නව­ක­ව­ධ­ නායකයෝ මාන­සික රෝගියෝ ද? | සිළුමිණ

නව­ක­ව­ධ­ නායකයෝ මාන­සික රෝගියෝ ද?

 

ආයු­ර්වේද විශේ­ෂඥ මනෝ­වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ මනෝ­විද්‍යා උප­දේ­ශක
කමල් එස්. ජය­සේ­කර

ව­ක­ව­ධය යනු කිසිදු හේතු­ව­කින් තෙරව තවත් අය­කුට වධ දීමකි. යම්කිසි අයකු නීරෝගි මාන­සික පසු­බි­ම­කින් යුතු වේ නම් ඔහුට තවෙ­ක­කුට වධ-හිංසා සිදු කොට සතුටු විය නොහැ­කිය. යමකු තවත් අය­කුට කුමන හෝ වධ-හිංසා­වක් සිදු කොට සතුටු වේ නම් ඔහු/ ඇය ගැටලු මාන­සික තත්ත්ව­ය­කින් යුතු අයෙකි. මේ ලිපිය මඟින් විශ්ව­වි­ද්‍යා­ල­යක් වැනි බුද්ධි­යට තෝතැ­න්නක් විය යුතු භූමි­ය­කදී දරුණු හා ම්ලේච්ධ වධ-හිංසා සිදු කර­න්නන් තුළ පවත්නා විවිධ මාන­සික ව්‍යාධි මොන­වාද යන්න පැහැ­දිලි කෙරෙයි. මේ ලිපිය කිය­වී­මෙන් පසු මේ නව­ක­වධ දෙන්නන්ට තමන්ට වැලඳී ඇති මාන­සික ව්‍යාධිය කුමක්ද යන්න අව­බෝධ කර­ගත හැකි අතර, වෛද්‍ය ප්‍රති­කාර ගැනීම දක්වාද යොමු විය හැකියි.

 

කාමෝ­න්මාද රෝගය (Mania)

මේ රෝගීන් නව­ක­වධ දීම මඟින් ලබන්නේ සියුම් ලිංගික ආස්වා­ද­යකි. මෙය ලිංගික අප­ග­මන චර්යා­වක් වන අතර, නව­ක­ව­ධ­යේදී කිසි­ව­කුගේ ඇඟට අතක් වත් නොත­බ­මින් මේ අය සිය මාන­සික ව්‍යාධි පිට කර­ගන්නේ සමාජ විරෝධි වචන හෙවත් පරුෂ වච­න­යෙන් නව­ක­යන්ට බැන වදි­මිනි.

 

පර­පීඩා කාමු­ක­ත්වය (Sadism)

නව­ක­වධ දෙන මේ වර්ගයේ රෝගීන් දෙස බැලූ බැල්මට රෝග තත්ත්ව­යක් ඉස්ම­තුව නෙපෙ­නෙන අතර, මේ අය නව­ක­යන් විවිධ හිරි­හැ­ර­යන්ට ලක් කර­මින්, ඔවුන්ගේ ලේ දකි­මින් ලිංගික සතු­ටක් අපේක්ෂා කරති. මෙවැනි රෝග තත්ත්ව මේ සිසුන්ට තිබු­ණද ඔවුහු ඉහළ දක්ෂතා පෙන්ව­මින් ඉගෙ­නුම ලබන අතර හොඳ සමාජ ශීලි­ත්ව­යක් ප්‍රකට කර­මින් විශ්ව­වි­ද්‍යා­ලයේ ගත කරති. මේ රෝගයේ ඇති භයා­න­ක­ක­මද එය වෙයි.

 

සමා­ජය පිළි­බඳ වෛරි මාන­සි­ක­ත්වය (Loathing)

මෙවැනි ජ්‍යෙෂ්ඨ සිසුහු කිසිදු හේතු­ව­කින් තොරව නව­ක­යන් හා අනෙක් සිසුන් සමඟ තර­හෙන් පසු වෙති; කිසිදු හේතු­ව­කින් තොරව නව­ක­යන් පීඩා­වට පත් කරති. තමා සිටින විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණෙන සිසුන් කෙරේ වෛර­යෙන්, ඔවුන් සමඟ තමන් මෙහි ඉගෙ­නුම ලබන්නේ ඇයි­දැයි තමන් කෙරෙහි ඇති කර ගත් වෛර­යෙන් පෙළෙති. එවැනි අය ඒ පීඩ­නය පිට කර­ගැ­නීමේ අර­මු­ණින් නව­ක­යන්ට විවිධ හිංසා පමු­ණු­ව­න්නට උත්සාහ කරති.

