දක්ෂිණ අධි­වේ­ග­යෙන් මත්තල ගියෙමි | Page 3 | සිළුමිණ

දක්ෂිණ අධි­වේ­ග­යෙන් මත්තල ගියෙමි

 

මාතර සිට මත්තල හා හම්බ­න්තොට දක්වා ඉදි කෙරෙන දක්ෂිණ අධි­වේගී මාර්ග දිගුව අදි­යර හත­ර­කින් සම­න්වි­තය. මේ වන විට එහි අදි­යර දෙකක වැඩ සම්පු­ර්ණ­යෙන්ම අව­සන් වී තිබේ. සැප්තැ­ම්බර් මස මුල් සතිය වන විට එම මාර්ග කොටස ජනතා අයි­ති­යට පත් කිරී­ම­ටද සැල­සුම් වී ඇත. වසර කිහි­ප­යක් තිස්සේ විවිධ බාධක හා අභි­යෝග මැද ඉදි­කි­රීම් සිදු කෙරුණ දක්ෂිණ අධි­වේ­ගයේ ඉදි­කි­රීම් නිමා වු ප්‍රදේ­ශයේ පසු­ගිය දා සංචා­රය කළෙමු.

දක්ෂිණ අධි­වේගි මාර්ග දිගුවේ
අදි­යර 2 හා 3 භාර ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි
 

 

කොට්ටාව සිට ගාල්ල දක්වා පළමු අදි­යර යටතේ දක්ෂිණ අධි­වේගි මාර්ගය ආරම්භ විය. දෙවන අදි­යර ලෙස එය මාතර දක්වා ගමන් කළේය. වත්මන් රජය යටතේ එය තව දුර­ටත් හම්බ­න්තොට හා මත්තල දක්වා පුළුල් වී තිබේ. මාතර සිට හම්බ­න්තොට දක්වා ඇති දුර ප්‍රමා­ණය කිලෝ මීටර් 96කි. එම කොටස දක්ෂිණ අධි­වේගී මාර්ග දිගුව ලෙස හැඳින්වේ.

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ දිගුව

අදි­යර 04ක් යටතේ එම අධි­වේ­ගයේ ඉදි­කි­රිම් සිදු කරයි. ඒ මාතර සිට බෙලි­අත්ත දක්වා කිලෝ මිටර් 30ක ප්‍රමා­ණ­ය­කුත්, බෙලි­අත්ත සිට බර­ව­කු­ඹුක දක්වා කිලෝ මීටර් 26ක ප්‍රමා­ණ­ය­කුත්, බර­ව­කු­ඹුක සිට සුරි­ය­වැව දක්වා කිලෝ මිටර් 15ක දුර­කුත් හා සුරි­ය­වැව සිට මත්තල හා හම්බ­න්තොට දක්වා කිලෝ මිටර් 25ක දුර­කුත් ලෙසය. මේ අත­රින් අදි­යර 03 හා 04 කොටස් වන බර­ව­කු­ඹුක සිට සුරි­ය­වැව දක්වා සහ සුරි­ය­වැව සිට මත්තල හා හම්බ­න්තොට දක්වා වු කොටස්හි ඉදි­කි­රීම් මේ වන විට සම්පු­ර්ණ­යෙන්ම අව­සන් කර තිබේ.

අදි­යර 01 කොටස වන මාතර සිට බෙලි අත්ත දක්වා වු කොටසේ වැඩ මේ වන විට 95%ක් අව­සන් වී ඇත. 02 වන අදි­යර වන බෙලි­අත්ත සිට බර­වා­කු­ඹුක දක්වා වන කොටසේ වැඩ 80%ක් මේ වන විට අව­සන් වී තිබේ. ඒ අනුව අදි­යර 1 හා 2 කොටස්ද මේ වසර අව­සන් වීමට පෙර ජනතා අයි­ති­යට පත් කිරී­මට හැකි වනු ඇත.

දක්ෂිණ අධි­වේගි මාර්ග දිගුවේ දැනට වැඩ අව­සන් වී ඇති කොටස වන බර­ව­තු­ඹුක සිට සුරි­ය­වැව, මත්තල හා හම්බ­න්තොට දක්වා කොටස සැප්තැ­ම්බර් මස මුල් සතිය වන විට විවෘත වූ පසු මාතර සිට පැමි­ණෙන පිරි­සට බර­ව­කු­ඹුක ප්‍රදේ­ශ­යෙන් නැව­තත් අධි­වේ­ග­යට සම්බ­න්ධවී ඉතා කෙටි කලක් තුළ සුරි­ය­වැව, හම්බ­න්තොට, මත්තල හා කත­ර­ගම ඇතුළු ප්‍රදේශ රැස­කට යෑමට හැකි­යාව ලැබේ. වැඩ නිම වී ඇති අදි­යර 03 කොටසේදී ඇඹි­ලි­පි­ටිය නෝනා­ගම මාර්ගයේ බර­ව­කු­ඹුක ප්‍රදේ­ශ­යෙන් අධි­වේ­ග­යට ඇතුළු වීමේ හා පිට­වීමේ දොරටු පිහි­ටුවා තිබේ.

