් හැඩ­කා­රය.

සීකු­වින්ස්... මුතු පබළු වැල්... ඇල්ලූ විල්ලු ද ඇඳුම වටේ ලයිට් වැලුත් එල්ලූ විට එන ගාම්බීරේ සහ අලං­කාරෙ, කොයි තරම් වෙලා බලා හිටි­යත් ඇති වන්නේ ද නැත.

එහෙව් අලි ඇත්තු, හැඩ­කා­රයෝ තර­ම­ටම පිංකා­රයෝ බව බැලූ බැල්ම­ටම පෙනෙන්නේ ද ඒ නිසාය.

වටිනා සළු පිළි ආයි­ත්තම් හැඳ පැලඳ දළදා පෙර­හරේ යන්නට ලැබෙන්නේ ද එවැනි පෙර පින් ඇති අලි­න්ටය.

තුසිත විජයසේන යුවළ, දියවඩන නිලමෙතුමා වෙත ඇඳුම් කට්ටලයක් පිරිනමමින්

එහෙත් ඒ පිංකාර අලි, 1993 අවු­රුද්දෙ දව­සක, දුර්වර්ණ වූ ඉරුණු ඇඳුම් ආයි­ත්තම් ඇඳ පෙර­හරේ ගමන් කරන අයුරු ඒ මොහොතේ, එව­කට මල්වතු මහා නාහිමි සමඟ පත්ති­රි­ප්පුවේ හිඳ පෙර­හර නර­ඹ­මින් සිටි තුසිත විජය­සේන දුටු­වේය.

දුර්වර්ණ - පරණ වූවා මදි­වාට, ඒ ඇඳු­ම්වල ඒවා පරි­ත්‍යාග කළ අයගේ නම් සහ බැනර් ද එල්ලා තිබිණි. ගරු ගම්භීර දළදා පෙර­හරේ අලින්ගේ ඇඳුම් පිළි­බඳ පළමු සිති­විල්ල ඔහුගේ හද­වතේ ඉපැ­දුණේ එතැ­නය.

‍‘දළදා පෙර­හරේ අලින්ගේ ඇඳු­ම්වල මීට වඩා පිළි­වෙ­ළක් තියෙන්න ඕනේ. ලස්ස­නක් තියෙන්න ඕනේ. මං ලබන අවු­රුද්දේ ඉඳන් මේ අලින්ට හොඳම ඇඳුම් දෙනවා...’ ඔහු සිතු දේ මහා නාහි­මිට කීවේය. දිය­ව­ඩන නිල­මේ­තු­මාට ද කීවේය. සිති­විල්ල ක්‍රියා­ත්මක විණි.

කර­ඬුව වඩ­ම්මන ඇත් රජා­ටත්, දෙපැ­ත්තෙන් ගමන් කරන දෑලෙ ඇතුන් දෙදෙ­නා­ටත් පළමු, ‘හස්ති වස්ත්‍ර පූජාව’ සිදු කෙරුණේ එලෙ­සය.

දැන් ඒ පුණ්‍ය­ක­ර්ම­යට 25 වස­රකි. හැම අවු­රු­ද්දක ම කෙරෙන අලුත් ඇඳුම් මැහිල්ල නිසා, විශාල ඇඳුම් කට්ටල ප්‍රමා­ණ­යක් දැන් මාලි­ගා­වට ලැබී තිබේ.

“මුලින් ම මැහුවේ ප්‍රධාන අලින්ට වුණත් හැම අවු­රු­ද්ද­කම ඒ තුන්දෙ­නාට අලුත් ඇඳුම් ලැබෙන නිසා ඒ පරණ ඇඳුම් පෙර­හරේ අනෙක් අලින්ට ලැබුණා. හරි­යට, අයි­යලා ඇඳපු ඇඳුම් මල්ලිලා අඳි­නවා වගේ.

ඒත් පර­ණයි කිව්වට ඒවා, අවු­රුදු දහ­යක් තියා ගන්න පුළු­වන් හොඳම රෙදි­ව­ලින් මහ­පුවා. ඉතින්, මේ ක්‍රමය නිසා පෙර­හරේ ගමන් කරන හැම අලි­ය­කු­ටම වගේ ලස්සන ඇඳු­මක් ලැබුණා. දැන් අපි අලි 15 දෙන­කුට ඇඳුම් මහ­නවා.

පෙර­හරේ අලං­කා­රය වැඩි වෙන්නේ, හැඩ­වැඩ වූ අලි ඇතු­න්ගෙන්. කී දෙනෙක් ඔවුන් දිහා බලලා සතුටු වෙන­වද... අපි දායක වෙන්නෙ ඒ පුණ්‍ය­ක­ර්ම­යට...”

