දේශ­පා­ල­න­යට තරම් නොවූ දයා­දර හද­වත | සිළුමිණ

දේශ­පා­ල­න­යට තරම් නොවූ දයා­දර හද­වත

ස්තූතියි අග­මැ­ති­තු­මනි, බොහොම ස්තූතියි. මගේ ජීවිත කාලය පුරාම මේ මොහොත එන තුරා මම බලා සිටි­යෙමි’

ජීවිත කාලය පුරාම ඇය තුළ තිබී, අව­සන් සුසුම් හෙළ­න්නට ඔන්න මෙන්න තිබි­යදී ඉෂ්ට වූ බලා­පො­රො­ත්තුව ගැන ඇය තැබූ අව­සාන සට­හන එයයි. ඇය සිය නිල ට්විටර් සමාජ ජාලය තුළ මිය­ය­න්නට පැය 3කට පමණ පෙර තැබූ සට­හ­නයි. ඒ සට­හන ඇය තැබුවේ ජම්මු හා කාශ්මී­රය සමූ­හාණ්ඩු දෙක­කට බෙදා වෙන් කිරීම සදහා අග­මැ­තිගේ මූලි­ක­ත්ව­යෙන් ඉන්දීය ව්‍යව­ස්ථාවේ 370 වග­න්තිය අව­ලංගු කොට සංශෝ­ධ­න­යට ලෝක් සභාව පිය­වර ගැනී­මත් සම­ඟය.

මිලි­යන 13ක පසු­හ­ඹ­න්නන් සිටින ඇයගේ අව­සාන ට්විටර් සට­හන ලක්ෂ ගණ­න­කගේ ප්‍රති­රාව නැඟී­මට හේතු විය. නව­දි­ල්ලියේ සිටි­යදී තම නීති­ඥ­ව­ර­යා­ගෙන් ඒ පුවත අසා බෙහෙ­වින් සතු­ටට පත් වී සිටි ඇය, හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් කිසි­වකු නොසිතූ අව­ස්ථා­වක අව­සන් හුස්ම හෙළු­වාය.

අප මේ කියන ඇය, පසු­ගිය 06 වැනිදා අව­සන් ගමන් ගිය කීර්ති­මත් දේශ­පා­ල­න­ඥ­ව­රි­යක වන ඉන්දි­යාවේ හිටපු විදේශ ඇම­ති­නිය සුෂ්මා ස්වරාජ් ය. ඇයගේ වියෝව ඉන්දි­යා­නු­වන්ට මෙන්ම බොහෝ විදේ­ශි­ක­යන්ට ද එක් කළේ කිසි­ව­කට සමාන කළ නොහැකි කම්ප­න­යකි. දේශ­පා­ල­න­යට තරම් නොවූ සානු­ක­ම්පිත, දයා­දර හද­ව­තක් හිමි තැනැ­ත්ති­යක ලෙස ඇය කාගේත් සිත තුළ නිදන්ව සිටි යාය. දේශ­පා­ල­න­ඥ­යෙ­කු­ගෙන් කිසි­සේත් අපේක්ෂා කළ නොහැකි තරමේ දයා­නු­ක­ම්පා­වක් තිබූ ඇය සිය රාජ­කා­රි­යෙ­හිදී දැක්වූ දක්ෂතා නිසාම ඉන්දීය ඉති­හා­ස­යට සල­කුණු තැබූ කාන්තා­වක් වූවා ය.

