මහා­නා­හි­මි­වරුන් ප්‍රමුඛ ආග­මික නායක උතු­මන්ගේ සුප­සන් දේශ­පා­ලන කති­කා­ව | සිළුමිණ

මහා­නා­හි­මි­වරුන් ප්‍රමුඛ ආග­මික නායක උතු­මන්ගේ සුප­සන් දේශ­පා­ලන කති­කා­ව

මේ වූ කලී තව මාස දෙක තුනක ඇවෑ­මෙන් නිසැ­ක­යෙන් ම එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය උඩු යටි­කුරු කරන ලද සමාජ දේශ­පා­ලන සන්ද­ර්භ­යක රටේ දේශ­පා­ලන පක්ෂ, ඒවායේ නාය­ක­කා­ර­කා­දීන් පම­ණක් නොව වෙනත් සිවිල් සංවි­ධාන හා ජනතාව ද හිරවී කුතු­හ­ල­යෙන්, විම­ති­යෙන් මෙන්ම ඇතැම් විට භීති­යෙන් හා ආත­ති­යෙන් ද බලා සිටින මොහො­තක් වැන්න. එ.ජා.ප. නායක රනිල් වික්‍ර­ම­සිං­හට තමන් අපේක්ෂා කළ පරිදි සන්ධා­න­යක් ගොඩ­නඟා ගැනී­මට නොහැකි වූවා පම­ණක් නොව ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා පිළි­බඳ නිශ්චිත නිග­ම­න­ය­කට ද එළ­ඹිය නොහැකි විය. එහෙත් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු මෙන්ම වත්මන් විපක්ෂ නාය­කයා වන මහින්ද රාජ­පක්ෂ ප්‍රමුඛ ඒකා­බද්ධ විප­ක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ යටතේ සන්ධා­න­යක් ගොඩ­නඟා ගෙන සිටියි. ඒ සඳහා ශ්‍රීල.නි.ප. නායක මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ද ධනා­ත්මක ප්‍රති­චා­ර­යක් ලැබී ඇති බව වාර්තා වේ.

කුමක් වුවත් අද එනම් අගෝස්තු 11වනදා මහින්ද පාර්ශ්වයේ අභි­නව සන්ධා­නයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ප්‍රකා­ශ­යට පත් කෙරෙන බව ද නිවේ­ද­නය කර තිබේ. ජ.වි.පෙ. සඳ­හන් කර ඇත්තේ ලබන 18 වැනිදා ඔවුන්ගේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ප්‍රකාශ කරන බව ය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි දෙමළ සන්ධා­නය, මුස්ලිම් කොංග්‍ර­සය ඇතුළු වෙනත් දෙමළ පක්ෂ වල සහාය කව­ර­කුට හිමි­වනු ඇද්ද යන්නත් මෙතෙක් ප්‍රකාශ වී නැත.

