
බැටික්ලෝ කැම්පස් ඉදිකිරීම සඳහා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයත් සමඟ ගිවිසුම් ගැසූ හිරා පදනම කිසිදු නීත්‍යනු කූල පදනමක් නැති සංවිධානයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට හිරා පදනම ගැන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාර්තාවට අනුව මෙයට බුද්ධි අංශ නිර්දේශ නොමැති හෙයින් ලියාපදිංචිය පවා ලබා දී නොමැති ආයතනයක් බව පවසා ඇත.