 

සමාජ විරෝධි පෞරුෂ අක්‍ර­මි­කතා (Anti-social Personality)

මෙවැනි මාන­සික ව්‍යාධි­යක් ඇති සිසුහු නිතර දකින්නේ සමා­ජයේ හා අන්‍ය­යන්ගේ වැර­දිය. ඔවුන් තුළ ඇති එකම අද­හස ‘අප කෙසේ හෝ මේ සමා­ජය වෙනස් කළ යුතුය’ යන මත­යයි. ‘අලු­තින් එන නව­ක­යන් එන්නේ ඔළු­වෙන්, මේ නව­ක­යන්ගේ ඔළුව සෙරෙ­ප්පු­ව­ටම බැස්ස­විය යුතුයි, ඒ නිසා මේ අයට චීත්ත ගවුම් අඳින්න දිය යුතුයි, රැවුල කප­න්නට නොදිය යුතුයි, කොණ්ඩය කපන්න නොදිය යුතුයි, බාටා සෙරෙප්පු පම­ණක් පල­ඳින්න දිය යුතුයි’ යන අද­හසේ දැඩිව පිහි­ටයි. මෙය බර­ප­තළ සමාජ විරෝධි මාන­සි­ක­ත්ව­යක් වන අතර, නව­ක­යන්ගේ ‘අභි­මා­නය නැති කිරීම’ වෙනු­වෙන් ඔවුන්ට දරුණු ආකා­රයේ කායික හා ලිංගික වධ හිංසා සිදු කරති.

 

හීන­මා­නය (Body Dysmorthic)

මේ හීන­මාන රෝග තත්ත්ව­යෙන් පෙළෙන්නෝ නිතර තමන්ගේ අඩු-පාඩු සිතති. ඔවුහු නිතර නව­ක­යන් හා තම සම-වයස සංස­න්ද­නය කරන්න උත්සුක වෙති. නව­ක­යන්ගේ පවුල් පසු­බිම, ඔවුන්ගේ ඇඳුම්-පැල­ඳුම්, ඔවුන් පැමිණි පාසල්, විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණෙන වාහ­නය යනා­දිය සිත­මින් තමන් හා සස­ඳ­මින් නව­ක­යන්ට දරුණු වධ-හිංසා දෙති. තමන් කෙරෙහි හට­ගත් බර­ප­තළ හීන­මා­නය හේතු­වෙන් මෙවැනි ක්‍රියා­වල යෙදෙ­න්නන්ගේ වධ-හිංසා භයා­න­කය.

 

මුල්-ළමා­වියේ ගැටලු හා  ළමා අප­යෝ­ජන (Child Abuse)

යමකු කුඩා කල දැඩි ලෙස විවිධ අප­යෝ­ජ­න­යන්ට ලක් වීම විශ්ව­වි­ද්‍යා­ල­යේදී නව­ක­යන්ට දරුණු ලිංගික හිරි­හැර පමු­ණු­ව­න්නට හේතු­වක් වී ඇත. මෙවැනි හිංසා අත්දැ­කීම් ඇති මාන­සික තත්ත්ව­ය­න්ව­ලදී ඔවුහු අන් අය කෙරෙහි දැඩි වෛරී මාන­සි­ක­ත්ව­යක් ඇති කර­ගන්නා අත­රම, අනෙ­කුන්ද තමන්ගේ පෙර අත්දැ­කීම් අනුව දරුණු අප­යෝ­ජ­න­ව­ලට ලක් කරති.