මේ සකල විධ දේශ­පා­ලන හැසි­රීම් වලින් අපට තහ­වුරු වන්නේ අපේ දේශ­පා­ලන පක්ෂ­වල තිබෙන අන්තෝ ජටා බහි ජටා ස්වරූ­ප­යයි. එසේම ප්‍රති­පත්ති මත පද­නම් ව ජාතික අභි­ලා­ස­යන් ඉලක්ක කර­ගත් රට වෙනු­වෙන් කෙරෙන දේශ­පා­ලන ව්‍යාපා­ර­යක අඩුව ද මේ සිය­ල්ලෙන් අපට හෙළි කරන දේශ­පා­ලන යථා­ර්ථ­යයි. මෙසේ වූයේ ඇයි? ප්‍රජා­ත­න්ත්‍ර­වාදී භාවි­තය මෙන්ම දේශ­පා­ලන සාක්ෂ­ර­තාව අතින් ද දියුණු රටක් ලෙස ශ්‍රී ලංකා­වට වැද­ගත් තැනක් හිමි වී තිබේ. එහෙත් එබඳු පසු­බි­මක් තුළ මෙබඳු පසු­ගාමී තත්ව­යක් ඇති වූයේ කෙසේද? ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මූල­ධර්ම, බෞද්ධ සංස්කෘ­තික හර පද්ධ­තීන් හා ආග­මික ජාතික සංහි­ඳි­යා­ව­කින් යුතු දෙද­හස් වස­රක සංස්කෘ­ති­ය­කින්ද පිරි­පුන් වූ රටක් අද වන විට මිනී කන්නන්ගේ දේශ­යක්, යහ­ගුණ දම් සිඳුණු කුරිරු අදි­මිටු ජන­යා­ගෙන් වැනසී ගිය කොදෙ­ව්වක් බවට පත්වූයේ කෙසේද? යටත් විජිත පාල­න­යෙන් මිදී, අනු­කා­රක කොම්ප්‍ර­දෝරු බට­හිර වහල් මන­සින් නිද­හස් ව අභි­මා­න­වත් ලෙස නැගී සිටි ආසි­යාවේ සාඩ­ම්බර ජන­තා­ව­කගේ ආධ්‍යා­ත්මය කුණු වී ගියේ කෙසේද? පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ ජීව ගුණය සුරැකි ශිෂ්ටා­චාර සම්පන්න රටක් ම්ලේච්ඡ ජන­තා­වක් ලෙස අව­මා­න­යට ලක් වූයේ කුමන පාප­ය­කින්ද?

නාහි­මි­ව­රුනි දෙස බස නිති රකින              ගරු 
උතු­මනි අනෙක් ආග­ම්වල හරය                පිරු 
ඔබ හැම එකට සිටි­යොත් නම් නොවෙති    බොරු 
එළවා දැමිය හැක රට කන අමන           හොරු  

මැති­කම - ඇම­ති­කම හා නිල බලෙන්          දැපී 
යුතු­කම මිනි­ස්කම පාගා දැමූ                   කිපී 
පර­ගැති අමන පර­පු­ටු­වන් සමඟ               දැපී 
වින කළ දැයට උන් හඳුනා ගනිමු             අපී 


                        ගාමිණි සුම­න­සේ­කර   

මේ සිය­ල්ලට ම හේතුව නිද­හ­සින් පසු බිහිවූ අපට යහ­පත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක්, පති­රූප දේශ­යක් ගොඩ­නඟා ගත නොහැකි වීම ය. 1956 දී අප ලබා ගත් විජ­ය­ග්‍ර­හ­ණය ඉදි­රි­යට පවත්වා ගෙන ඒමට තරම් පැණ­සර පාල­ක­යන් අපට හිඟ­වීම ය. පාර්ලි­මේන්තු සම්ප්‍ර­දා­යන් ප්‍රජා­ත­න්ත­වාදී වටි­නා­කම් මත පද­නම් වූ දේශ­පා­ලන පරි­ස­ර­යක් ස්ථාපිත කර ගැනී­මට අපට නොහැකි වීම ය. පාර්ලි­මේන්තු ක්‍රමය ගරා වැටෙ­මින් එහි සාධ­නීය ලකුණු මිය­දෙ­මින් කුණු වූ රටක් අපට ඉතිරි වුයේ අපගේ වර­දට වඩා අප තෝරා ගත් දේශ­පා­ලන භාර­කා­ර­යන්ගේ වරද හා මූග්ධ හැසි­රීම් නිසා බවද සඳ­හන් කළ යුතුය.

