නාන කාමරයේ සොබාවික පැළෑටි තැබීමේ යහපත | Page 2 | සිළුමිණ

නාන කාමරයේ සොබාවික පැළෑටි තැබීමේ යහපත

ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්... ඇත්තටම පුළුවන්. ගේ ඇතුළත වාගේම නාන කාමරයේ ද විවිධ පැළෑටි තැබිය හැකියි. ඉන් දෑසට සුන්දරත්වයක් ගෙන එනවා පමණක් නොව නාන කාමරය ඇතුළත වාතාශ්‍රය පිරිසිදු කිරීමක් ද සිදු කරයි.

පැළෑටි ‍තෝරා ගැනීමේදී අඩු ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය පැළෑටිවලට මුල් තැන දිය යුතුය. එමෙන්ම තෙතමනය අධික පරිසරයක හොඳින් වැඩෙන පැළෑටි ද නාන කාමරයක් තුළ තැබීම වඩා සුදුසුයි. වැඩිපුර උස නොයන ගස් වර්ග තෝරා ගැනීම ද වැදගත්. උණ, කෝමාරිකා, ඕකිඩ් ආදිය වඩාත් සුදුසුයි. කෝමාරිකා වැනි ශාකයක් මල් පෝච්චි දෙක - තුනක හිටුවා තැබුවත් කමක් නැ. මොකද නාන කාමරයේ විෂ බීජ කෝමාරිකා පැළෑටිය හරි අපූරුවට අද්ද ගන්න නිසා..

 

Comments