බර­ව­කු­ඹුක ප්‍රදේ­ශ­යෙන් අධි­වේ­ග­යට ඇතුළු වී මත්තල හෝ හම්බ­න්තොට දෙසට යන පිරිස් සඳහා දෙවන පිට­වීමේ දොර­ටුව පිහි­ටුවා ඇත්තේ සුරි­ය­වැව ප්‍ර‍දේශ­යේය. ඒ සුරි­ය­වැව සිට හම්බ­න්තොට දක්වා දිවෙන අඩි 100 මාර්ගයේ නම­ඩ­ග­ස්වැව ප්‍රදේ­ශ­යේය. මෙහි­දීද අධි­වේ­ග­යෙන් පිට වීමේ දොර­ටු­වක් මෙන්ම අධි­වේ­ග­යට ඇතුළු වීමේ දොර­ටු­වක්ද පිහි­ටුවා තිබේ.

අධි­වේ­ගයේ සුරි­ය­වැව දොර­ටු­වෙන් ඇතුළු වන පිරිස හම්බ­න්තොට හෝ මත්තල දෙසට ධාව­නය වීමේදි සුරි­ය­වැව සිට කිලෝ මිටර් 04ක් පමණ ගිය පසු අධි­වේගී මාර්ගය අන්ද­ර­වැව ප්‍රදේ­ශ­යේදී දෙකට බෙදේ. ඒ මත්තල දෙස­ටත් හම්බ­න්තොට දෙස­ටත් ලෙසය. මේ ස්ථානය හඳුන්වා ඇත්තේ “ANDARAWEWA SYSTEM INTERCHANGE” ලෙසය. එහි ඇති විශේ­ෂ­ත්වය ඒ ස්ථාන­යේදී කිසි­ව­කු­ටත් අධි­වේගී මාර්ග­යට ඇතුළු වීමට හෝ පිට වීමට අව­ස්ථාව නොලැ­බී­මයි. එම හුව­මා­රුවේ සිට මත්තල දෙසට ගමන් කර­න්නෙ­කුට පිට වීමේ දොර­ටු­වක් පිහි­ටුවා ඇත්තේ සුරි­ය­වැව ගොන්නො­රුව හරහා හම්බ­න්තොට දිවෙන ප්‍රධාන මාර්ගයේ මත්තල හන්දි­යේය.

අන්ද­ර­වැව හුව­මා­රුවේ සිට මත්තල දක්වා ඇති දුර කිලෝ මිටර් තුන හමා­රකි. එම ස්ථානයේ අධි­වේගී මාර්ග­යට ඇතුළු වීමේ දොර­ටු­වක්ද පිහි­ටුවා තිබේ. එමෙන්ම මත්තල රාජ­පක්ෂ ගුව­න්තො­ටු­ප­ළට පැමි­ණෙන පිරිස හා කත­ර­ගම ඇතුළු අවට වන්ද­නාවේ පැමි­ණෙන පිරි­සට ඉතා පහ­සු­වෙන් මත්තල හන්දි­යෙන් අධි­වේ­ග­යට ඇතුළු වීමේ පහ­සු­කම තිබේ.

එමෙන්ම සුරි­ය­වැව පිට­වීමේ දොර­ටුව පසු කර හම්බ­න්තො­ටට යා යුතු රථ වාහන සඳහා මත්ත­ලට නොගොස් අන්ද­ර­වැව හුව­මා­රුවේ ඉදි කර ඇති හම්බ­න්තොට අතුරු අධි­වේගී මාර්ගය ඔස්සේ ඉතා කෙටි කලක් තුළ හම්බ­න්තො­ටට ළඟා වීමේ හැකි­යාව පවතී. අන්ද­ර­වැව හුව­මා­රුවේ සිට හම්බ­න්තොට දක්වා ඇති දුර කිලෝ මිටර් 14කි. එය හම්බ­න්තොට මාතර ප්‍රධාන මාර්ගයේ කටු­වැව ප්‍රදේ­ශයේ ඉදි කර තිබේ. එම ස්ථාන­යෙන්ද අධි­වේගී මාර්ග­යට ඇතුළු වීමේ දොර­ටු­වක් ස්ථාප­නය කර තිබේ. ඒ දොර­ටුව නිසා හම්බ­න්තොට මාග­ම්පුර වරායේ සිට පිට වන වාහන හා හම්බ­න්තොට කේන්ද්‍ර කර­ගෙන ආරම්භ වන අනෙ­කුත් කර්මාන්ත ශාලා සඳ­හාද විශාල පහ­සු­වක් ඇති වේ.