බ්‍රිතා­න්‍ය­යෙන් නිද­හස ලැබී­මෙන් පසුව හා අතීත යුග­ව­ලත් ඉනි­ක්බි­තිව අප මුහුණ දුන් 1971 කැරැල්ල හා උතු­රින් ඇර­ඹුණු වර්ග­වාදී යුද්ධ­යත් අපට ඉතිරි කර තිබෙන අමි­හිරි මතක බොහෝ ය. එහෙත් ශ්‍රි ලංකාවේ සදා­චාර පරි­හා­නියේ හා දේශ­පා­ලන පරා­භ­වයේ ප්‍රබල අව­ස්ථාව 1978 මෙර­ටට හඳුන්වා දුන් විධා­යක ජනා­ධි­පති ක්‍රමය බව දේශ­පා­ලන විචා­ර­ක­යන් වැඩි දෙන­කුගේ පිළි­ගැ­නීම වේ. මෙරටේ කීර්ති­මත් දේශ­පා­ල­න­ඥ­යකු මෙන්ම ආණ්ඩු­ක්‍රම ව්‍යවාස්ථා පිළි­බඳ විශේ­ෂ­ඥ­ය­කුද වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ඒ ආණ්ඩු­ක්‍ර­මය විවේ­ච­න­යට ලක් කර­මින් ඉදි­රි­පත් කළ අගනා කෘති­යක එහි සියලු විනා­ශ­කාරී ලක්ෂණ පෙන්වා දී ඇත. සර්ව­ජන ඡන්දය ප්‍රදා­නය කිරී­මෙන් පසු සාර්ථ­කව පවත්වා ගෙන එන ලද පාර්ලි­මේන්තු ක්‍රමය විකෘති වූයේ 1978 ව්‍යව­ස්ථාව නිසා බව ආචාර්ය ඇන්. ඇම්. තහ­වුරු කර තිබේ. එහි ගුණ දොස් යළි දැක්වීම අවශ්‍ය නැත. එහෙත් ඒ උගු­ලෙන් අපට ගැල­වී­මට නොහැකි වීම මේ විනා­ශ­කාරී ගම­නට හේතු වූ ආකා­රය දැන් රට ම දනී.

2015 ජන­වාර් 08 වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට මෙරටේ ජන­තාව විසින් පව­රන ලද්දේ ඒ විනා­ශ­කාරී ගමන නැවැ­ත්වී­මට උචිත දේශ­පා­ලන බල­යයි. එහෙත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ඒ සඳහා අවශ්‍ය පාර්ලි­මේන්තු බලය අහිමි වීමත් එහිදි ඔහුට මුහුණ දීමට සිදු වූ දේශ­පා­ලන අල­කං­චි­වල ප්‍රති­ඵල නිසාත් සිදු වූයේ ජන­තාව අපේක්ෂා කළ ජය­ග්‍ර­හ­ණය ලබා ගත නොහැකි වීමයි. පාර්ලි­මේ­න්තුව තුළ වූ සුළු බලය යොදා ගෙන අභි­නව සමාජ දේශ­පා­ලන සංස්කෘ­ති­ය­කට මුල පිරූ මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­ර­යාට විධා­යක ජනා­ධි­පති ක්‍රම­යත් මනාප ඡන්ද ක්‍රම­යත් සපුරා වෙනස් කළ නොහැකි විය. තම පක්ෂය වු ශ්‍රී ල.නි.ප. සමඟ එක් වූ මෛත්‍රී ඉති­හා­සයේ ප්‍රථම වරට එ.ජ.ප. හා ශ්‍රී ල.නි.ප. ආණ්ඩු­වක් නිර්මා­ණය කළත් එයට දීර්ඝ ආයුෂ හිමි නොවීම ද තවත් අර්බු­ද­යකි. සිය බල­වත් කැප­වී­මෙන් 19 වැනි සංශෝ­ධ­නය සම්මත කර රට මෙහෙ­ය­වීම බාර­ගත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට යහ­පා­ල­න­යක් ස්ථාපිත කිරී­මට නොහැකි විය. තමන් විශ්වාස කළ දේශ­පා­ලන චරිත එක් වී මහ බැංකුව කොල්ල­කෑ­මත් සමග ඇර­ඹුණු දේශ­පා­ලන විනා­ශය ඔස්සේ යළිත් රට ජන­තා­වට එපා වූ දූෂිත, වංච­නික, නාස්ති­කාර මාර්ගය වෙත­ටම පිවි­සුණි. විධා­යක බලය මෙන්ම සිය ධුර­කා­ලය ද අඩු කළ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට වස­රක් ඉක්ම යද්දී පසක් වූයේ ආණ්ඩුව සමඟ ගම­නක් නැති බව ය.

