ප්‍රශ්නයි උත්ත­රයි | සිළුමිණ

ප්‍රශ්නයි උත්ත­රයි

ඩි අමීන්ට බල­යට එන්න උදව් කළේ අමෙ­රි­කාව ඇතුළු බට­හිර රට­වල් ය.

1971 ජන­වාරි මස 25 වැනිදා ඔබො­ටේගේ නාය­ක­ත්ව­යෙන් යුත් රජය හමුදා කැරැ­ල්ල­කින් පෙරළා දමා උග­න්ඩාවේ බලය අල්ලා ගන්නට ඉඩි අමීන්ට හැකි විය. කම්පාලා අග­නු­වර සෑම රජයේ ආය­ත­න­ය­ක්‌ ම හමු­දාව යට­තට පත් කර­ගෙන හේ භීෂ­ණ­ය­ක්‌ ­ඇති කළේය.

ඔබො­ටේ­ගෙන් ලැබුණු රටට වඩා අභි­මා­න­වත් රටක් පැතූ උග­න්ඩාවේ මිනිස්සු 'ඉඩිට' ඉඩ දුන්නේ ය. ඔබො­ටේගේ පාල­නය සෝවි­යට් කඳ­වුර දෙසට නැඹුරු වෙමින් පැවති එකක් වූ අතර ඔහු යම් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජය­ග්‍ර­හණ රැසක් උග­න්ඩා­වට ලබා දුන්නේය. අනෙක් අතට ඔහුට බට­හිර රට­වල් ද මුලින් හිත­ව­ත්ක­මක් පෑවේය. ඔබොටේ කල්පනා කළේ ලෝකයේ ම සහාය තමන්ට ලැබෙ­නවා කියා ය.

'ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කන්නද?'

සම­හරු එසේ නොඇ­සුවා නොවේ.

අන්ති­මට සැඟ­වුණු න්‍යාය­ප­ත්‍ර­ය­කින් බට­හිර සහාය ලැබු­ණේත් ඉඩි අමීන්ට ය.

බල­යට පත්වී­මෙන් පසු පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරිය ඉඩි අමීන් ව්‍යව­ස්‌ථාව සංශෝ­ධ­නය කර­මින් සියලු ම විධා­යක බල­තල තමන් වෙතට පවරා ගත්තේ ය.

'රට ගැන හිතන නාය­කයා'

'විනය සහිත වීරයා'

'යුද්ධය දිනවූ සෙන්ප­තියා'

යනාදී අනේක විධ වර්ණ­නා­වන් ඔහුට තිබු­ණේය.

නමුත් කාල­යත් සමඟ අප්‍රි­කානු මහා­ද්වී­පයේ රට­වල් නිද­හස ලබා ගත්තාට පසු බිහිවූ දරු­ණු­තම රාජ්‍ය නාය­කයා ලෙස ඉඩි අමීන් නාමය ඉති­හා­ස­ගත විය. ඔහුගේ පාලන කාලය තුළ අවම වශ­යෙන් පුද්ග­ල­යන් 1,00,000 සිට 5,00,000 දක්‌වා ඝාත­නය හෝ අමා­නු­ෂික වධ හිංසා­ව­ලට භාජන වී ඇත.

උගැ­න්ඩා­වට සුදු නයිල් නදිය සම්ප­තකි. ගොවි­තැන සඳහා ජලය ලබා ගන්නේ සුදු නයිල් නදිය සහ ඒ හා ආශ්‍රිත ජල ධාරා­ව­න්ගෙන්ය.. රට කොළ පැහැති ය. සශ්‍රීක පසක් ඇත. මේ කාලයේ නම් දකුණු සුඩා­නයේ සිට පැමි­ණෙන සර­ණා­ග­ත­යන් උග­න්ඩා­වට ද පැමිණේ.

රටේ එක්තරා වගා­වක් වන්නේ, ‘කෝපි’ ය. මේ කෝපි ඉතා­මත් රස­වත් ය. ලෝකයේ කෝපි නිෂ්පා­ද­නය කරන රට­වල් දහය අත­රට උග­න්ඩා­වත් අයත් වේ.

එහෙත් ඉඩි අමීන් ඒ රට නන්න­ත්තාර කළේය.

