ගුරු සිසු තොර­තුරු ඔන් - ලයින් ක්‍රම­යට | Page 3 | සිළුමිණ

ගුරු සිසු තොර­තුරු ඔන් - ලයින් ක්‍රම­යට

පාසල් පද්ධ­තියේ මෙතෙක් ගුරු ගැටලු අවම කිරීම උදෙසා ගුරු සිසු තොර­තුරු ‘ඔන් ලයින්’ (අන්ත­ර්ජා­ලයෙන් තොර­තුරු එවෙලේ පිරි­ක්සී­මට) ක්‍රම­යට ලබා ගැනීමේ අව­ස්ථාව හිමිව ඇත.

අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කරි­ය­ව­සම් මහ­තාගේ උප­දෙස් මත ආරම්භ කෙරෙන මෙම ක්‍රමය හරහා මෙරට පාසල් පද්ධ­තිය තුළ දැනට සිටින ගුරු­ව­රුන් සංඛ්‍යාව, ඔවුන් පත්වීම් ලබා ඇති විෂය හා දැනට මේ අය ඉගැ­න්විම් කෙරෙන පාසල්, ගුරු හිඟ­යන් පව­තින් පාසල්, මෙන්ම ඔවුන්ගේ උස­ස්විම් ඇතු­ළත් සියලු විස්තර මේ හරහා ලබා ගැනීමේ අව­ස්ථාව ලැබේ. මේ ක්‍රමය ක්‍රියා­ත්මක වීම නිසා ගුරු­ව­රුන් විශ්‍රාම යාමේදි ඇති­වන ගුරු හිඟය පිය­වී­මට පළාත්, කලාප හා ජාතික මට්ට­මින් තින්දු තීරණ ගැනි­මට, ගුරු හිඟ­යන් හා ගුරු අති­රි­ක්ත­යන් පවත්නා පාසල් හදුනා ගනි­මින් ඊට නිසි විස­දුම් ලබා දීමට මෙම­ඟින් අව­ස්ථාව සැලසේ මීට අම­ත­රව සමස්ත පාසල් සිසුන්ගේ තොර­තු­රුද මේ වන විට තොර­තුරු පද්ධ­තිය වෙත ඇතු­ළත් කර­මින් පව­තින අතර ඒ අනුව රටේ ඕනැම පාස­ලක සිටින දරු­වෙකු සම්බන්ධ තොර­තුරු මෙම‘ඔන් ලයින්‘ක්‍රමය හරහා පරීක්ෂා කර ගැනි­මට හැකි­යාව ලැබේ.

Comments