19 වැනි සංශෝ­ධ­නයේ සාධ­නීය ප්‍රති­ඵල කීප­යක් තිබු­ණත්, ඒ ක්‍රියා­දා­මය නිසා ඇති වූ විකෘ­තිය බල කේන්ද්‍ර දෙකක් නිර්මා­ණය කිරී­මට හේතු විය. මෛත්‍රී රාජ්‍ය නාය­කයා ලෙස හුදෙ­කලා වුවද ආණ්ඩු­වට ඔහු නොතකා ක්‍රියා කළ නොහැකි විය. ආණ්ඩුවේ දූෂිත චරිත විසින් ගෙන යන ලද ක්‍රියා­කා­ර­කම් නිසා පාර්ලි­මේන්තු ක්‍රමය පම­ණක් නොව එහි සියලු මන්ත්‍රී­ව­රුන් කෙරෙ­හිද ජන­තාව බැලුවේ පිළි­කු­ලෙන් යුතු ව ය. රාජ්‍ය සම්පත් විනාශ කිරීම, දූෂ­ණය, නාස්තිය සමඟ ආණ්ඩුව යද්දී මෛත්‍රී ඒවා දුබල කළ හැකි හැම පිය­ව­රක් ම ගත් ආකා­රය ද ජන­තා­වට පෙනුණි. එහෙත් රට සුපු­රුදු අවි­චාර මූග්ධ දේශ­පා­ලන වැඩ­බි­මක් ම විය. නව ලිබ­ර­ල්වාදී ධන­පති ආර්ථික අඳුරේ ජනතා ප්‍රාර්ථනා සැඟ­වෙද්දී රට ම යළිත් අනාථ විය. ආණ්ඩුවේ ඇතැම් දූෂිත කල්ලි හිරි­කි­ත­ය­කින් තොරව දුෂ­ණය, නාස්තිය වපු­ර­න්නට ද වූහ. ප්‍රාදේ­ශීය මැති­ව­ර­ණ­යේදි ආණ්ඩු­වට රතු එළි­යක් දැල්වු­වත් ඒ ගමනේ වෙන­සක් ද නොවිණි. ජන­ධි­පති - අග­මැති එළි­පිට ද, රහසේ ද ගැටෙ­මින් පාල­නය නොන්ඩි ගස­මින් ඉදි­රි­යට ගාට­න්නට ද විය. ජනා­ධි­ප­ති­ව­රයා ගම හදන, රට නගන, සුච­රිත ව්‍යාපෘති සමඟ දේශ­පා­ලන අර­ග­ල­යක නිරත විය. ජන­ප­තිගේ මතින් තොර රටක් කුඩු ජාවා­ර­මුන් වැන­සීමේ සටන නව ජව­ය­කින් ඉදි­රි­යට ගියේය. එහෙත් ආණ්ඩුවේ පසු පෙළින් ලැබුණේ මත්කුඩු ජාවා­ර­මුන්ට අත්පුඩි ගැසිය හැකි සහ­යෝ­ග­යකි. ජන­ප­තිගේ එල්ලුම් ගහ බල­ර­හිත කිරී­මට පවා ආණ්ඩුව කල­බල විය. එහෙත් ඒ දුෂ්ට අර­මුණු මඟ හිර­වූයේ නීතිය නිසා ය.