1971 පෙබ­ර­වාරි 2 වැනිදා ඉඩි අමීන් තමා උග­න්ඩාවේ ජනා­ධි­පති බවට ප්‍රකාශ කළ අතර සන්නද්ධ හමුදා, යුද හමුදා මාණ්‌ඩ­ලික ප්‍රධානි තන­තුරු ද තමන් දරන බවට ප්‍රකාශ කළේය. උගන්ඩා ආණ්‌ඩු­ක්‍රම ව්‍යව­ස්‌ථාව අතට ගෙන තමාගේ සෙල්ලම පටන් ගත් ඔහු ඇතැම් විධි­වි­ධාන අත්හි­ටුවා ව්‍යව­ස්ථාව කත­න්දර පොතක් කළේය. කම්පාලා නුවර ජනා­ධි­පති මන්දි­රය 'අණ­දීමේ මධ්‍ය­ස්‌ථා­නය' ලෙසට නම් කළ ඔහු කැබි­න­ට්‌ ­ඇ­මැ­ති­වරු අලු­තෙන් පත් කළේය. ඔවුන් සියලු දෙනාම හමුදා නීති­යට යට­ත්විය යුතු විය; පීඩාව උග්‍ර විය; ඒකා­ධි­පති විය­රුව පටන් ගත්තේය. සිවිල් වැසි­යන් බොහෝ ගණ­න­ක්‌ ­අ­තු­රු­දන් විය. ආග­මික නාය­ක­යන්, මාධ්‍ය­වේ­දීන්, කලා­ක­රු­වන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්, විනි­සු­රු­ව­රුන්, නීති­ඥ­යන්, සිසුන් හා බුද්ධි­ම­තුන් සාප­රාධී චෝදනා යොමු­කොට ඝාත­නය කළේය .

හිටපු අග්‍රා­මාත්‍ය මෙන්ම අග්‍ර­වි­නි­ශ්ච­ය­කා­ර­යකු වූ බෙන­ඩික්‌ටෝ කිවු­නුකා, ඇංග්ලි­කන් අග­ර­ද­ගුරු, උගන්ඩා මහ බැංකුවේ අධි­පති, හිටපු ආණ්‌ඩු­කාර ජෝෂප් මුබීර්, මැක­රේර් විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ෆරූන්ත් කලි­මුසෝ, ප්‍රසිද්ධ නාට්‍ය රච­ක­යකු වූ බයි­රන් කවා­දාව, අමීන්ගේ කැබි­න­ට්‌ ­ඇ­මැ­ති­ව­රුන් දෙදෙ­නකු වූ එරී­නෝයෝ විල්සන් ඔරීමා සහ චාල්ස්‌ ­ඔ­ටුත් ඔළුම්බි ද ඝාත­නය විය.

ආසි­යා­නු­වන් හා යුරෝ­පී­යන් සතු දේපළ අත්පත් කර ගැනීම ඇතුළු ප්‍රති­පත්ති මාලා­වක්‌ 'ආර්ථික යුද්ධ­යක්‌' ලෙස ප්‍රකා­ශ­යට පත් කළ ඔහු බ්‍රිතාන්‍ය පාස්‌පෝ­ට්‌ ­හිමි වූ ආසි­යා­නු­වන් 50,000ක්‌ ර­ටින් පන්නා දැමී­මට තහ­නම් නියෝග නිකුත් කළේය.

ඉඩි අමීන් ලිබි­යාවේ මුව­ම්මර් ගඩා­ෆි­ගෙන් හා රුසි­යා­වෙන් සහ­යෝ­ගය ලබා­ග­ත්තේය. මුලින් උදවු කළ බට­හිර රට­වල් පවා ඉඩි­ගෙන් ඈත් විය.

1973දී ඇමෙ­රි­කානු තානා­පති තෝම­ස්‌ ­පැ­ට්‌රි­ක්‌ ­මෙ­ලදී, ඉඩි අමීන් ජාති­වාදී, ම්ලේච්ඡ, අඥාන, යුද­වාදී, අතා­ර්කික, හාස්‍ය­ජ­නක මිලි­ට­රි­වා­දි­යකු ලෙස හැඳි­න්වීය.

20,000ක පමණ උගන්ඩා ජන­තාව ආර­ක්‍ෂාව පතා ටැන්සා­නි­යා­වට පලා ගියේය.

'ඔහු අවු­රුදු 8ක් රට පාල­නය කළා. දෙවි­යනේ ඒ බිහි­සුණු කාලය. ඔහු බල­යෙන් පහ වීම සිහි­න­යක්. නපුරු සිහි­න­ය­කට පස්සේ අවදි වුණා වගේ දැනුණා'

ඔහුගේ වසර අට ගැන මිනිස්සු කියන්නේ එහෙ­මය.

අව­ස්ථාව සහ කම්ප­න­යන් ඔස්සේ මිනිස්සු තීන්දු ගන්නා විට විනා­ශය පෙනෙන්නේ නැත.