‘සුෂ්මා මහ­ත්මි­යගේ අභා­වය මට පෞද්ග­ලි­කව ද බල­වත් පාඩු­වකි. ඇය ඉන්දි­යාව වෙනු­වෙන් කළ සෑම දෙයක්ම ඇයව ආද­ර­යෙන් සිහි­පත් කරනු ඇත. ’

භාර­තීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යකු වන සුෂ්මා ගැන ඒලෙස සට­හ­නක් තබන විට අග­මැති මෝදි කදුළු පිරි දෙනෙ­තින් මද වේලා­වක් නිහ­ඩව සිටි බව ඉන්දීය මාධ්‍ය තුළ මතු කර තිබුණේ සුෂ්මාගේ දේශ­පා­ල­නය මෙන්ම ගුණාංග පිළි­බද ඔහුගේ තිබූ ගෞර­වය කියා­පා­මිනි. මෝදිගේ නව ආණ්ඩුවේ ඇමති ධුරය ඇය ප්‍රති­ක්ෂේප කළේ 2016 දී ඇයට කළ වකු­ගඩු සැත්ක­මෙන් අන­තු­රුව ද සුව නොවූ අස­නීප තත්ත්වය නිසාය. මෝදිගේ පළමු ධුර කාලය තුළ විදේශ කට­යුතු ඇමැ­ති­නිය ලෙස ඇය එරට දෙවන කාන්තා විදේශ ඇමැති ධුරය හෙබ­වීය. ඇයගේ දේශ­පා­ලන දිවියේ වඩාත් කීර්ති­යක් ඉසිලූ අව­ධි­යක් ලෙස එම අව­ධිය හැදි­න්වී­මට පුළු­වන.

“ඔබ අඟ­හරු මත සිර වී සිටි­යත් ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය ඔබට උදව් කරනු ඇත’

ඒ, ඇය සිහි­ග­න්වන ඇය­ගේම කිය­ම­නකි. වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම ඉහත කිය­ම­නට ඇය අර්ථ දුන් සුෂ්මාගේ වියෝව ගැන ඉන්දි­යා­වෙන් නෙරපා සිටින ලොව පුරා ඉන්දි­යා­නු­වන් කදුළු සල­න­වාට නිසැක ය. වෙනත් රට­වල සේවය කරන විප­තට පත් ඉන්දි­යා­නු­වන්ගේ ප්‍රශ්න­ව­ලට නිතර මැදි­හත් වූ ඇය ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහො­තක සහා­යට ඉදි­රි­පත් වූ විදේශ අමා­ත්‍ය­ව­රි­යකි.

“අප සාමාන්‍ය මිනි­සුන් වුවත් සෑම විටම ඇය අපට හෘද­යාං­ගම අයු­රින් සැල­කුවා. මගේ පුතාව නිද­හස් කර­ගන්න ඇය පාකි­ස්තා­නයේ බල­ධා­රීන්ට ලිපි 96ක් ලියා තිබෙ­නවා. ඇයගේ මැදි­හ­ත්වීම නොව­න්නට මගේ පුතා නිද­හස් වෙන්නේ නෑ. දේශ­පා­ල­ක­ය­කු­ගෙන් කව­දා­වත් එවැ­න්නක් බලා­පො­රොත්තු වෙන්න බෑ?’ එලෙස කියා තිබුණේ රහස් ඔත්තු බැලීමේ චෝදනා මත වසර 6ක් තිස්සේ පාකි­ස්තා­නයේ සිර­ග­තව සිට පසු­ගිය වසරේ දෙසැ­ම්බ­ර­යේදී නිද­හස ලැබූ හමීඩ් අන්සා­රිගේ මවයි. ඇය හද­ව­තෙහි ලැගුම් ගත් දස­ද­හස් දෙනා අතු­රින් හමීඩ්ගේ මව එක් අයෙක් පමණි.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නීති­ඥ­ව­රි­යක වන ඇය 1977 දී ඒනම් වසර 25 දී හර්යානා ප්‍රාන්තය නියෝ­ජ­නය කළ ළාබා­ලම ඇම­ති­ව­රිය වූවාය.1998 දිල්ලියේ 5 වැනි මහ­ඇ­මැ­ති­ව­රිය ලෙස ද ඇය කට­යුතු කළාය. ලෝක් සභා විවා­ද­ව­ලදී චතුර කථි­ක­ත්ව­යක් පෙන්නුම් කළ ඇයගේ ඇතැම් විවාද කතා ඉන්දීය දේශ­පා­ල­නය තුළ ඉති­හා­ස­ගත වී තිබේ. ඒ අතු­රින් 2009-2014 අව­ධියේ ඉන්දි­යාවේ පාලක කොංග්‍රස් පක්ෂය හා ගැටුණු අව­ස්ථා­ව­ලදී ඒව­කට අග­මැති මන්මෝ­හන් සිං සමඟ සිදුවූ ‘කාව්‍ය­මය වාද­වි­වාද’ කාගේත් කතා­බ­හට ලක්වූ­වකි. විදේශ කට­යුතු ඇම­ති­ව­රිය ලෙස ඇය ලංකාවේ ද සංචා­රයේ නිරත වූවාය. එවැනි සංචා­ර­ය­කදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිය මාධ්‍ය­වේ­දියා දක්වා විවිධ මට්ට­ම්වල නිල හෝ නොනිල හමු­වී­ම්ව­ලට ඇය උත්සුක වන්නේ සුහද හමු­වීම් සදහා ය. මෙරට මාධ්‍ය ආය­තන වෙත ද ගොස් මාධ්‍ය­වේ­දීන් සමඟ සුහද කතා­බ­හක යෙදෙ­න්නට ඇය අම­තක කළේ නැත. ඉන්දි­යා­වේදී ඇය හමුවූ ලාංකි­කයෝ ද ඇයගේ නිහ­ත­මා­නී­කම හොඳින්ම දනිති.

