කාශ්මී­රය තුනට කැඩෙයි | Page 2 | සිළුමිණ

කාශ්මී­රය තුනට කැඩෙයි

න්දි­යාව යළිත් පුවත් මව­මින් සිටී. ලෝකයේ බොහෝ ප්‍රධාන ජන­මා­ධ්‍ය­යන්හි විදෙස් පුවත් අතර ප්‍රථම පුවත ඉන්දි­යාව වෙනු­වෙන් වෙන් වූයේ කාශ්මී­රය සම්බ­න්ධ­යෙන් ඉන්දීය මධ්‍යම රජය විසින් ගනු ලැබූ තීන්දු­වත් සම­ඟය.

ජම්මු සහ කාශ්මී­රය යනු බ්‍රිතා­න්‍යය ඉන්දීය අර්ධ­ද්වී­පය සම්බ­න්ධ­යෙන් අැති කළ පාලක උප­ක්‍ර­මය ලෙස හැඳි­න්විය හැකිය. 1947 ඉන්දි­යා­වට නිද­හස ලබා­දී­මත් සමඟ ඉන්දීය අර්ධ­ද්වී­පය කැබලි බවට පත් කිරී­මේදී ඔවුන් ඇති කළ ‘පිළි­කාව‘ වූයේ කාශ්මී­ර­යයි. එදා සිට පාකි­ස්තා­නය සහ ඉන්දි­යාව කාශ්මී­රය සම්බ­න්ධ­යෙන් යුද වැදුණු අවස්ථා සංඛ්‍යාව අප්‍ර­මා­ණය; අහිමි වූ ජීවිත සංඛ්‍යාව අති විශා­ලය. අද වන විටත් කාශ්මී­රය ඉන්දි­යා­වට සහ පාකි­ස්තා­න­යට මතු කරන ගැටලු රාශි­යකි.

එහි අලුත්ම තත්ත්වය වාර්තා කර­මින් අග­මැති මෝදිගේ භාර­තීය ජනතා පක්ෂ ආණ්ඩුව කාශ්මී­රය සම්බ­න්ධ­යෙන් අති විශේෂ තීන්දු­වක් පසු­ගිය දා ගත්තේය. තීන්දු­වට පෙර තත්ත්ව­යද මඳක් පැව­සිය යුත්තේ ඒ සඳහා මෝදි ආණ්ඩුවේ සූදා­නම සහ පසු­බිම සිහි­පත් කර­වනු පිණි­සය.

මෝදි ස්වකීය දෙවැනි වාරය සඳහා බලය ඉල්ල­මින් ජන­තාව අබි­ය­සට එන්නේ ජාති­ක­වා­දය ඉදි­රි­යට ගනි­මිනි. එහිදී හින්දූන්ට සහ ඉන්දි­යා­නු­වන්ට ඉන්දි­යාව තුළ මුල් තැන ලබා­දෙන බවට ඔහු ඉඟි සැප­යූ­වේය. පාකි­ස්තා­න­යට සහ මුස්ලිම් ජන­තා­වට තමන් දැඩි ප්‍රති­ප­ත්ති­යක කට­යුතු කරන බවක්ද මෝදිගේ ඇතැම් ප්‍රකාශ මඟින් ගම්‍ය විය.

අප්‍රේල් මස පැවති මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල මැයි මාසයේ ප්‍රකා­ශ­යට පත් වීමෙන් පසු තර­මක් නිහ­ඬව කාලය ගත වුවද අගෝස්තු මස මුල සිටම මෝදිගේ රජය කිසි­යම් තීර­ණා­ත්මක ක්‍රියා­වක නිරත වනු ඇති බවට ඉඟි පළ විය. ඒ අනුව කාශ්මීර් ප්‍රදේ­ශ­යට දහස් ගණ­නින් හමු­දාව අනු­යුක්ත කෙරුණු අතර, කාශ්මී­රයේ පාසල්ද වසා දැමිණි. ප්‍රදේ­ශයේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ හින්දු ආග­මික උත්සව අව­ලංගු කෙරුණු අතර හින්දු ආග­මි­ක­ය­න්ටත් විදේ­ශි­ය­ක­ය­න්ටත් ප්‍රදේ­ශ­යෙන් පිට වන ලෙස අන­තුරු අඟවා තිබිණි. කාශ්මීර ප්‍රාන්තය තුළ සියලු අන්ත­ර්ජාල සබ­ඳතා අව­හිර කළ අතර ක්ෂණි­කව ප්‍රකා­ශ­යට පත් කළ නීති­යක් මඟින් ප්‍රාන්ත ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන් නිවාස අඩ­ස්සි­යට පත් කර තිබිණි.