සරල ම උදා­හ­ර­ණය ලංකා­වෙන් ගත හැකිය.

‘එන්න එළි­යට භීෂ­ණය ඉව­රයි'

මාතර නග­රයේ මෙහෙම කට­වුට් එකක් තිබ්බේ මීට අවු­රුදු 5කට පෙරා­තුව ය. මේක මංග­ලගේ මැති­ව­රණ ප්‍රචා­රක දැන්වී­මක් වුණාට ඒ යටින් ලොකු කතා­වක් තිබ්බේය.

"ජන­වාරි අට" පෙර­ළිය සිදු­වන්නේ දූෂිත පාල­න­යක් කෙළ­වර කර­මින් ය. සිල්ලර කාර­ණා­ව­ලින් ඔබ්බට ගිහින් දේශ­පා­ල­නික අර­මුණු අර­බයා මිනිස්සු පෙළ­ගැ­හුණු මැති­ව­ර­ණ­යක් වූවා නම් ඒ ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. යහ­පා­ල­නය, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නිද­හස වැනි දේශ­පා­ල­නික කාරණා ප්‍රමුඛ කොටත් ආර්ථි­ක­මය අව­ශ්‍යතා ද්විතී­යික කොටත් ප්‍රාර්ථනා ගොඩ­ගසා ගනි­මින් මිනිස්සු අලුත් ආණ්ඩුව හැදූහ.

ඊට පෙර යුගය තුළ රටට ආසි­යාවේ ආශ්චර්ය කැන්දා­ගෙන එන බවට පුර­සා­රම් දෙඩු­වද ලෝක­යෙන් කොන් වූ රටක් බවට පත්විය. නිද­හ­සින් තොර වූ, මානව හිමි­කම් සෝදා­පාළු වූ, අයි­ති­වා­සි­කම් සුනු­වි­සුනු වූ, බල ලෝභය දෝරෙ ගැලූ, පවු­ල්වා­දය ඔඩු දිවූ දශ­ක­යක් අව­සන් කාර්තුවේ උදා වෙමින් තිබ්බේ ය.

පොල් ගෙඩි දෙකක් ඉස්සූ දරු­වාට දඬු­වම් දෙන රට­කුත්, කතුන් සීයක් දූෂ­ණය කළ ප්‍රාදේ­ශීය සභා­ප­ති­ව­රුන් ඒවා උත්සව ශ්‍රීයෙන් සම­රන රට­කුත් නිර්මා­ණය විය.

ලස්සන වච­න­ව­ලින් තොරො­ම්බල් කළ එහෙත් ඊට වඩා හාත්ප­සින් වෙනස් පැවැ­ත්මක් සහිත රටක් නිර්මා­ණය වී තිබුණේ ය. ලෝක­යට "පාට්" දාන පාල­න­යක් බිහිවී තිබුණේ ය. අන්ති­මට කාත් කවු­රුත් නැති හුද­කලා "පාප­න්දු­වක් වී ලෝක­යාගේ" පා පහ­ර­ව­ල්ව­ලට ලක්වූ රටක් නිර්මා­ණය විය. සුදු වෑන්, මරණ භීතිය, පළි­ගැ­නීම්, ජාති­වා­දය, ආග­ම්වා­දය, රටේ "එදා­වේල" බවට පත්වී තිබුණේ ය. නීතිය වෙනු­වට අව­නී­තිය, සදා­චා­රය වෙනු­වට අවි­චා­රය, ජන­ප්‍රිය දේශ­පා­ල­න­ඥ­යන් මේ කොදෙ­වුවේ දුලබ නැත. එහෙත් ආණ්ඩු පෙරැ­ළීමේ සහ බිහි­කි­රීමේ තීර­ණා­ත්මක මැදි­හ­ත්වීම කළ හැකි දේශ­පා­ල­න­ඥ­යන් සොයා­ගැ­නීම දුලබ ය.

