පාස්කු ප්‍රහා­ර­යෙන් අතු­රු­දන් වූවන්ගේ තොර­තුරු තව­මත් හෙළි කරන ඩී.එන්.ඒ. පරී­ක්ෂණ | සිළුමිණ

පාස්කු ප්‍රහා­ර­යෙන් අතු­රු­දන් වූවන්ගේ තොර­තුරු තව­මත් හෙළි කරන ඩී.එන්.ඒ. පරී­ක්ෂණ

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් හරි­ය­ටම මාස 3කුත් දින 5ක් ගත වූ දවසේ ෂැංග්‍රිලා හෝට­ලයේ අව­හ­න්හලේ සේවය කළ විහඟ තේජාන් තරු­ණ­යාගේ අව­සන් කට­යුතු සිදු කළ බව මාධ්‍යයේ පළ­විණි. එම තරු­ණ­යාගේ තුන්මාසේ දාන­යත් ලබා­දී­මෙන් පසු­වයි, මෘත ශරී­රයේ කොටස් දෙමා­පි­යන්ට ලැබී තිබුණේ ෂැංග්‍රිලා බෝම්බ­යෙන් මිය­ගිය අය අතර විහ­ඟගේ සිරුර නොතිබූ අතර, ඔහු මිය­ගිය බව අනු­මාන කෙ‍රුණේ. ෂැංග්‍රිලා හෝට­ලයේ සී.සී.ටී.වී. දර්ශ­න­ව­ලිනි.

බෝම්බය පිපි­ර­වී­මට මොහො­ත­කට කලින් විහඟ සහ­රාන්ගේ පිටට තට්ටු කර යමක් පව­සන ආකා­රය එම දර්ශ­න­වල සට­හන් වී තිබිණි. බෝම්බ ප්‍රහා­ර­යෙන් විහ­ඟගේ සිරුර කැබ­ලි­ව­ලට වෙන් වූ අතර, ඔහුගේ සිරුරු කොටස් හඳුනා ගන්නා ලද්දේ ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­ව­ලින් පසු­වය.

අති­රේක රස පරී­ක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජය­මාන්න

එම ප්‍රහා­ර­යේදී හඳු­නා­ගැ­නී­මට නොහැකි තර­මට විකෘති වී තිබුණු දේශීය හා විදේ­ශීය අයගේ මෘත­ශ­රීර සහ සිරුරු කොටස් හඳු­නා­ගන්නා ලද්දේ ඩී.එන්.ඒ. පරී­ක්ෂණ මඟිනි. මේ වන විට එම සිය­ලුම සිරුරු කොට­ස්වල ඩී.එන්.ඒ. පරී­ක්ෂණ සිදු කර අව­සන් බවත් අතු­රු­දන් වූ පුද්ග­ල­ය­න්ගෙන් කිහි­ප­දෙ­නෙ­කුගේ පම­ණක් ඩී.එන්.ඒ. පරී­ක්ෂණ ප්‍රමාද වූ බවත් රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ අති­රේක රස පරී­ක්ෂක ඩී.එච්.එල්. ඩබ්ලිව් ජය­මාන්න මහතා පැව­සීය. මෘත­ශ­රී­ර­වල කොට­ස්වල සාම්පල අපට ප්‍රහා­ර­යෙන් සති­යක් හමා­රක් ඇතු­ළත ලැබුණා. මැයි 21 දා වන විට ඒ සියලු සාම්පල ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­ව­ලට යොමු කර ප්‍රති­ඵල ලබා­දී­මට හැකි වුණා. මිය­ගිය විදේ­ශි­ක­යන්ගේ දෙමා­පි­යන්, දරු­වන්, ඥාතීන් පැමිණ රුධිර සාම්පල් ලබා­දුන්නා. ඇතැම් රට­ව­ලින් අදාළ ඩී.එන්. ඒ. රටා එවලා තිබුණා. මේ සිය­ල්ල­ටම අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­වරු, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, අධි­ක­රණ නිල­ධා­රීන්, SOCO නිල­ධා­රීන් අපට සහාය වුණා. ඩී.එන්.ඒ. පරී­ක්ෂණ කට­යුතු සිදු කළේ රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වයි. එවනු ලැබූ සිරුරු කොටස් සහිත සාම්ප­ල්වල වාර්තා අපි දින 20කින් සියල්ල පරී­ක්ෂා­කර යැව්වා. ඊට අම­ත­රව හෝට­ල්වල අප­රා­ධ­යට අදාළ පුද්ග­ල­යන් සිටි කාම­ර­වල තිබූ ඇඳුම්, ඔවුන් භාවිතා කළ උප­ක­රණ, කෑම­වල සාම්පල පසුව එවලා තිබුණා. එහි ඩී.එන්.ඒ. පරී­ක්ෂණ ටිකක් පහු­වුණා. මඩ­ක­ල­පු­වෙන් එවු කොට­ස්වල ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණත් මේ වන විට අව­සන් කරලා තියෙන්නේ.