දැනට ඉදි­කි­රීම් අව­සන් කර ඇති අදි­යර 03 සඳහා වැය වුණ මුදල රුපි­යල් බිලි­යන 31.57කි. අදි­යර 4 සඳහා විය­දම් කළ මුදල රුපි­යල් බිලි­යන 52කි. එම කොටස් දෙකේ පම­ණක් මාර්ගයේ ඉදි­කි­රීම් සඳහා පිට­තින් පස් කියුබ් මිලි­යන දෙක­කට ආසන්න ප්‍රමා­ණ­යක් ලබා­ගෙන තිබේ. එම මාර්ගය ඉදි කිරී­මේදී රජය ඒ පිළි­බඳ වැඩි ප්‍රචා­ර­යක් ලබා නොදුන් නමුත් එහි වැඩ­ක­ට­යුතු ලහියේ සිදු වී ඇත. කොට්ටාව සිට මාතර දක්වා අධි­වේගි මාර්ගය ඉදි වු කාල­ප­රා­ස­ය­ටත් වඩා ඉතා අඩු කාල­යක් තුළ දක්ෂිණ අධි­වේගි මාර්ග දිගුවේ වැඩ කට­යුතු සිදු වීම විශේ­ෂ­ත්ව­යකි.

අධි­වේ­ගයේ ඉදි­කි­රිම් අව­සන් කර ඇති එම කොටස දිවෙන්නේ ඉතා මන­රම් පරි­ස­ර­යක් මැදිනි. එම කොටසේ මාර්ගය දෙපස වැඩි වශ­යෙන් දකි­න්නට ලැබෙන්නේ වන ලැහැ­බය. එක පැහැර දිවෙන කුඹුරු හා වගාය. වන ලැහැබ සහිත කොට­සේදී වන අලින් ඇතුළු වන සතුන්ගේ ගම­නා­ග­ම­න­යට හා ඔවුන්ගේ ජිවන තත්ත්ව­ය­ටද කිසිදු හානි­යක් සිදු නොවන අයු­රින් ඉදි­කි­රිම් සිදු කර තිබේ. විශේ­ෂ­යෙන්ම අලි­මං­කඩ හෙවත් වන අලින් නිතර නිතර එහා මෙහා ගමන් කරන ඔවුන්ගේ සුපු­රුදු මාර්ග පද්ධ­ති­ය­ටද කිසිදු හානි­යක් නොවන අයු­රින් අලි­මං­කඩ හඳු­නා­ගෙන ඒ ස්ථාන­ව­ලදි අධි­වේගී මාර්ගය කණු­මත ඉදි කර තිබී­මද කැපී­පෙ­නෙන විශේ­ෂ­ත්ව­යකි.

කෘෂි­කා­ර්මික ප්‍රදේ­ශ­යක් වන එම ප්‍රදේ­ශයේ අධි­වේගී මාර්ග ඉදි කිරී­මේදී මුහුණ දි තිබු තවත් එක් ගැට­ලු­වක් වුයේ වගාව සඳහා දිවෙන ජල­මාර්ග හරස් නොවී­මට වග­බ­ලා­ගැ­නීම හා ගව­යන් එළු­වන් වැනි සතුන්ට වන ලැහැ­බට යෑමට හැකි වන පරිදි ඉදි­කි­රිම් සිදු කිරි­මය.

ඒ අනුව අධි­වේ­ගයේ ඉදි­කි­රි­ම්ව­ලදී කිසිදු ජල මාර්ග­යක් අව­හිර නොවන පරිදි ඉදි­කි­රීම් සිදු කර තිබේ. ස්ථාන දෙක­කදී අධි­වේ­ගය හරහා උමං මාර්ග දෙකක් ඔස්සේ ජලය රැගෙන යයි. වන සතුන් නිතර නිතර ගැව­සෙන ස්ථාන හා වැසි ජලය ගලා බැස යා යුතු ස්ථාන හඳු­නා­ගෙන ඒ ස්ථාන සඳහා කල්වට් හෙවත් කුඩා ප්‍රමා­ණයේ හා විශාල ප්‍රමා­ණයේ බෝක්කු ඉදි කර තිබේ.