ව්‍යාපා­රි­ක­යන් සතු­ටු­වන විවිධ ක්‍රම අතරේ තුසිත විජය­සේන තෝරා ගෙන ඇත්තේ වෙනස් ක්‍රම­යකි. ඔහුට අනුව, ඔහුගේ ව්‍යාපා­රය “කැන්ඩි සිටි සෙන්ටර්’ ද මිනි­සුන්ට මඟක් හැදූ, ඔවුන් නඟා සිටවූ වෙනස් ව්‍යාපා­ර­යකි. එනිසා, සතුට ඔහුට අඩු නැත. ආත්ම තෘප්තිය ද එලෙ­ස­මය. දැන් ඔහුට අවශ්‍ය, සිය දැක්ම අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කිරීම පමණි.

කෙසේ වෙතත් අවු­රුදු 25ක් තිස්සේ ඔහු කර­ගෙන ආ මේ අලි ඇඳුම් මැහි­ල්ලද ලේසි කට­යු­ත්තක් නොවේ. මිනි­සුන් මෙන් ‘ෆිටෝන්’ බැලි­ල්ලක් නැති නිසා, අලි ‘මිම්ම’ ගන්නා තැන පටන් සිතිය යුතු කාරණා බොහෝ­ම­යකි.

“මේ ඇඳුම කිසි සේත් අලි­යට හිර වෙන්න බැහැ. ඇඟට අප­හ­සු­වක් දැනු­ණොත් ඌ ඇවි­දින්නෙ නැහැ. අනික වැද­ගත්ම දේ ඇහැ ළඟ විව­රය. ඇඳුම බුරුල් වෙලා එහා මෙහා ඇදිලා, ඇහැ වැහිලා ගියොත් එතැ­නත් විනා­ස­යක්.

ආසි­යාවේ උසම ඇතා, නැදු­න්ග­මුවේ ඇතා. අඩි දහ­ය­කට වැඩිය උසයි. අනෙක් අයට වඩා වැඩි රෙදි ප්‍රමා­ණ­යක් ඒ ඇඳුම වෙනු­වෙන් ගියා. ඒ උසට මහ­තට සරි­ලන ඇඳුම හද­න්නත් සෑහෙන කාල­යක් ගියා. මේ අවු­රුදු 25ට කර­ඬුව වඩ­ම්මපු අලි හය හත් දෙනෙ­කු­ටම අපි විශේ­ෂ­යෙන් ඇඳුම් මහලා ඇති.

අවු­රු­ද්ද­කට විතර කලින් පටන් ගන්නා මේ අලි ඇඳුම් මැහිල්ල සිදු­වන්නේ, උතුරු ඉන්දි­යානු සම්භ­ව­යක් ඇති ක්‍රිෂ­න්ජන් තදානි නම් මැහු­ම්ක­රුවා විසිනි.

ඔහුට අනුව, එක අලි ඇඳු­ම­කට රෙදි මීටර 88කි. හරි­ය­ටම කිව්වොත්, ඇඳුම නිම වන්නේ, ලේයර් හත­රකින් යුතුව නිසා, මීටර 22 ඒවා හත­රකි. වෙල්වට් රෙදි යාර 22ක්, ෆැඩඩ් කිරී­මට ෆෝම් රබර් මීටර් 22ක් සහ තවත් තට්ටු දෙකකට රෙදි යාර 44ක් ඊට ඇතු­ළත්ය.

එසේම, එක අලි ඇඳු­ම­කට සීකු­වින්ස් කිලෝ දෙකකි. ‘බීඩ්ස්’ කිලෝ හත­රකි. පිට පුරා එල්ලා වැටෙන, ‘ඇ‍ඟේ ඇඳුම’. හොඩ වැල සර­සන ‘නෙත්ති­මා­ලය’, දෙකන් පෙති හැඩ­ක­රන ‘කන්වැ­සුම’ සහ ‘කර පටිය’ ඇතු­ළු කොටස් හය­කින් අලි ඇඳුම සම­න්වි­තය. එක ඇඳු­මක් නිමැ­වීම වෙනු­වෙන් අට දෙනෙක් කැපවූ විට දෙතුන් මාස­යක් ගතවේ. පෙර­හ­රට කලින් එවැනි ඇඳුම් 15ක් ඔවුන් නිම­විය යුතුය.

අවු­රුදු 25ක් තිස්සේ තුසිත විජය­සේන‍යන් වෙනු­වෙන් මේ කට­යුත්ත කරන තදානි ප්‍රමුඛ කාර්ය මණ්ඩ­ලය මේ ඇඳු­ම්වල මෝස්තර වස­රින් වසර වෙනස් කළ යුතුය.

ඒ සඳහා බොහෝ­විට බෞද්ධ සංකල්ප යොදා ගැනු­ණත්, ප්‍රමු­ඛ­තාව ලැබෙන්නේ, නුවර යුගයේ චිත්‍ර කැට­ය­ම්ව­ල­ටය. මෝස්තර සහ ලිය­වැල් රටා­ව­ල­ටය. තදා­නිගේ මෝස්තර සඳහා අව­සන් අනු­මැ­තිය ලැබෙන්නේ තුසිත වි‍ජයසේ­න­ය­න්ගෙනි.

මිලි­යන කිහි­ප­යක වැඩක් වුවත්, වැය වන මුදල කිය­න්නට ඔහු කැමැති නැත.

