පාස්කු ප්‍රහාර විම­සුම් කමි­ටුව උණු­සුම් කළ අග­මැ­ති­ව­ර­යාගේ සාක්ෂිය | Page 3 | සිළුමිණ

පාස්කු ප්‍රහාර විම­සුම් කමි­ටුව උණු­සුම් කළ අග­මැ­ති­ව­ර­යාගේ සාක්ෂිය

ප්‍රේල් 21 ප්‍රහාර මාලා­වෙන් අන­තු­රුව ඒ පිළි­බඳ සෙවීම සඳහා පත් කළ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාවේ කට­යුතු වඩාත් උණු­සුම් වීමට ප්‍රධාන හේතු වූයේ ඒ සඳහා සාක්ෂි දීමට පැමිණ සිටි පුද්ග­ල­යන් හා ඔවුන් දැක්වූ කරු­ණුය. මේ කමි­ටුවේ කට­යුතු අව­සන් අදි­ය­රට පැමිණි මොහොතේ තත්ත්වය වඩාත් උණු­සුම් කර­මින් පසු­ගි­යදා අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ, ආර­ක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජ­ය­ව­ර්ධන, හිටපු නීතිය හා සාමය ඇමැති වත්මන් වරාය නාවික කට­යුතු හා දක්ෂිණ සංව­ර්ධන ඇමැති සාගල රත්නා­යක, හිටපු නීතිය හා සාමය ඇමැති වත්මනේ රාජ්‍ය පරි­පා­ලන හා ආපදා කළ­ම­නා­ක­රණ ඇමැති රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහ­ත්වරු සාක්ෂි දීමට එහි පැමි­ණි­යහ.

මෙහිදී තමාට ජාතික ආර­ක්ෂාව පිළි­බඳ බොහෝ තොර­තුරු ලැබුණේ නීතිය හා සාමය ඇමැ­ති­ව­ර­යා­ගෙන් බවත්, ආර­ක්ෂක කවු­න්සිල රැස්වීම් සඳහා පසු­ගිය දෙසැ­ම්බ­ර­යෙන් පසු තමන්ට කැඳ­වී­මක් නොලැ­බුණු බවත් අග­මැ­ති­ව­රයා කමි­ටුව හමුවේ අව­ධා­ර­ණය කළේය.

පාර්ලි­මේන්තු විශේෂ කාරක සභික පා.ම. නලින්ද ජය­තිස්ස මහතා ජාතික ආර­ක්ෂක මණ්ඩ­ලයේ සිටිය යුතු නිත්‍ය සාමා­ජි­ක­යන් කවු­රු­දැයි විමසූ අව­ස්ථාවේ අග­මැ­ති­ව­රයා දිගු විස්ත­ර­යක් කර­මින්, සාමා­න්‍ය­යෙන් ජනා­ධි­පති, අග­මැති, ආර­ක්ෂක රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැති, පසු­කා­ලී­නව නීතිය සාමය ඇමැති, ආර­ක්ෂක ලේකම්, ත්‍රිවිධ හමු­දා­ප­ති­වරු, පොලි­ස්පති, බුද්ධි අංශ ප්‍රධා­නීන්, ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී, විශේෂ අව­ස්ථා­වල මුදල් හා විදේශ කට­යුතු ඇමැ­ති­ව­රුන් එදා ආර­ක්ෂක මණ්ඩල රැස්වී­ම්ව­ලට පැමි­ණි­බව කියා සිටි­යේය.

