ඇසළ පෙර­හරේ දෙවන රන්දෝලි පෙර­හර අද | Page 2 | සිළුමිණ

ඇසළ පෙර­හරේ දෙවන රන්දෝලි පෙර­හර අද

 

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ දෙවන රන්දෝලි පෙර­හර අද (11) වීදී සංචා­රය කෙරේ. දළඳා මාලි­ගාව ඉදි­රි­පි­ටින් දකුණු දිශා­භි­මු­ඛව පස්වරු 6.40 ට පිට­ත්වන පෙර­හර දළදා වීදිය, ඩී.එස් සේනා­නා­යක වීදිය,කොළඹ වීදිය,යටි­නු­වර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට නිය­මි­තය.

අව­සන් රන්දෝලි මහ පෙර­හර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන (14) රාත්‍රියේ වීදී සංචා­රය කිරී­මෙන් අන­තු­රුව පසු­දින අලු­යම ගැටඹේ දිය­ක­පනා තොටේදී දිය කැපුම් මංග­ල්‍යය සිදු කිරී­මට නිය­මි­තය. පසු­දින දවල් පෙර­හර පවත්වා දිය­ව­ඩන නිළමේ ප්‍රමු­ඛව සතර මහ දේවාළ හා පිටි­සර දේවාළ බස්නා­යක නිළ­මේ­වරු පෙර­හ­රින් මහ­නු­වර ජන­පති මැදුර වෙත ගොස් මෙවර මහ­නු­වර ඇසළ පෙර­හර පෞරා­ණික චාරිත්‍ර ගරු කර­මින් සාර්ථ­කව පවත්වා අව­සන් කළ බව දැක්වෙන පෙර­හර සංදේ­ශය ජන­පති වෙත බාර දීමෙන් පසු මෙවර මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යය නිල වශ­යෙන් නිමා­වට පත් වීමට නිය­මි­තය.

Comments