ඒ සියල්ල කිසි­යම් පෙරැ­ළි­යක පෙර­නි­මිති පැහැ­දි­ලිව විද්‍යා­මාන කරන අතර රජය එක්ව­රම හදිසි තීන්දු­වක් ප්‍රකා­ශ­යට පත් කර­මින් පවසා සිටියේ ඉන්දීය ව්‍යව­ස්ථාවේ අංක 370 දරන වග­න්තිය සහ එයට අනු 35A වග­න්තිය අහෝසි කරන බවයි. ඒ වගන්ති කාශ්මී­ර­යට ඉතා වැද­ගත් වූයේ කාශ්මී­ර­යට ස්වයංපා­ලන අයි­තිය ප්‍රකාශ වූයේ එම වග­න්තිය මඟින් වීම හේතු­වෙනි.

ඉන්දීය ව්‍යව­ස්ථාවේ අංක 370 වග­න්තිය මඟින් කාශ්මීර ප්‍රාන්ත­යට වෙනම ව්‍යව­ස්ථා­වක් මත කට­යුතු කිරීමේ, වෙනම නීතී මත ක්‍රියා­ත්මක වීමේ සහ වෙනම ධජ­යක් යටතේ පැව­තීමේ අයි­තිය හිමි වී තිබිණි. ඒ යටතේ පැවති සුවි­ශේෂී නීති­යක් වූයේ කාශ්මි­රයේ දේපළ මිල­දී­ගැ­නීමේ හැකි­යාව එම ප්‍රාන්තයේ ස්ථිර පදිං­චි­ක­රු­වන්ට පම­ණක් සීමා වීමය. ප්‍රාන්තයේ ආර­ක්ෂාව, විදේශ කට­යුතු සහ සන්නි­වේ­ද­නය මධ්‍යම රජය මඟින් පාල­නය විය.

මෝදි රජය අංක 370 වග­න්තිය අහෝසි කිරී­මෙන් පසු ඇති වන ප්‍රති­ඵල රාශි­යක් වේ. ඒ අත­රින් ප්‍රධාන වන්නේ බාහිර පුද්ග­ල­ය­න්ටද කාශ්මී­රයේ දේපළ අත්පත් කර­ගැ­නීමේ හැකි­යාව ලැබී­මයි. කාශ්මී­රයේ බහු­තර ජන­තාව මුස්ලිම් වන අතර ඔවුන්ගේ චෝද­නාව වී ඇත්තේ මුස්ලිම් බහු­ත­රය අහෝසි කර දැමීමේ වෑය­මක් එම­ඟින් රජය අපේක්ෂා කරන බවයි.