පවුල් විසං­වි­ධා­නය (Separation Anxiety)

මෙවැනි සිසුන්ට යහ­පත් පවුල් පරි­ස­ර­යක් නැත; මවු-පිය දෙදෙ­නාගේ ආද­රය රැක­ව­ර­ණය අහි­මිය. සර­සවි නව­ක­වධ දෙන සිසුන් වැඩි­දෙ­නකු මෙවැනි පවුල් පසු­බි­ම්ව­ලින් පැමි­ණෙන අය වෙති. මේ අයට අභි­මා­න­නීය පෞරු­ෂ­යක් නැත. අන් අයගේ අභි­මා­න­යට කැළ­ලක් ඇති කරන්න උත්සාහ ගනිති.

වර්ත­මා­නයේ සර­ස­වි­වල පවත්නා උග්‍ර නව­ක­වධ දීම්වල අව­සා­න­යක් නොවන්නේ මෙවන් මාන­සික ව්‍යාධි සහිත රෝගීන් මේ පරි­ස­ර­ව­ලද ගැව­සෙන නිසාය. නව­ක­ව­ධ­ව­ලට ඍජුව දායක වන්නන් සේම; පසෙක සිට ඒවා අනු­මත කරන සිසුන්, පාල­නා­ධි­කා­රය, ඇතැම් කථි­කා­චා­ර්ය­ව­රුන් මෙන්ම කාර්ය­ම­ණ්ඩ­ල­වල ඇතැම් අය­ටද මෙවැනි මාන­සික ව්‍යාධි අඩු-වැඩි වශ­යෙන් ඇත්තේය.

එබැ­වින් මෙය පිළි­ල­යක් සේ මුල් විහි­දුණු සමාජ ව්‍යාධී­යක් සේ හඳු­නා­ගන්නා අතර, සැබෑ පිළි­යම මේ මුල් සිඳ-ලීම සේ වට­හා­ගැ­නී­මම වඩාත් ප්‍රති­ඵ­ල­දා­යක වේ.


 

නවකවධ දෙන බොහෝ දෙනා අප­චා­ර­ව­ලට ගෘහස්ථ හිංස­න­යට ලක් වූ අයයි 

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ
කායික විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය
චන්ද්‍රිකා ජය­සිංහ

මා­ජය කොතෙක් දැඩිව ප්‍රති­ක්ෂේප කළද සුළු පිරි­ස­කගේ අව­ශ්‍යතා වෙනු­වෙන් සිදු කරන මේ වධ-හිංසා පිළි­බඳ අපි විටින් විට විවිධ අනා­ව­රණ සිදු කළෙමු. එහෙත් තව­මත් මෙහි නිමා­වක් දක්නට නැත. නව­ක­වධ දෙන්නන්ගේ විවිධ මාන­සික හේතු මත නව­ක­වධ දීම විවි­ධා­කාර ස්වභා­ව­යන් ගනනා අයු­රුත්, එහි පිළි­කුල් සහ­ග­ත­බ­වත් එහිදී අපි රටට හෙළි කළෙමු.

 

අද පාසල් පන්ති කාමර දක්වා ව්‍යාප්තව ඇති මේ ව්‍යස­නය වහා දුරු කළ යුතුව ඇති අතර, මේ මාන­සික ව්‍යාධි හඳු­නා­ග­නි­මින් ඊට නිසි ප්‍රති­කා­රද කළ යුතු වීම අත්‍ය­වශ්‍ය කරු­ණකි. නව­ක­වධ දීම හා ඔවුන්ගේ මාන­සික පසු­බිම පිළි­බඳ විවිධ පර්යේ­ෂණ සිදු කර ඇති පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය චන්ද්‍රිකා ජය­සිංහ මහ­ත්මිය සිය ‘උසස් අධ්‍යා­පන ආය­ත­න­යන්හි සිදු වන නව­ක­ව­ධය’ ග්‍රන්ථ­යේදී මේ පිළි­බඳ සියුම් විග්‍ර­හ­යක නියැ­ළෙන්නේ ඊට ගොදුරු වන හා සහ­භාගි වන සිසුන්ගේ මාන­සික මට­ටම් දැඩි අධී­ක්ෂ­ණ­යට ලක් කර­මිනි.