කෙසේ හෝ රටේ ආණ්ඩු දෙකක්, ප්‍රති­පත්ති දෙකක් තිබෙන ආකා­රය කාටත් පැහැ­දිලි විය. ආණ්ඩුවේ පසු පෙළින් ද ජනා­ධි­ප­ති­ව­ර­යාට නිමක් නැති විවේ­චන පම­ණක් නොව දේශ­පා­ලන කෙණෙ­හි­ලි­කම් ද සිදු විය. එහෙත් ඒ කිසි­ව­කින් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා පසු බැස්සේ ද නැත. රටත් ජන­තා­වත් රැක ගැනීමේ අදි­ටන ඔහු ගෙන් බැහැර වූයේ ද නැත. ඇන්.ජී.ඕ. ගිජු­ළි­හි­ණි­යන් මෙන්ම කොටි­දත් පෙන්වා සිනා සෙන ඊළාම් රූකඩ ද වෙන වෙනම හඳුනා ගැනී­මටෙ මෛත්‍රී ජන­ප­තිගේ දේශ­පා­ලන දැක්ම සියුම් විය. මෛත්‍රී සිවු­රට බිය බව ඔවුහු කීහ. එහෙත් තමා සිවු­රට ගරු කරන, කුඹු­රට ආද­රය කරන බොදු ගොවි පුතෙක් බව කීමට තරම් ධෛර්යක් හා වීර්යක් මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා සතු විය. ත්‍රිපි­ට­කය ජාතික උරු­ම­යක් හා ලෝක උරු­ම­යක් බවට පත් කළ ඔහු පොළො­න්න­රුව අතීත ශ්‍රී විභූ­ති­යෙන් ආඪ්‍ය කර­වී­ම­ටද සමත් විය.

ආණ්ඩුව අර්බුද, ගැටුම්, විවේ­චන මැදින් ගාට­මින් ගිය අතර ජනතා විරෝ­ධය ද දස­තින් නැගුණි. සර­සවි සිසුහු වීදි­ව­ලට බටහ. වෘත්ති­ක­යන්ගේ හා රාජ්‍ය ආය­තන නිල­ධා­රී­න්ගේද විරෝ­ධතා මතු වෙමින් තිබුණි. මහ­ජන සේවා­වන් යථා පරිදි පවත්වා ගෙන යාමේ දුෂ්ක­රතා ද මතු විය. කිසි­ව­කුගේ මුවඟ සතු­ටක් සින­හ­වක් නැඟුණේ නැත. කවු­රුත් පසු­තැ­විලි වූයේ අනේ රට­කට වෙච්ච දේ යැයි කිය­මින් ය. එහෙත් විද්ව­තුන්, දේශ­ප්‍රේ­මීන් මුළු ගන්ව­මින් පැතිර ගිය නිසරු ඝෝෂා වලින් නම් අඩු­වක් වූයේ නැත.

මේ පසු­බිම වට­හා­ගත් ආග­මික නාය­කයෝ රටට අවශ්‍ය දේශ­පා­ලන සංගා­ය­නා­ව­කට උචිත හා මිහිරි ප්‍රති­පත්ති මාලා­වක් සම්පා­ද­නය කළහ. මේ දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය රටට හානි­දා­යක බවත්, යළිත් විවිධ බල­වේ­ග­ව­ලට රට ගොදු­රක් විය හැකි බවත් මේ උතුමෝ වටහා ගත්හ. ජනතා පාර­මා­ධි­ප­ත්‍යය හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට තිබෙන එක ම මඟ මේ ගර්හිත දේශ­පා­ල­නය පුන­රු­ත්ථා­ප­නය කිරීම විනා වෙනත් වික­ල්ප­යක් නැති බව ද මේ ආග­මික් උතුමෝ පසක් කර ගත්හ. අන­තු­රුව ඒ සද්කාර්ය ජාති, ආගම්, ගෝත්‍ර භේද­ය­කින් තොරව ඉටු කිරී­මට වුව­මනා සුප­සන් පිළි­වෙ­තක්ද සැක­සිණි. සිය­ල්ලෝම එක්ව සම­ගි­යෙන් නව කති­කා­වක් සම්පා­ද­නය වන්නේ ඒ පසු­බිමේ ය. මේ මූග්ධ දේශ­පා­ල­නය අව­සන් කර දමා ජන­තා­වගේ ප්‍රඥාව අවදි කිරී­මට උචිත ප්‍රබල ප්‍රති­පත්ති මාලා­වක් සකසා දැනට සිටින සිය­ලුම දේශ­පා­ලන නාය­ක­යන්ට ලබා දීම මේ සද්කාර්ය සඳහා පෙළ ගැසුණු නිය­මු­වන්ගේ උදාර අර­මුණ විය. උගතා, විද්වතා, නැණ­වතා, ගුණ­වතා, ප්‍රති­ප­ත්ති­ග­රුක ශිෂ්ට සම්ප­න්නයා සිටිය යුතු තැන ළඟින අමන, දුමන, නිහී­න­යන් ඉවත් කිරීම රට හදන ව්‍යාපෘ­තියේ පළමු පිය­වර බව නිසැක ය. ඉකුත් අගොස්තු 06 වනදා කොළඹ බණ්ඩා­ර­නා­යක ශාලාවේ ඒ නිර්දේ­ශා­ව­ලිය එළි­දැ­ක්වීම සිදු විය.

බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩ­ලයේ සෘජු මැදි­හ­ත්වී­මෙන් ඉදි­රි­පත් වු ඒ සුප­සන් පිළි­වෙත් ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරීම දේශ­පා­ලන පක්ෂ­වල මෙන්ම මහ­ජ­න­තා­වගේ ද වග­කීම වනු ඇත. මේ දේශ­පා­ලන නිර­යෙන් රට මුදා ගැනී­ම­ටත්, පති­රූප දේශ­යක් ගොඩ­නඟා ගැනී­ම­ටත් ඒ පිළි­වෙත් සමු­දාය මඟ පෙන්වනු ඇත. දේශ­පා­ල­නය දුෂ­ණ­යට, අයථා හැසි­රී­මට, වංචා­වට, ජාතික සම්පත් මංකොල්ල කෑමට, භීති­යට උඩින් වැජ­ඹී­මට දෙන බල­ප­ත්‍ර­යක් නොව අවංක, කැප­වී­ම­කින් ජනතා මෙහෙ­ව­රක්, උතුම් සේවා­වක් බව මේ පිළි­වෙත් රටට පැහැ­දිලි කරයි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ද ඒ අව­ස්ථා­වට එක්ව සිය සහාය ද පළ කර සිටි­යේය.

අපට අවශ්‍ය හෘදය සාක්ෂි­යක් සහිත අභි­නව දේශ­පා­ලන ව්‍යාපෘ­ති­ය­කට කැප වු යහ­පත් ප්‍රබුද්ධ පාල­න­යකි. ස්වාර්ථය දුරලූ පාරා­ර්ථ­යට කැප වූ ජාතික සංස්කෘ­තික අන­න්‍ය­තා­ව­ලට ගරු කරන ජාති­ක­ත්වය සංස්කෘ­තික විවි­ධ­ත්වය අග­යන පාල­න­යකි. අල්ලස, දුෂ­ණය, වංචාව නැති මැති ඇම­ති­ව­රුන්ගේ එක­මු­තු­වකි. ඒ සුප­ළි­පත් දේශ­පා­ලන ප්‍රති­පත්ති මාලාව යථා­ර්ථ­යක් බවට පත් කර ගැනී­මට ඉති­හා­සය අපට බල කර සිටියි. තතු මෙසේ හෙයින් මල්වතු අස්ගිරි ප්‍රමුඛ අම­ර­පුර, රාමඤ්ඤ නිකා­ය­වල මහ­නා­හි­මි­වරු මෙන්ම අග­ර­ද­ගුරු හිමි­පා­ණන් ප්‍රමුඛ කිතුනු පුජ­ක­වරු, හින්දු හා මුස්ලිම් උලමා සභා­වල ප්‍රධා­නීහු, ලංකා සභාව වැනි මෙරටේ සිය­ලුම ආගම් වල ප්‍රමුඛ උතුමෝ ඒ ප්‍රති­පත්ති මාලා­වට අත්සන් තබා අනු­මත කර සිටිති. ජනා­ධි­පති, අග­මැති, විපක්ෂ නායක ධුර දරණ අයට මෙන්ම අනෙ­කුත් දේශ­පා­ලන නායක කාර­කා­දීන්ට මේ ප්‍රති­පත්ති මාලාව පිළි­ගන්වා ඒ අනුව සියලු පක්ෂ තුළ සාධ­නීය ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් සඳහා