නිතර හිසරදය හැදෙන්න මේ දේවල් බලපානවා | Page 2 | සිළුමිණ

නිතර හිසරදය හැදෙන්න මේ දේවල් බලපානවා

දුරකතනය නිසා:-

ඔව් අද එය වෛද්‍යවරුන් විශ්වාසයෙන්ම කියන දෙයක්. ජංගම දුරකථනය මගින් පිට කරණ කිරන නිසා හිසරදය ඇතිවිය හැකියි කියලා. උදේ ඉඳන් රෑ වෙනතුරු මහ රෑත් පැය ගණන් දුරකථනවල කතා බහවල යෙදිලා ඉන්න අයට දරුණු ලෙස හිසරදය ඇතිවන බැව් පැවසෙනවා. හිසෙහි බර ගතියක් ඇති වේලාවට ජංගම දුරකතනයට මඳ විරාමයක් ලබා දීමෙන් ඔබට මහත් සහනයක් ලැබෙයි. මෙය කරලම බලන්න.

කොණ්ඩයට තදින් දාන පෝනි ටේල් නිසා

ගැහැනු ළමයින්ට විතරක්ම නෙමේ පිරිමි ළමයින්ටත් දැන් මෙය වැදගත්. කෙස් තදින් ඇදෙන සේ පෝනි ටේල් දැමීම නිසාත් හිසරදය ඇති විය හැකි බැව් සිටි ඔෆ් ලන්ඩන් මිග්‍රේන් ක්ලිනික් හි පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබෙනවා. ඉතා තදට කොණ්ඩය ගෙතීම, හුඟාක් හිරවන පරිදි ඇලිස් බෑන්ඩ් පැළදීම නිසාත් හිසරදය ඇතිවන බැව් වැඩිදුර පෙන්වාදී තිබෙනවා. තදින් ඇදීම මෙම හිසරදයට මුල් වන බව ඔවුන්ගේ අදහසයි.

වතුර නොබීමත් හිසරදයට මුලයි

වතුර නොබීම නිසා ලෙඩ ගොඩක් ඇතිවන බැව් අපි නොදන්නවා නම් නොවේ. කම්මැළිකමත්, ඕන නැතිකමත් නිසා ඇත්තටම අපි වතුර බොන්නේ නෑ. සිරුරේ ඇති ජලය ප්‍රමාණය අඩුවීම, විජලනය, හිසරදයට මුල්විය හැකි හේතුවක් බැව් එංගලන්ත මහාචාර්ය වරියක වන ඈන් මැක්ග්‍රෙගර් පවසනවා. මේ ගැන නිතර පැමිණිලි කරන හිසරද රෝගීන් සහභාගීකර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකදී පෙනී ගොස් ඇත්තේ එම රෝගීන් දිනකට සාමාන්‍යයෙන් පානය කරන වතුර ප්‍රමාණයට වඩා ලීටර් 1.5 ක් පානය කිරීම තුළින් මනා අස්වැසිල්ලක් ලබාගත් බවයි.

 

Comments