නව­ක­වධ දීම් යනු සුළු තාව­කා­ලික වින්ද­න­යක් අපේ­ක්ෂා­වෙන් දුර-දිග නොබලා සිදු කරන කට­යු­ත්තක් වන අතර, මේ ක්‍රියා­ව­ලිය දැඩි අව­ශ්‍ය­තා­වෙන් යුතුව දිගින් දිග­ටම ගෙන­යන්නේ විශ්ව­වි­ද්‍යා­ල­ය­වල සිටින එක්තරා සුළු පිරි­සකි. මේ සඳහා ඊර්ෂ්‍යාව මුල් වන අතර බොහෝ විට ඊට පාදක වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ බල­පු­ළු­න්කා­ර­කම්ය. විශ්ව­වි­ද්‍යා­ල­යන්හි සුළු වශ­යෙන් සිදු වූ එවන් නව­ක­වධ කිසිදු වි‍ශේෂ ඉල­ක්ක­යක් නැතිව සිදු වූ දෙයකි.

එහෙත් දැන් දැන් බහු­ලව අස­න්නට ලැබෙන නග්න කර­වීම, බල­හ­ත්කා­ර­යෙන් ලිංගික ක්‍රියා­කා­ර­ක­ම්වල යෙද­වීම, කටුක තත්ත්ව­යන් යටතේ කායික වධ-හිංසා හෝ කායික මාන­සික වේද­නා­වන්ට ලක් කිරීම බඳු උග්‍ර නව­කව මීට වඩා වෙනස් තත්ත්ව­යක් ගනියි. මේ උග්‍ර වධ දීම් බොහෝ විට සිදු වන්නේ ජ්‍යෙෂ්ඨ­යන් තුළ ඇති විකෘති මාන­සික තත්ත්ව හේතු­වෙනි. මේ විකෘති හැසි­රීම් ඇත්තන්ගේ ඉති­හා­සය විමසා බැලුව හොත් ඔවුන් අතරේ කුඩා කල ළමා අප­චා­ර­ව­ලට ලක් වූවන්, ගෘහස්ථ හිංස­න­යට පත් වූවන් සිටින බව හඳු­නා­ග­න්නට පිළි­වන.

මොවුන්ගේ මූලික අභි­ප්‍රාය වනුයේ යටි සිත විසින් කරනු ලබන දැඩි පෙල­ඹ­වීම මත සමා­ජ­යෙන් පලි ගැනීම බව පැහැ­දි­ලිය. නව­ක­යන් නග්න කර­වී­මෙන් හා ඔවුන් විවි­ධා­කාරි ලිංගික ක්‍රියා­ක­ර­ක­ම්වල යෙද­වී­මෙන්, දරා­ගත නොහැ­කිව ඔවුන් කෑග­සනු හෝ අඬනු දැකී­මෙන් හෝ තැති ගන්නවා දැකී­මෙන්ම මේ සම­හර ජ්‍යෙෂ්ඨයෝ අස්වා­භා­වික ලිංගික තෘප්ති­යක් ලබති.

නව­ක­ව­ධය හා ඊට සම්බන්ධ සිදු­වීම් මූලි­ක­වම හීන­මා­නය හා බැඳී පව­තියි. ජ්‍යෙෂ්ඨ­යන් තමන් පිළි­බඳ ඇති අව­ත­ක්සේ­රුව හා නව­ක­යන් පිළි­බඳ ඇති අධි­ත­ක්සේ­රුව අනුව තමන් සතු නොවු බල­යක් තමාට ඇත යන සිති­වි­ල්ලෙන් නව­ක­යන් වධ-හිංසා­වට ලක් කිරීම මේ අයට සුළු දෙයකි.

මෙහිදී පළ­මු­වම නව­ක­වධ පැමි­ණ­වීමේ මිථ්‍යාව හා සත්‍යය මනාව තේරුම් ගැනීම වැද­ගත්ය. නව­ක­ව­ධ­යට මුහුණ දීමෙන් කෙන­කුට ජීවි­ත­යට සාර්ථ­කව මුහුණ දීමට පන්න­ර­යක් ලැබෙ­තැයි සිතීම ඉන් එක් මිථ්‍යා­වකි. සම­හ­රකු පව­සන්නේ නව­ක­ව­ධය සාමූ­හි­ක­ත්වය හා ඒකී­ය­ත්වය වර්ධ­නය කර­න්නක් බවයි. එහෙත් එහිදී සැබ­වින්ම සිදු වන්නේ සිසුන් ජාති, ආගම් හා සමාජ මට්ට­ම්ව­ලට බෙදා වෙන් කිරී­මත් ඉන් නොනැ­වතී කල්ලි මාන­සි­ක­ත්වය ඇති කිරී­මත් බව පැහැ­දි­ලිය.