ගෝඨා­භය රාජ­පක්ෂ කර­ළි­යට පැමි­ණෙන්නේ ඩී. ඒ. රාජ­පක්ෂ නම් දේශ­පා­ලන පවු­ලෙන් යුද හමු­දා­වට සම්බන්ධ වූ පුද්ග­ල­යකු ලෙස ය. එය ඒ කාලයේ හැටි­යට 'මැජික්' එකකි. කෙසේ වෙතත්, ගෝඨා­භ­යගේ නම යුද හමුදා නිල­ධ­ර­යකු ලෙස යුද්ධය සක්‍රිය පැවැති සම­යක රණ­වි­රු­වකු ලෙස නම් අපට ඇසෙන්නේ ඉතා අඩු­වෙනි. කොබ්බෑ­ක­ඩු­වලා, විජය විම­ල­ර­ත්නලා, මොහාන් ජය­ම­හලා, සරත් ෆොන්සේ­කලා, සිසිල් වෛද්‍ය­ර­ත්නලා, ලකී අල්ග­මලා, ජානක පෙරේ­රලා යනාදී දහ­සක් විරු­වන් අතර පවා ගෝඨා­භය නැත. රණ­වි­රු­වකු ලෙස පෑ සුරු­වි­රු­ක­ම්ව­ලට වඩා ඔහු සම්බ­න්ධ­යෙන් ඉස්ම­තුව පෙනුණු කාර­ණය වනුයේ අනූව දශ­කයේ ඊළාම් යුද්ධය ඉතා තීර­ණා­ත්මක කඩ­යි­ම­කට පැමිණි මොහො­තක යුද හමු­දාව හැර-ගිය පුද්ග­ල­යකු ලෙස ය. ගොඨා­භය රාජ­පක්ෂ යුද හමුදා සේව­යෙන් විශ්‍රාම ගැනී­මට අවශ්‍ය ලිය­කි­ය­විලි ඉදි­රි­පත් කළේ 1991 නොවැ­ම්බර් පළ­මු­වැ­නිදා වුවත් ෆෝට් බෙනි­න්හිදී පාඨ­මා­ලා­වක් හැදෑරූ බැවින් වසර දෙක-තුන­කට පෙර සිටම වැඩි කාල­යක් ගෝඨා­භය සිටියේ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ය. තම ඇම­රි­කානු ගමන සාධා­ර­ණී­ක­ර­ණය කර­මින් ඔහු ඒ අව­ස්ථාවේ ප්‍රකාශ කළේ පවුලේ අයගේ බල­පෑම සහ පෙරැ­ත්තය මත ඒ තීර­ණය ගත් බවයි.

එහෙම බැලූ කල යුද්ධයේ තීර­ණා­ත්මක මොහො­තක රටින් පැන ගිය පුද්ග­ල­යකු ලෙස ගෝඨා­භ­යගේ නම ඉස්මතු වීම හුදෙක් අති­ශ­යෝ­ක්ති­යක් පම­ණක් ම නොවේ.

මෙලෙස යුද්ධය අත­ර­තුර රටින් ඇම­රි­කා­වට ගිය ගෝඨා­භය නැවත මතු වනුයේ ඔහුගේ සහෝ­ද­රයා රටේ අග­මැති ලෙස පත් වීමෙන් අන­තු­රු­වය. තම සහෝ­ද­රයා ජනා­ධි­ප­ති­ධු­ර­යට පත් කිරී­මට ගෝඨා­භය විසින් සැල­කිය යුතු වැඩ කොට­සක් තිර­යෙන් පිටු­පස හිඳි­මින් කළ බව ඇත්තකි. මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ධූ­ර­යට පත් වීමෙන් අන­තු­රුව රටේ ආර­ක්ෂාව සම්බන්ධ ඉතා තීර­ණා­ත්මක තන­තු­රක් වන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුර­යට ගෝඨා­භය පත් කළේ ඒ කැප­වී­මට කළ­ගුණ සැල­කී­මට විය යුතුය.

'එතු­මාගෙ වැඩ ගැන දන්න නිසා මම එතු­මට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විත­රක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨා­භය රාජ­ප­ක්ෂට පුදුම බයක් තියෙන්නෙ; මොකද එතු­මාගෙ හැකි­යාව ගැන මට හොඳ දැනු­මක් තියෙ­නවා. හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මැදි­හත් වීම මත සිදු වී ඇති බවට සැක­කෙ­රෙන අප­රාධ මෙතන තියෙ­නවා.'

වරක් මංගල සම­ර­වීර එහෙම කීවේය.

මංගල කී පරිදි ගෝඨාගේ අතීත වැඩ කලාව කෙබ­ඳුද?