උසාවි නියෝග මගින් එවන ලද ඇතැම් සාම්ප­ල­වල ගැටලු සහ­ගත බවක් තිබු­ණත්. එයි­නුත් යම් ප්‍රමා­ණ­යක පරී­ක්ෂණ නිම කර අව­සන්. අදාළ දින­වල ස්ථානීය පරී­ක්ෂණ දින 2-3 තුළ නිම කරන්න හැකි­වුණා.

හඳු­නා­ගැ­නී­මට නොහැකි වූ මළ සිරුරු කොට­ස්වල ඥාති­ත්වය තහ­වුරු කර­ගන්නේ කොහො­මද?

“පුද්ග­ල­ය­කුගේ අන­න්‍ය­තාව, මිනී­මැ­රු­මක සත්‍ය අප­රා­ධ­කරු වගේම ඥාති­ත්වය තහ­වුරු කර ගැනීම සඳහා වර්ත­මාන ලෝකයේ භාවිතා කෙරෙන අති නවීන තාක්ෂ­ණය ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වයි. සෑම ජීවි­ය­කු­ගේම ජීව පට­ක­වල සංව­ර්ධ­නය සහ ක්‍රියා­කා­රි­ත්වය සඳහා භාවි­ත­යට ගන්නා ප්‍රවේ­ණි­මය උප­දේ­ශන ඇතු­ළත් නියු­ක්ලික් අම්ලය තුළ ඩී.එන්.ඒ. අම්ල­යද අන්ත­ර්ග­තයි. ඩී.එන්.ඒ. අණු­ක­වල ප්‍රධාන කාර්ය­භා­රය වන්නේ තොර­තුරු දීර්ඝ කාල­යක් ගබඩා කර තබා­ගැ­නී­මයි. ප්‍රවේ­ණි­මය තොර­තුරු ගෙන­යන ඩී.එන්.ඒ. සංඝ­ටක හැඳි­න්වෙන්නේ ජාන නමින්. සෛල තුළ ඩී.එන්.ඒ. සකස් වී තිබෙන්නේ වර්ණ දේහ ලෙස හැඳි­න්වෙන පද්ධ­ති­යක් තුළයි. මවු­පි­යන් සතු ගති ලක්ෂණ රැගෙන යන ඩී.එන්.ඒ. රසා­ය­නි­කය මුළු ලෝකයේ ඒ පුද්ග­ල­යාට පම­ණක් විශේ­ෂි­තයි. සම නිවුන් දරු­වන් දෙදෙ­නෙ­කුගේ හැර වෙනත් කිසිම දෙදෙ­නෙ­කුගේ ඩී.එන්.ඒ. රටාව සමාන වෙන්නේ නැහැ. සම නිවුන් දරු­වන් දෙදෙ­නෙ­කු­ගේ­වත් ඇඟිලි සල­කුණු සමාන වෙන්නෙ නැහැ. දරු­වාගේ ඩී.එන්.ඒ. වලින් සිය­යට 50කින් මාතෘ­ත්ව­යත්, අනෙක් සිය­යට 50 න් පීතෘ­ත්ව­යත් ඔප්පු කළ හැකි වෙනවා. මිය­ගිය සහෝ­දර සහෝ­ද­රි­යගේ පවා එසේ නැති­නම් ඥාති­ත්වය එම­ගින් තහ­වුරු කළ හැකියි.