එසේම කෙනකු නව­ක­යකු ලෙස තමා ලැබූ කටුක අත්දැ­කීම් තවත් නව­ක­යක විඳිනු දැක තමා තමා­වම සතුටු කර­ගැ­නී­මෙන් තමා විඳි වධ-වේදනා සාධා­ර­ණ­ත්ව­යක් ලැබීම මෙහි අර­මු­ණයි. තමා නව­ක­ව­ධ­යට මුහුණ දෙන කාලය තුළ තමා බේරා­ගැ­නී­මට කෙනකු නොසිටි අතර එලෙ­සම අනෙක් අයද එයට මුහුණ දිය යුතුය යන අද­හස ඔවුන් සිත පවතී.

එසේම සදා­චාර රාමු හේතු­වෙන් සන්ත­ර්ප­ණය කර­ගත නොහැකි වූ අස්වා­භා­වික ලිංගික ආශා පුද්ග­ල­යන් තුළ සැඟව පවතී. නව­ක­ව­ධය යනු එවන් යට­පත් වූ අස්වා­භා­වික අව­ශ්‍ය­තාන් ඉටු කර­ගැ­නීමේ තෝතැ­න්නකි. තවත් පැත­ත­නින් පුද්ග­ල­ය­කුට සමාජ සම්ම­තය තුළ ඉටු කර­ගැ­නී­මට සිතිය නොහැකි සම-ලිංගික අභි­ලාශ මුදුන් පමු­ණු­වා­ගැ­නී­මද නව­ක­වධ මුහු­ණු­ව­රින් එළි­ද­කියි.

තමා ප්‍රධා­න­යකු බව නව­ක­යන්ට හැඟ­වීම, තමාට රිසි ඕනෑම දෙයක් නව­ක­යන් ලවා ඉටු කර­වා­ගැ­නීම මේ වධයේ තවත් පැතැ­තක් වෙයි. නව­ක­යකු විසින් ජ්‍යෙෂ්ඨ­ය­කුගේ අණ නොපි­ළි­පැ­දීම ජ්‍යෙෂ්ඨ­යාගේ අභි­මා­න­යට බල­වත් පහ­රක් වන අතර, එහි පලිය ගැනී­මට නව­කයා වඩ-වඩාත් පීඩා­වට පත් කිරීම සිදු වෙයි. නව­ක­වධ සම­යේදී නව­ක­යන් ජ්‍යෙෂ්ඨ­යන්ගේ කෝපය බහා­ලන කසළ බඳු­නක් වැනිය. තමන් කෝප කළ පුද්ග­ල­ය­කුට පෙරළා දොස් නැඟී­මට නොහැකි විටක ඇති වන පීඩ­නය මඟ­හ­ර­වා­ගැ­නී­මට මේ අය නව­ක­යන් භාවිතා කරති.

නව­ක­ව­ධයේ පැති­කඩ කිහි­ප­යක් වෙයි. මේ අතර අතින් පයින් පහර දීමෙන්, විවිධ ද්‍රව්‍ය­ව­ලින් දමා­ගැ­සී­මෙන් හෝ අන්ත­රා­ය­කර ක්‍රියා­වල නිරත කර­වී­මෙන් සිදු කරනු ලබන ශාරී­රික පීඩා ඉන් එකකි. නව­ක­යන් නග්න කර­වීම, ස්වයං­වි­න්ද­න­යට බල කිරීම හා අස්වා­භා­වික ලිංගික ක්‍රියා­වල යෙද­වී­මෙන් සිදු වන ලිංගික අත­වර, අශි­ක්ෂිත භාෂා විලා­ස­යන් නිසා සිදු වන මාන­සික සංකු­ලතා තවත් පැත්තකි.