ඇර­යුම් කළහ. මහ­ජන නියෝ­ජි­ත­ය­න්ගේන් ඇර­ඹෙන ඒ ප්‍රති­සං­ස්ක­රණ, ප්‍රති­ශෝ­ධන ක්‍රියා­ව­ලිය නිසැ­ක­යෙන් ම මෙරටේ අනා­ග­තය වෙනස් කර­න්නක් වනු ඇත. කළු සල්ලි­කාර ජාවා­ර­මුන්ට, කුඩු ජාවා­ර­මුන්ට සල්ලාල අම­න­යන්ට භික්ෂු ගෞර­වය නැති ආග­මික උතු­මන්ට ගර­හන, ජාතික සිරිත් විරිත් නොත­කන අධ­ම­යන් දේශ­පා­ල­න­යෙන් ඉවත් කිරී­මට එම ආග­මික උතුමෝ යෝජනා කරති. අද දේශ­පා­ල­නය යනු දුසි­රිත් ආකා­ර­ය­කට දෙන බල­ප­ත්‍ර­යක් බවට පත්ව තිබේ. නීතිය, යුක්තිය, සාධා­ර­ණය යනු ඒ අධම දේශ­පා­ලන පාද­ඩ­යන්ගේ අභි­ම­තය වී තිබේ. මැති­ව­ර­ණ­ව­ලදී බහු­ලව ජන­තාව ඉදි­රි­යට එන්නේ පව්කඳු වැනි කළු චරිත හා අශිෂ්ට, අධම ගහ­ල­යන් බඳු පුද්ග­ල­යෝය. ඔවුන් දන්නා ශාස්ත්‍ර­යක් නැත. හරි­හ­මන් අධ්‍යා­ප­න­යක් නැත. හොඳ නරක නොහ­ඳු­නයි. සල්ලා­ල­කම, මැර­කම, බල­හ­ත්කා­ර­කම, අම­න­කම වීර­ක­මක් බවට පත් කර­ගත් මේ වර්ගයේ චරිත දේශ­පා­ල­න­යෙන් ඉවත් කළ යුතු බවට ආග­මික උතුමෝ යෝජනා කරති. රට­කට අවශ්‍ය යහ­පත්, ශීලා­චාර මිනි­සුන් ය; ලැජාජා බිය සහිත මිනි­සුන් ය. පරි­ත්‍යා­ගය, කරු­ණාව, දයාව, මනු­ෂ්‍ය­ත්වය හඳු­නන මිනි­සුන්ට ගම, පළාත, රට භාර නොකළ හොත් මේ විනා­ශ­යෙන් අපට ගොඩ ඒමක් නැත. දේශයේ හා ජාතියේ භාර­කා­ර­ත්ව­යට පත්විය යුත්තේ හෘදය සාක්ෂි­යක් සහිත උතු­මන් බව ඒ යෝජ­නා­ව­ලියේ අව­ධා­ර­ණය කර තිබේ. කෙත හඳු­නන, සිවුර හඳු­නන, පල්ලිය, කෝවිල, පන්සල, දෙව්මැ­දුර යන සියලු පූජ­නීය ස්ථාන සුර­කින, ගහට කොළට, සොබා දහ­මට, ඇලට දොළට, ගඟට ආද­රය කරන මේ මිහි­මත ජීව­ත්වන කුරා කුහු­ඹි­යාගේ සිට සියලු ප්‍රාණීන් අපා, දෙපා, සිව්පා සතුන් සුර­කින බෝසත් සිත් ඇති මිනිස්සු අදත් ගම්වල සිටිති. ජන­තාව තෝරා ගත යුතු එබඳු සාධා­රණ මිනි­සුන් මිස කද බඩ පම­ණක් ඇති වස­ල­යන් නොවන බව මේ ආග­මික උතුමෝ අව­ධා­ර­ණය කරති.