2018 ආර­ක්ෂක මණ්ඩල රැස්වී­ම්ව­ලට සහ­භාගි වන අව­ධියේ ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ප්‍රමු­ඛ­තාව දුන් කරුණු පිළි­බඳ කමි­ටුව කරුණු විම­සී­මේදී අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළේ රටේ අභ්‍ය­න්තර කට­යුතු, විශාල වැඩ වර්ජන උද්ඝෝ­ෂණ, එල්ටී­ටී­ඊය සම්බන්ධ ගැටලු මෙන්ම අව­සාන කාලයේ අයි­එ­ස්අ­යි­ඒස් අන්ත­වා­දීන්ට සහාය දෙන අය පිළි­බඳ ප්‍රමු­ඛ­තාව දුන් බවත්, එන­මුත් එහිදී මෙවැනි ත්‍රස්ත­වාදි ක්‍රියා ගැන සඳ­හ­නක් නොවූ බවත්ය. 2018 සහ­රාන් පිළි­බ­ඳව දැන­ගෙන සිටි බවත්, එහෙත් ඔහු රටින් නීත්‍ය­නු­කූල නොවන අන්ද­මට පිටව ඇති­බව වාර්තා වූ හෙයින් ඔවුන් විරු­ද්ධව නීත්‍ය­නු­කූල පිය­වර ගැනී­මට හැකි නොවූ බවද, මේ අන්ත­වාදි ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට සම්බන්ධ නඩු පැව­රිය හැක්කේ අයි­සී­සී­පී­ආර් පන­තින් බවද ඔහු සඳ­හන් කළේය. මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළේ ලංකාවේ මුස්ලිම් අන්ත­වා­දය පම­ණක් නොව, සිංහල අන්ත­වා­ද­යද ඇති බවයි.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ජාතික බුද්ධි ප්‍රධා­නියා පොලි­ස්ප­ති­ව­ර­යාට යැවූ තොර­තුර ප්‍රහා­ර­යට පෙර ඔබට ලැබු­ණාද? යන්න මෙහිදී කමි­ටුව අග­මැ­ති­ව­ර­යා­ගෙන් විමසා සිටි­යේය. මෙයට පිළි­තුරු දුන් අග­මැ­ති­ව­රයා පැව­සුවේ තමා ඒ ගැන කිසි­වක් දැන සිටියේ නැති බව හා අග­මැති ආර­ක්ෂක අංශ­ය­ට­වත් එවැනි තොර­තු­රක් ලැබී නැති බවයි. ප්‍රහා­ර­යෙන් අන­තු­රුව තමා කොළ­ඹට පැමිණි පසු එවැනි ලිපි­යක් ගැන දැන­ග­න්නට ලැබුණු බවත්, ඒ අව­ස්ථා­වේම ආර­ක්ෂක අංශ කැඳ­ව­මින් මේ පිළි­බඳ අවශ්‍ය ක්‍රියා­මාර්ග ගත් බවත්, මෙවැනි වැද­ගත් බුද්ධි තොර­තු­රක් නොලැ­බීම අති­ශය බර­ප­තළ කරු­ණක් බවත් අග­මැ­ති­ව­රයා කියා සිටි­යේය. බෝම්බ ප්‍රහා­ර­යෙන් අන­තු­රුව අප්‍රේල් 21 දා තමා ආර­ක්ෂක අංශ ප්‍රධා­නීන් කැඳ­වූ­වද, ඔවුන් තමා හමු වීමට නොපැ­මිණි බවද, ඒ හේතු­වෙන් මෙහි පැහැ­දිලි අවු­ලක් ඇතැයි ඒත්තු ගිය බැවින් තමා කිසි­වක් නොප­වසා, තමාම ඔවුන් සිටින ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට ගොස් මේ පිළි­බඳ සාකච්ඡා කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු කාරක සභාව හමුවේ වැඩි­දු­ර­ටත් සාක්ෂි දෙමින් අග­මැ­ති­ව­රයා පවසා සිටියේ මද්‍රසා පාසල් මෙන්ම මුස්ලිම් විවාහ නීති ඇතු­ළත් නීති පද්ධති අදාළ අංශ සමඟ එකතු වීමෙන් සම්පා­ද­නය කර­මින් පව­තින බවයි. අග­මැ­ති­ව­රයා එහිදී වඩාත් අව­ධා­ර­ණය කළේ ත්‍රස්ත­වා­ද­යට මුදල් ඒම වළක්වා ලන්නට රටට සක්‍රීය මුදල් පාලන ඒක­ක­යක් අවශ්‍ය බවත්, මෙහි අඩු­පාඩු සොයන්න කාර්ය­සා­ධන බළ­කා­යක් අවශ්‍ය බවත්, වෛරී ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ අමා­ත්‍යාං­ශය දැඩිව කට­යුතු කරන බවත්, සෑම ආග­මකම දැඩි අන්ත­වා­දය ගැන සොයන්න ටීඅ­යිඩී වැනි වෙනම ඒක­ක­යක් අවශ්‍ය බවත්ය.

මෙහිදී අග­මැ­ති­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කළ සරත් ෆොන්සේකා මහතා විමසා සිටියේ සහ­රා­න්ලාට වරෙන්තු කිහි­ප­යක්ම තිබි­යදී ආර­ක්ෂක අංශ ඒ සඳහා ක්‍රියා­ත්මක නොවූයේ කුමක් නිසාද යන්නයි. මෙහිදී අග­මැ­ති­ව­රයා පවසා සිටියේ මේ ගැන ඇත්ත වශ­යෙන් සාක්ෂි නොතිබූ බවත්, සහ­රා­න්ලාට එරෙහි වරෙන්තු ක්‍රියා­ත්මක නොවූයේ ඔහු රටින් පිටව ඇති බව වාර්තා වූ නිසා බවත්, සහ­රා­න්ලාගේ පුහුණු කඳ­වුරු 13 ගැන බුද්ධි අංශ­ව­ලට තොර­තුරු තිබුණා නම් එය වාර්තා වන බවත්, මේ අයගේ පරි­ව­ර්ත­නය පිළි­බඳ තොර­තුරු කිසි­වක් නොලැ­බුණු බවත්ය.

අයි­එ­ස්අ­යි­එස් ත්‍රස්ත­වා­දය එක තැන­කින් අව­සන් නොවන බවත්, එක් තැන­කින් පසු එය තවත් තැන­කින් මතු වන බවත්, ත්‍රස්ත­වා­දය අලුත් තැන­කට පැමිණ තිබෙන බවත්, අප එතැ­නට සූදා­නම් විය යුතු බවත් කමි­ටුව හමුවේ පැවසූ අග්‍රා­මා­ත්‍ය­ව­රයා මේ වන විට රටේ ආර­ක්ෂාව වෙනු­වෙන් පිය­වර රැසක් ගෙන ඇති බැවින් ජන­තා­වට බිය වීමට කිසිදු හේතු­වක් නැතැ­යිද කියා සිටි­යේය.

Comments