බල­හ­ත්කා­ර­යෙන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට හා දුම්බී­මට ඇබ්බැහි කර­වීම හුරු කර­වීම් තවත් පාර්ශ්ව­යකි. මේ සැහැසි මාන­සි­ක­ත්ව­යට මුහුණ දීමට නොහැක තැන නව­ක­යන්ට විවි­ධා­කාර සෞඛ්‍ය ගැටලු පම­ණක් නොව, අව­සා­නයේ මර­ණ­යට පත් වීමට පවා සිදු වීම කන­ගා­ටු­දාක තත්ත්ව­යකි. අධික භීතිය නිසාම මොවුන් තම උසස් අධ්‍යා­පන අභි­ලා­ශය අත්හැර දැමීම දැන් ‍බහුලව සිදු වන විප­ත්ති­යකි.

නව­ක­ව­ධය හේතු­වෙන් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු අතර ආත­තිය, මාන­සික අව­පී­ඩ­නය, විවිධ භීතිකා හා කම්පන තත්ත්ව, පෞරුෂ දුර්ව­ලතා, රුධි­ර­ජා­ර­ණය, රැබ්ඩො­ම­යෝ­ල­යි­සීස් සහ ඒ හා සම්බන්ධ වකු­ගඩු අක්‍රිය වීම්, හෘදය ක්‍රියා­කා­රි­ත්වය සම්බන්ධ ගැටලු, හෘත් අක­ර්ම­ණ්‍යතා පැන­නැ‍ඟෙන අතර, අව­සා­නයේ සිය­දිවි නසා­ගැ­නීම් දක්වා මෙහි බර­ප­ත­ළ­කම ගමන් කරයි.

 

නව­ක­ව­ධය නිසා ඇති වන මාන­සික බල­පෑම්

සුළු මාන­සික බල­පෑ­ම්වල සිට දැඩි බල­පෑම් දක්වා වර්ධ­නය වේ. කාර්ය­ක්ෂ­ම­තාව අඩු වීම හා විශ්ව­වි­ද්‍යා­ලය හැර­යෑම දක්වා දිවේ. විටින් විට මේ ආබාධ තත්ත්ව උත්සන්න විය හැකි අතර, සිය­දිවි නසා­ගැ­නීම මෙහි උප­රිම තත්ත්ව­යයි.

 

නව­ක­ව­ධ­යෙන් ඇති වන ආත­තිය

විනි­ශ්ච­යන්හි දුර්ව­ලතා, ඍණා­ත්මක ආකල්ප, අධික පශ්චා­ත්තා­පය, නොස­න්සු­න්තාව, තනි­කම හා කිපෙ­න­සුලු බව යන හේතු මත ඇති විය හැකිය. වෙන්ව සිටීම, මත්ව­තුුුර ආදි­යට ඇබ්බැහි වීම්, වැඩ අත­ප­සු­වීම් හා නොස­ල­කා­හැ­රීම් රෝග ලක්ෂ­ණය.

 

නව­ක­ව­ධ­යෙන් ඇති වන විශා­දය

සෘණා­ත්මක ආකල්ප, දුක්මුසු මනෝ­භාව, උග්‍ර කාංසාව හා අනා­ග­තය පිළි­බඳ ඇති­වන ශූන්‍ය­තාව වැනි ලක්ෂණ ගණ­නා­වකි. සිය­දිවි නසා­ගැ­නීමේ ප්‍රබල සාධ­ක­යකි. මාන­සික අව­පී­ඩ­න­යෙන් බේරීම සඳහා එකම ක්‍රමෝ­පාය ලෙස සිය­දිවි නසා­ගැ­නීම ‍තෝරාගන්න පිළි­වන.

 

රක්තාණු බිඳ­වැ­ටීම හෙවත් රුධි­ර­ජා­ර­ණය

විධි­මත් නොවූ ශාරී­රික වධ-හිංසා­ව­ලින් අධික ලෙස කය වෙහෙ­ස­වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස රක්තාණු බිඳ­වැ­ටීම සිදු විය හැකිය. විවිධ සංකු­ල­තා­ව­ලින් ඇති වන මේ රෝගි තත්ත්වයේ අව­සා­නය මර­ණ­යෙන් කෙළ­වර වීමට පිළි­වන.