අද රටක් වශ­යෙන් අප මුහුණ දී සිටින විනා­ශ­කාරී, අර්බුද, සමාජ විරෝධී පෙල­ඹ­වීම් සිය­ල්ලට ම හේතුව දේශ­පා­ලන වශ­යෙන් රට ගිල්වා තිබෙන නිරයේ ප්‍රති­ඵල බව මේ ප්‍රකා­ශ­නය මනාව පහදා දී තිබේ. අපි නීති­යක්, වින­යක්, සදා­චා­ර­යක්, ළෙන්ගතු බවක්, අවං­ක­ත්ව­යක් යහ­ගු­ණ­යක් නොමැති කරුණා දයා විර­හිත අදි­මිටු කුරිරු වෛරී ප්‍රචණ්ඩ ජන­කො­ට­සක් බවට පත්වී සිටිමු. එයට මූලික හේතුව අපගේ කැමැ­ත්තෙන්, මනා­ප­යෙන් රට බාර­වන දේශ­පා­ලන පක්ෂ හා ඒවායේ නායක කාර­කා­දී­හුම බව මේ ප්‍රකා­ශ­නය මනාව තහ­වුරු කර තිබේ.

මේ සම්ම­න්ත්‍ර­ණ­යට එක්වූ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා පැහැ­දිලි ව ම ප්‍රකාශ කළේ ව්‍යව­ස්ථා­වේත්, මැති­ව­රණ නීති­යේත් පව­තින අඩු­පාඩු යහ­පත් සමා­ජ­යක් ගොඩ නැඟී­මට බාධා­වක් වී තිබෙන බව ය; මේ සඳහා තම උප­රිම සහා­යද ලබා දෙන බව ය. ආග­මික නාය­ක­යන්ගේ මේ යොජනා හොඳ රටක්, දේශ­පා­ලන සංස්කෘ­ති­යක් හැදී­මට ඉව­හ­ල්වන බව විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහතා ද කීවේය.

ඉහත දැක් වූ පරි­දිම අපට අවශ්‍ය හෘදය සාක්ෂි­යක් සහිත දේශ­පා­ලන සමා­ජ­යකි. දූෂ­ණය, වංචාව, අල්ලස, භීෂ­ණය නැති සමා­ජ­යකි. ජාති, ආගම්, කුල, භේද නැති මිනි­ස්කම සුර­කින, ජාතික සම්පත් වලට ඇල්මැති මානව සමා­ජ­යකි. පවුල, සමා­ජය, ආණ්ඩුව, ආග­මික බැඳීම් හා සංස්කෘ­තික උරුම පිවි­තු­රුව පවත්නා සමා­ජ­යකි. භග­වත් ගීතාවේ සඳ­හන් වන පරිදි ප්‍රති­ඵ­ලය වෙත නොඇලී කළ මහා දෙය කළ යුතුය. වැද­ගත් ම දේ ප්‍රති­ඵ­ලය නොස­ලකා අවශ්‍ය දෙය කිරීම ය. වරක් මහා ලේඛක ලියෝ ටොල්ස්ටෝයි ප්‍රකාශ කළේත් ස්වර්ග රාජ්‍ය ඇත්තේ ඔබ තුළ ම බව ය. මහත්මා ගාන්ධිගේ ප්‍රකා­ශ­යක් ද මේ ලිපිය අව­සන් කිරීම සඳහා උචිත ය.

“දේශ­පා­ලන ක්ෂේත්‍ර­යෙහි විජ­ය­ග්‍ර­හ­ණය ලද හැක්කේ සතුරා ජය ගැනී­මෙන් නොව සතුරා තමන් වෙත දිනා ගැනී­මෙන් පමණි.”

අදහස්