සහ­රාන්ගේ දෙම­වු­පි­යන්ගේ ජීව සාම්පල සහ­රාන්ගේ සිරුරේ කොටස් හා සිය­යට සිය­යක් ගැළ­පුණු හෙයින් සහ­රාන් මිය­ගිය බව ඔප්පු කර­ගැ­නී­මට හැකි වුණා. විහඟ තේජාන්ගේ මව කලින් මිය­ගි­හින්. ඔහුගේ පියා ලබා දී තිබුණු ඩී.එන්.ඒ. සාම්ප­ල්ව­ලින් සිය­යට 50ක් තේජාන්ගේ සිරුරු කොටස් සමඟ ගැළ­පුණු නිසා, පීතෘ­ත්වය ඔප්පු කර­ගැ­නී­මෙන් ඒ සිරුරු කොටස් විහඟ තේජාන්ගේ බව ඔප්පු කර­ගැ­නී­මට හැකි වුණා.

අම්මා තාත්තා දෙන්නාම නැති අයෙ­කුගේ ඥාති­ත්වය තහ­වුරු කර­ගන්නේ හිබි­ලින් කැල්කි­යු­ලේ­ෂන් මඟින්. එය ගණි­ත­මය ක්‍රම­යක්. අතු­රු­ද­හන් වූ අයගේ ඩී.එන්.ඒ. ලබා­ගන්නේ ඔවුන් පාවිච්චි කළ ඇඳුම්, පනා, දත් බුරු­සුව, ඇඳ ඇති­රිලි, කොට්ට‍ා, තුවා, සපත්තු, ආභ­රණ ආදි­යෙන්. සාමා­න්‍ය­යෙන් කෙනෙ­කුගේ ඩී.එන්.ඒ. රටාව සොයා­ගන්න ඔහුගේ රුධි­ර­යම අවශ්‍ය නැහැ. ඔහු භාවිතා කරන ලද ඕනෑම ද්‍රව්‍ය­ය­කින් ඔහුගේ වම­නය, ශුක්‍ර තර­ලය, කෙළ, අසූචි, සම, අස්ථි, සොටු, ලබා­ගත් ආහාර පාන, වලින් පවා ඩී.එන්.ඒ. රටාව හඳු­නා­ගත හැකියි.

මළ­සි­රු­රු­ව­ලට අයි­ති­වා­සි­කම් කියන ඥාතීන් ලබා­දෙන ජීව­දත්ත පත්‍රි­කාව ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යේදී වැද­ගත්. එම ජීව දත්ත පත්‍රි­කාවේ මිය­ගිය පුද්ග­ල­යාගේ ශරීර ලක්ෂණ, වයස, අව­සන් වරට ගත් ආහාර, හැඳ සිටි ඇඳුම්, විශේෂ ශරීර සල­කුණු, රෝගා­බා­ධ­ව­ලට ලබා­ගන්නා ප්‍රති­කාර කරන ලද ශල්‍ය­කර්ම ආදී තොර­තුරු ගොන්නක් අන්ත­ර්ග­තයි.

මළ සිරු­රක් බාහි­රව නිරී­ක්ෂ­ණය කර වයස, උස, ප්‍රමා­ණය තීර­ණය කළ නොහැකි විටක , කොඳු­ඇට පෙළේ දිග, අස්ථි වර්ධ­නය වී ඇති ප්‍රමා­ණය, අස්ථි­වල උස, දත්වල වැඩීම, දත්වල ගෙවී­යාම, හෘදය, පෙන­හලු, ගර්භා­ෂයේ වර්ධ­නය අනුව සිරුරු හිමි­යන්ගේ වයස හා උස තීර­ණය කළ හැකියි.

පිළිස්සී ගොස් තිබූ මළ සිරුරු මතු­පි­ටින් බලා ස්ත්‍රී පුරුෂ භාවය තීර­ණය කිරී­මට නොහැකි වු අව­ස්ථා­වක ඔවුන්ගේ ගර්භා­ෂය, ඩිම්බ­කෝ­ෂය ඉතු­රු­වෙලා තිබු­ණොත් ලිංගි­ක­ත්වය තීර­ණය කරන්න පුළු­වන්. දැඩි ලෙස පිළිස්සී ගිය මළ සිරුරු හඳුනා ගැනී­මට දත් ඉතා වැද­ගත් සාධ­ක­යක්. කෘත්‍රීම දත් දත්වල පිහි­ටීම, ගෙවී­යෑම, දත් දිරා­ගොස් ඇති අයුරු, එහි රසා­යන සංයු­තිය අනුව මිය­ගිය පුද්ග­ල­යාගේ වයස නිර්ණය කරන්න පුළු­වන්.