‘රුපි­යල් සත­ව­ලින් ගණන් බැලු­වොත් ඒක කොහො­මද පිනක් වෙන්නේ...’ ඔහු කියන්නේ එනි­සාය.

මහත්වූ භක්ති­යෙන් ගෞර­ව­යෙන් යුතුව මසා හැඩ කරන ලද ඇඳුම් ටික ‘රන් ආවුද’ මණ්ඩ­ප­යේදි දිය­ව­ඩන නිලමෙතුමාට පිළි­ගැ­න්වීම සිදු­වන්නේ තුසිත විජය­සේන යුවළ අතිනි.

ඉන්පසු සත­ර­මහා දේවාල වෙත යළි පූජා කෙරෙ­නුයේ ‘කැන්ඩි සිටි සෙන්ටර්’ කාර්ය මණ්ඩ­ලයේ සහ­භා­ගි­ත්ව­යෙනි.

“‍ෙම්කට දායක වන මිනිස්සු විත­රක් නෙවෙයි, අලිත් හැසි­රෙන්නෙ මහා භක්ති­ය­කින්. එක අවු­රු­ද්දක අපි පෙර­හර බලන්න නුවර එමින් හිටියා. අපි දැක්කා ලොකු ලොරි­ය­කින් අලි­යෙක් අරන් යනවා. වැව රවුම ළඟින් යද්දි මොහො­තක් නැව­තිලා මාලි­ගා­වට වඳින එක අපේ පුරු­ද්දක්. ඒ වෙලාවෙ අපි දැක්කා අර අලියා, මාලි­ගාව නොපෙනී යන­කල්ම, ඒ පැත්තට හැරිලා හොඬ උස්සා­ගෙන ලොරියෙ ඉඳන්ම වැඳ­ගෙන ඉන්නවා.

ඒ විත­රක් නෙවෙයි කර­ඬුව වඩ­ම්ම­ගෙන ඇතෙක් පාවඩේ උඩ බොහොම සංව­රව ගමන් කර­න්නෙත් ඒ භක්තිය නිසා. අලි ආසයි බෙර සද්දෙට. බෙර හඬට උන් පැද්දි පැද්දි නටන්නෙ සංතෝ­සෙට. ලස්ස­නට ඇන්ද­මත් උන් හැසි­රෙන විදිය වෙනස්.

සාමා­න්‍ය­යෙන් කර­ඬුව වඩ­ම්මන ඇතාට ඇඳුම් හදන්නෙ රතු නැත්නම් මෙරූන් පැහැ­යෙන්. 2005 අවු­රුද්දෙ කර­ඬුව වඩ­ම්මන ඇතාට මං නිල් පාට ඇඳු­මක් පූජා කළා. ඒ අවු­රුද්දෙ දිය­ව­ඩන නිල­මෙ­තු­මාත් වෙනස් වුණා. රටේ ආණ්ඩු­වත් වෙනස් වුණා. ‍

කොහොම වුණත් වර්ණ තමයි, අලින්ගෙ අලං­කාරේ වැඩි කරන්නේ. කර­ඬුව ගෙනි­යන ඇතා අඳින පාට­මයි, දිය­ව­ඩන නිල­මෙ­තුමා සහ දෙපැ­ත්තෙන් ගමන් කරන දෑලෙ ඇතුන් දෙන්නත් අඳින්නේ. ඊළ­ඟ­ටයි, නාථ, විෂ්ණු, කත­ර­ග­ම­ සහ පත්තිනි දේවා­ල­වල අලි ඇතුන් ඒ ඒ දේවා­ල­ව­ලට ආවේ­ණික කහ, නිල්, රතු පැහැ ඇඳු­ම්ව­ලින් සැර­සී­ගෙන ගමන් කරන්නේ.

“එකාට එකා හැඩ බල­මින් ඔවු­නුත් මේ ඇඳු­ම්වල විචි­ත්‍ර­ත­වත් බව විඳි­නවා. ඇත්ත­ටම අලි ආසයි, ලස්ස­නට අඳින්න පල­ඳින්න.

ඊළ­ඟට උන් දන්නවා, ඒ ඇඳුම් ඇන්දම ගමන් කරන්න ඕනේ විනී­තව, පිළි­වෙ­ළ­කට කියලා.”

දළදා පෙර­හ­රත් එහි ගමන් කරන අලි ඇතුන්ගේ ඇඳුම පැල­ඳු­මත් දැන් තුසිත විජයසේ­නගේ ජීවි­තයේ ම කොටස්ය.

එහෙ­යින්, බිරිය සහ දරු­වන් ද මේ පින්කමේ කොට­ස්ක­රු­වන්ය.

“කැන්ඩි සිටි සෙන්ටර් තිබෙන තාක්, මේ පින්කම මෙලෙ­සම වේවි. මං නැති වුණත් මගේ දරු­වන් මෙය ඉදි­රි­යට කර­ගෙන යාවි...”

ඔහු කියන්නේ මහා සතු­ට­කිනි. එය ආත්මය පිරී යන තරමේ, අප­රි­මිත වූ මහා තෘප්ති­යකි.

Comments