සාමාන්‍ය ජන­තා­වට අධි­වේගී මාර්ගය හරහා ගමන් කිරී­මේදී ඒ ස්ථාන නියම පරිදි හඳු­නා­ගෙන වෙන වෙනම මාර්ග­යට උඩින් හා යටින් මාර්ග ඉදි කර තිබේ. ඒ අනුව අදි­යර 3 හා 4 කොට­ස්වල පම­ණක් උඩින් ගමන් කළ හැකි පරිදි සකස් කරන ලද පාලම් සංඛ්‍යාව 07කි. යටින් යා හැකි පරිදි ඉදි කරන ලද යටි පාලම් සංඛාව 30කි. ඊට අම­ත­රව වලවේ ගඟ හරහා මීටර් 600ක විශාල පාල­මක්ද ඉදි කර ඇත්තේ කිසිදු ගං වතුර තත්ත්ව­ය­කදි මාර්ග­යට ජලය ගලා නොඑන අයු­රින්ය.

දැනට වැඩ අව­සන් වී ඇති අදි­යර 3 හා 4 කොටස් සම්බ­න්ධ­යෙන් මාර්ග සංව­ර්ධන අදි­කා­රියේ අදි­යර 2 හා 3 බාරව කට­යුතු කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි මහ­තා­ගෙන්ද විම­සී­මක් කළෙමු.

“ අධි­වේගී මාර්ගයේ පළමු කොටසේ හා දෙවන කොටසේ ඉදි­කි­රී­ම්ව­ලදි බාධක රැස­කට මුහුණ දෙන්න සිදු වුණා. ප්‍රධාන බාධ­කය තමයි මාර්ගයේ ඉදි­කි­රීම් සඳහා පරි­ස­ර­යත් ආරක්ෂා කර ගනි­මින් අවශ්‍ය පස් ප්‍රමා­ණය ලබා­ගැ­නීම. දින­කට පස් කියුබ් ලක්ෂ­යක් ඕනෑ නම් අපිට දින­කට සප­යා­ගැ­නී­මට හැකි වුණේ පස් කියුබ් 25000ක් වගේ ප්‍රමා­ණ­ය­කුයි. ඒ නිසයි අදි­යර 1 හා 2 කොට­ස්වල ඉදි­කි­රීම් තර­මක් ප්‍රමාද වුණේ. නමුත් එහි ඉදි­කි­රීම් මේ වසර අව­සන් වන විට නිම කරන්න පුළු­න්කම තියෙ­නවා.

අධි­වේගී මාර්ගයේ මේ වන විට තියෙන්නේ සේවා ප්‍රදේශ එකක් පම­ණයි. ඒ වැලි­පැන්න ප්‍රදේ­ශ­යේයි. නමුත් අධි­වේගී මාර්ගය මත්තල දක්වා දිගු වීමේදී බෙලි­අත්ත ප්‍රදේ­ශයේ තවත් එක් සේවා ප්‍රදේ­ශ­යක් ඉදි කර­නවා. ඊට අම­ත­රව රියැ­දු­රන් සඳහා විවේක ස්ථාන කිහි­ප­යක් ඉදි­කි­රීම කෙරෙ­හිත් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ විශේෂ අව­ධා­නය යොමු වෙලා තියෙ­නවා.

චීන එක්සිං බැංකුවේ ණය ආධා­ර­යක් යටතේ තමයි චීන කොන්ත්‍රා­ත්කාර සමා­ගම් කිහි­ප­යක් ඉදි­කි­රීම් කරන්නේ සියලු ඉදි­කි­රීම් සිදු වන්නේ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ පුර්ණ අධී­ක්ෂ­ණය යට­තේයි. ඉදි­කි­රීම් සම්බ­න්ධ­යෙන් සොයා බලන්න වෙනම විදේ­ශීය උප­දේ­ශක සමා­ග­ම­කුත් පත් කරලා තියෙ­නවා. ඒ අනුව සියලු ඉදි­කි­රී­ම්වල ප්‍රමි­තිය වගේම ඉදි­කි­රීම් සඳහා යොදා­ගන්නා ද්‍රව්‍ය­වල ප්‍රමි­තිය පිළි­බඳ ද විශේෂ අව­ධා­න­යක් යොමු කරලා තියෙ­නවා”

 

Comments