මෙරට අධි­ක­රණ කට­යු­තු­ව­ලට ඩී.එන්.ඒ. සිය­ලුම වාර්තා ලබා­දෙන්නේ බත්ත­ර­මුල්ල, පැල­වත්තේ පිහිටි රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වයි. ඒ සඳහා අති නවීන ඩී.එන්.ඒ. විද්‍යා­ගාර පිහිටා ඇති අතර එහි පරී­ක්ෂණ ක්‍රියා­දා­මය පිළි­බ­ඳව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහ­කාර රස පරී­ක්ෂක වී.ජේ. බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය සිළු­මි­ණට අද­හස් දැක්වු­වාය.

“පුද්ග­ල­ය­කුගේ මාංශ කොටස්, ශුක්‍ර තර­ලය, රුධි­රය, ඇට­කටු ආදී ඕනෑම ජීව විද්‍යා­ත්මක දෙය­කින් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය කළ හැකියි. පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ ඩී.එන්.ඒ. වාර්තා කඩි­න­මින් ලබා­දෙන්න අප ප්‍රමු­ඛ­ත්වය ලබා­දුන්නා.

ඒ පරී­ක්ෂණ මිනිස් මාංශ කොටස් වලින් සිදු­කි­රීමේ අප­හ­සු­තා­වක් තිබුණු නිසා ඇට­ක­ටු­ව­ලින් තමයි පරී­ක්ෂණ ගණ­නා­වක්ම සිදු කළේ ඩී.එන්.ඒ. පරී­ක්ෂණ සඳහා යොදා ගන්නා රසා­ය­නික ද්‍රව්‍ය මිල අධි­කයි. ඒ රසා­ය­නික ගෙන්වන්නේ විදේ­ශ­ව­ලින් එක් පරී­ක්ෂ­ණ­යක් සඳහා රුපි­යල් 5000ක් අප පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් අය කළා.

ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු කරන්නේ පිය­වර ගණ­නා­ව­කින්.

එක පරී­ක්ෂ­ණ­යක් දවස පුරාම එක දිග­ටම කර­න්නත් බැහැ. අදි­ය­රෙන් අදි­යර තමයි පරී­ක්ෂණ කරන්නේ. එක පරී­ක්ෂ­ණ­යක් සම්පූර්ණ කරන්න සති 2,3ක් යනවා. වාර්තා ලබා­දී­මට පෙරත් නැව­තත් පරීක්ෂා කර­නවා. සම­හර පරී­ක්ෂ­ණ­ව­ලට සාම්පල් 10,12 එව­නවා. ඇට­කටු පරී­ක්ෂා­වට වැඩි­පුර කාල­යක් ගත වෙනවා. අප විද්‍යා­ගා­රය මඟින් රජයේ පරී­ෂණ පම­ණක් නොව පෞද්ග­ලික පරී­ක්ෂ­ණත් සිදු කර­නවා.

කාලයේ වැලි­ත­ලා­වෙන් වැසී ගිය අබි­ර­හස් මිනී­මැ­රු­ම්වල සත්‍ය අප­රා­ධ­කරු සොයා ගැනී­මට ද ඩී.එන්.ඒ. පරී­ක්ෂණ බොහෝ ඉව­හල් වේ. පුද්ග­ල­ය­කුගේ අන­න්‍ය­තාව ඔප්පු කර­ගැ­නී­මට ඩී.එන්.ඒ. මෙත­රම්ම වැද­ගත් සාධ­ක­යක් වන්නේ සමාන ඩී.එන්.ඒ. රටා­වක් ඇති පුද්ග­ල­යකු සොයා­ගැ­නී­මට අවම වශ­යෙන් පුද්ග­ල­යන් බිලි­ය­න­යක සිට ට්‍රිලි­යන සියය ප්‍රමා­ණ­ය­කගේ රුධි­රය පරී­ක්ෂා­වට ලක්කළ යුතු වීමයි ඉන් ගම්‍ය වන්නේ කෙනෙ­කුගේ ඩී.එන්.ඒ. රටාව ඔහුගේ අන­න්‍ය­තා­වය බවයි.

 

Comments