සුෂ්මා තම දේශ­පා­ල­න­යේදී විර­ස­කය නොහ­ඳු­නන තර­ම­ටම හෘද­යාං­ගම චරි­ත­යකි. ඇය ආවේ­ග­ශීලී වූයේ තමා අතින් සිදු­විය යුතු වග­කීම් පැහැර හරි­න්නන් සම­ඟය. අශි­ෂ්ට­යන් සම­ඟය. අහිං­ස­ක­යන් අස­රණ කර­න්න­වුන් සම­ඟය. පාකි­ස්තා­නය හා ඉන්දි­යාව අතර ඇති විර­ස­කය කවු­රුත් දන්නා කරු­ණකි. නමුත් පාකි­ස්තා­නු­වන් අති විශාල පිරි­සක් ඇය නිසා අද ජීවත් වන බවට පව­සන්නේ ද ඔවුන්ම ය. ඒ බව ලෝක­ය­ටම කීමට ඔවුහු මැළි නොවෙති.

කොයි මොහොතේ හෝ ජීවි­තය අහිමි වේදැයි සිතන අසාධ්‍ය රෝගීන්ට ඇයගේ රාජ­කා­රිය දේව­කා­රි­යක් විය. ඇය හැම­වි­ටම දේශ­පා­ලන ඒදි­රි­වා­දි­කම් පසෙ­කලා ජන­තාව වෙනු­වෙන් ඉදි­රි­යට ආ ශක්ති­මත් කාන්තා­වක වූවාය.

විදේ­ශි­ක­යන්ගේ පවා දයා­බර තැනැ­ත්ති­යක ලෙස සිත් තුළ පැළ­ප­දි­යම් වූ ඇයගේ පාඩුව ඉන්දීය දේශ­පා­ල­න­යට වඩා ඇත්තේ ලෝ පුරා වෙසෙන ඉන්දි­යා­නු­ව­න්ටය. ඇය ඔවුන් සැමගේ සිත් තුළත්, මුළු­ම­හත් ඉන්දීය දේශ­පා­ල­න­ය­ටත් මහා හිස්ක­මක් ඉතිරි කොට ගොසිනි. ලාහෝ­රයේ ජීවත් වන පාකි­ස්තාන ජාතික ෂහීබ් ඉක්බාල් ඇය පිළි­බඳ වරෙක මෙසේ පවසා තිබිණි.

‘අල්ලාහ් දෙවි­යන්ට පස්සේ අපිට තිබුණු එකම බලා­පො­රො­ත්තුව ඔබ පමණි’

ප්‍රබෝධා හෙට්ටි­ආ­රච්චි

Comments