එම වග­න්තිය අහෝසි කිරීමේ රජයේ තීර­ණය ප්‍රකා­ශ­යට පත් කිරී­මත් සම­ඟම එතෙක් නිවාස අඩ­ස්සියේ පසු වූ ප්‍රාන්ත දේශ­පා­ල­න­ඥයෝ එයට විරෝ­ධය පළ කර­න්නට වූහ. එයට ඉන්දීය විප­ක්ෂ­යද එක් වූයේ රජය ගත් එ තීන්දුව අති ව්‍යස­න­කාරී ප්‍රති­ඵල ඇති කර­වී­මට සමත් බව ප්‍රකාශ කර­මිනි. කෙසේ වුවද පාර්ලි­මේ­න්තුව අම­ත­මින් මෝදි රජයේ නිවාස ඇමති අමිත් ෂා පවසා සිටියේ 370 වග­න්තිය මඟින් කාශ්මී­ර­යට යහ­ප­තක් නොව ඉටු වූයේ අය­හ­ප­තක් බවයි. ඔහු වැඩි­දු­ර­ටත් පවසා සිටියේ මේ වග­න්තිය හේතුවෙන් කාශ්මී­රය තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නිසි අන්ද­මින් ක්‍රියා­ත්මක නොවූ අතර දූෂ­ණ­යද ඉහ­වහා ගිය බවයි. ප්‍රාන්තයේ සංව­ර්ධන කට­යුතු අඩාළ වීම­ටද ඒ වග­න්තිය හේතු වූ බව පැවසූ නිවාස ඇමති ෂා මින් ඉදි­රි­යට මධ්‍යම රජය මගින් කාශ්මීර ප්‍රාන්තයේ සංව­ර්ධන කට­යුතු ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කරනු ඇති බවද පවසා සිටි­යේය.

දැනට ලැබී ඇති තොර­තුරු අනුව මෝදි රජයේ කාශ්මීර වැඩ­ස­ට­හනේ කාශ්මී­රය මූලි­කව කොටස් දෙක­කට වෙන් කිරීමේ බලා­පො­රො­ත්තු­වක් ඇති බව පෙනේ. ඉන් එක් කොට­සක් මුස්ලිම් බහු­ත­ර­යක් සහිත කාශ්මී­රය වන අතර අනෙක් කොටස හින්දු බහු­ත­රය සහිත ජම්මු වශ­යෙන් වේ. මේ කොටස් දෙකම ෆෙඩ­රල් බල­තල සහි­තව පව­ත්වා­ගෙන යෑම රජයේ අර­මුණ ලෙසද ප්‍රකා­ශි­තය. එයට අම­ත­රව ඓති­හා­සික සහ සංස්කෘ­තික වටි­නා­කම් ආරක්ෂා වන සේ බෞද්ධ බහු­ත­ර­ය­කින් යුතු ප්‍රාන්ත­යක් ලෙස ලඩක් ප්‍රදේ­ශය නම් කිරීමේ අර­මු­ණක්ද ඉන්දීය රජය සතුව පව­තින බවට තොර­තුරු ලැබී තිබේ.

කෙසේ වුවද ලැබෙන තොර­තුරු අනුව පෙනී යන්නේ තමන් වඩා ඍජු ප්‍රති­ප­ත්ති­යක පිහිටා කට­යුතු කිරී­මට සමත් බව ඉන්දීය වැසි මුස්ලි­ම්ව­රුන්ට මෙන්ම පාකි­ස්තා­න­ය­ටද පෙන්වා දීමේ මෝදි වෑයම එම­ඟින් ක්‍රියා­වට නැංවී ඇති බවයි. මේ තීර­ණ­යට තව­මත් කාශ්මීර ප්‍රාන්ත දේශ­පා­ල­න­ඥ­යන්ගේ විරෝ­ධය එල්ල වී තිබේ. එහෙත් වාස­නා­ව­කට මෙන් ජන­තා­වගේ විරෝ­ධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමක් නැත. එය එසේ වනවා නම් වඩාත් යහ­පත් වන්නේ මේ වන විටත් ප්‍රමා­ණ­වත් තර­මට කාශ්මීර භුමිය ලෙයින් තෙත් වී ඇති නිසාය.

මේ අන්ද­මින් තම ඡන්ද පොරොන්දු ඉටු කර­මින් ජාති­ක­වා­දය තව කෙතෙක් දුර ඉදි­රි­යට ගෙන යෑමට අග­මැති මෝදිට හැකි­යාව ලැබේ­දැයි බලා සිටීම ආස්වා­ද­නීය වනු ඇත.

 

Comments