 

රැබ්ඩෝ­ම­යෝ­ල­යි­සීස් හෙවත් මාංස­පේශි විනාශ වීම

වකු­ගඩු අක­ර්මණ්‍ය වීම රැබ්ඩො­ම­යෝ­ල­යි­සිස්හි භයා­න­කම සංකු­ල­තා­වයි. වසර කිහි­ප­ය­කට පෙර වර­ප්‍ර­කාශ් නම් ඉංජි­නේරු පීඨ සිසු­වකු මිය ගියේ මේ සංකූ­ල­තා­වෙනි.

 

නව­ක­ව­ධ­යෙන් ඇති වන හෘද­යා­බාධ

සාමා­න්‍ය­යෙන් අධික ව්‍යායා­ම්ව­ලදී තරුණ වයස් සීමා­වල පිරි­සට හෘද­යා­බාධ ඇති­වීමේ අව­දා­නම අල්ප වුවත් නව­ක­ව­ධයේ කායික නව­ක­ව­ධ­ව­ලින් පසු හෘද­යා­බාධ වැලඳ මර­ණ­යට පත් වීම කලා­තු­ර­කින් සිදු­ව­න්නක් නොවේ.

මේ වන විට නව­ක­ව­ධයේ අමා­නු­ෂික ක්‍රෑර­ත්වය නිසා පිරි­සක් ජීවිත හැර­යෑ­මෙන්ද, තවත් පිරි­සක් අබ්බ­ගාත තත්ත්ව­යෙන්ද, තවත් පිරි­සක් මාන­සික රෝගි තත්ත්ව­ය­න්ගෙන්ද, තවත් පිරි­සක් සර­සවි හැර­යෑ­මෙන්ද පීඩා විඳි­මින් සිටිති. ඊට ගොදුරු වූ බොහෝ දෙන ආව­ර්ජ­නය කිරී­මට අකැ­මැති අත්දැ­කීම් සිය ජීවි­ත­යට එක් කර­ග­නිති. එහෙත් ඊළඟ වස­රේදී ඔවුහු තම කනිටු සිසුන් හට එයම ලබා­දී­මෙන් සාප­රාධි නව­ක­ව­ධ­ක­යන් බවට පත් වෙති.

නව­ක­වධ ක්‍රියා­ත්මක කරන කණ්ඩා­යම් සමඟ එක් නොවී­මට අදි­ටන් කර­ගත හැක්කේ ශක්ති­මක් මාන­සික ස්ථාව­ර­යක සිටින යෞව­න­යන්ට පමණි. එසේම ජ්‍යෙෂ්ඨ­යගේ ක්‍රෑර-සැහැ­සි­ක­ම්ව­ලට විරුද්ධ විය හැක්කේ මනා පෞරු­ෂ­ය­කින් හා ආත්ම විශ්වා­ස­ය­කින් හෙබි අයට පමණි. මෙලෙස ක්‍රියා කර­න්නකු සිටී නම් ඔහු මේ දම්වැ­ලෙන් ගිලි­හෙන පුරු­කක් වෙයි. එවිට ඔහුට හෝ ඇයට මේ ම්ලේච්ඡ­ත්වයේ දම්වැල පහ­සු­වෙන් බිඳ දැමී­මට හැකි වනු ඇත.

 

(මූලා­ශ්‍රය: පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය චන්ද්‍රිකා ජය­සිංහ මහ­ත්මිය විසින් රචිත ‘උසස් අධ්‍යා­පන ආය­ත­න­යන්හි සිදු වන නව­ක­ව­ධය’ කෘති­යෙනි. මේ ග්‍රන්ථය පළ­මුව ඉංග්‍රී­සි­යෙන් ලියා, පසුව සිංහල භාෂා­වට පරි­ව­ර්ත­නය කරන ලද්දකි. උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් එය දෙමළ භාෂා­ව­ටද පරි­ව­ර්ත­නය කරනු ලැබූ අතර, සර­සවි වරම් ලද සිසුන් වෙනු­වෙන් නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හන පැවැත්වූ සමයේ නවක සිසුන්ට මේ පොත බෙදා­හ­රිනු ලැබීය. එහිදී මේ පොත පාදක කර­ගෙන සෑම මධ්‍ය­ස්ථා­න­ය­කම නව­ක­ව­ධයේ ආදී­නව කියා දෙන වැඩ­ස­ට­හ­නක්ද පැවැ­ත්විණි).

Comments