
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වසර 37කට ආසන්න කාලයක් පොලිස් නිලධාරියකු ලෙස ගෙවූ ජීවිතයේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ග්රන්ථ 3ක් මේ 15 දා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන එම උත්සවයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ ලේඛක දිලීප ජයකොඩි දෙසුම් පවත්වති.