“යුද හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් විසින් 2008. 05. 20 දින දෙහි­ව­ලදී 'ද නේෂන්' පුව­ත්පතේ කර්තෘ පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා­ගෙන අමා­නු­ෂික ලෙස පහර දීම හේතු­වෙන් මේජර් ජෙන­රාල් අමල් කරු­ණා­සේ­කර ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් 8 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා. මම හිතන්නෙ අමල් කරු­ණා­සේ­කර ඇරෙන්න සෙසු සැක­ක­රු­වන් නිද­හස් කළා. හැබැයි මම හිතන්නෙ අමල් කරු­ණා­සේ­ක­ර­ට­වත් මේ අනිත් සාමා­ජි­ක­ය­න්ට­වත් කීත් නොයාර් ගැන තර­හක් තිබුණෙ නෑ. මේ අය කළේ අපි දන්න විදි­යට ඉහ­ළින් ආපු නියෝග ක්‍රියා­ත්මක කිරීම. 2009-01-08 වැනි දින ගල්කිස්ස පොලිස් වස­මේදී බුද්ධි අංශ සාමා­ජි­ක­යන් විසින් සන්ඩේ ලීඩර් පුව­ත්පත් කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග මහතා උල් ආයු­ධ­ය­කින් ඇන ඝාත­නය කිරීම, වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යේදී රැඳ­වි­යන් 21 දෙනකු ඝාත­නය කිරීම, ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි සාමා­ජි­ක­යන් විසින් රිවිර කර්තෘ උපාලි තෙන්න­කෝන්ට පහර දීම, එක්නැ­ලි­ගොඩ පැහැර ගැනීම හා වැලි­වේ­රි­යේදී උද්ඝෝ­ෂ­ණයේ යෙදුණු අයට පහර දීම. බුදු අම්මෝ මේ වගේ ඒවා අහ­න­කොට බය වෙන්නෙ නැත්ද? මේ ඔක්කොම අපි දන්නවා. මේ හැම එකක්ම පිටු­පස හිටියේ අපි බය විය යුතු ගෝඨා­භය රාජ­පක්ෂ. හමු­දාවෙ අයට මේවා කරන්න කිසිම වුව­ම­නා­වක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජ­කා­රි­යෙම කොට­සක් විදි­යට. උදා­හ­ර­ණ­යක් විදි­යට එක්නැ­ලි­ගොඩ සාක්ෂි විභා­ගයේ කට උත්ත­රේම තියෙ­නවා කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමා­ජි­ක­යව එක්ක­ගෙන යන්න ගෙද­රට ආපු අනිත් පුද්ග­ලයා කියලා තියෙන්නේ ‘එන්න යන්න. මේක සෙක­ට්‍රිගෙ වැඩක්’ කිය­ලයි. කවුද මේ සෙකට්‍රි. ඇව­න්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘ­තිය, වීර­කැ­ටියේ ඩී. ඒ. රාජ­පක්ෂ ස්මාර­කය; ඇත්ත වශ­යෙන් ම ඉතා ම වටිනා මා පිය යුව­ළක්; ස්මාර­ක­යක් හදලා සැම­රිය යුතු පුද්ග­ල­යන්. නමුත් රටේ සල්ලි හොර­කම් කරලා තමන් අනු­ස්ම­ර­ණය කළා කියල දැන ගත්තා නම් එයා­ලත් කන­ගාටු වෙනවා කියල මම දන්නවා.

මිග් යානා ගනු­දෙ­නුව කියන්නෙ ආර­ක්ෂක ලේක­ම්ව­රයා හොඳින් ම දැන දැන එංග­ල­න්තයේ ඇඩ්‍රස් එක නැති බෙලී­මිසා කියලා ආය­ත­න­ය­කට චෙක් එකක් ලිව්වා. ඒ ලබා දුන්නු චෙක් එකයි යුක්‍රේ­නයේ රජ­යට ලැබුණු චෙක් එකයි අතර ඩොලර් මිලි­යන 7.8ක වෙන­සක් තිබුණා. ඩොලර් මිලි­යන 7.8ක මහා හොර­ක­මක් වුණා. මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහා මෙයා මොකද කරන්නෙ; උසා­වි­යෙ­නුත් හැංගෙ­නවා. උසා­වි­යට යන්න ඉස්සර වෙලා කෝටි ගණන් විය­දම් කරලා දක්ෂ නීති­ඥයො එකතු කර­ගෙන උසා­වි­යෙන් තමන්ව අත්අ­ඩං­ගු­වට ගන්න එපා කියලා නියෝග දෙකක් දැන් අර­ගෙන තියෙ­නවා. ඔය කියන තරම් මෙතුමා අහිං­සක නම් මම කියන්නෙ උසා­වි­යට මුහුණ දෙන්න."

මේ කියන්නේ මංග­ලය.

ගෝඨා­භය රාජ­පක්ෂ යනු කවු­දැයි හොඳින්ම පැහැ­දිලි වූයේ වරක් ලොව හොඳ ම හමු­දා­පති ලෙස තම­න්ගේම ප්‍රශං­සා­වට ලක් වූ හිටපු හමු­දා­පති සරත් ෆොන්සේකා ජනා­ධි­ප­ති­ව­රණ සට­නට අව­තීර්ණ වූ අව­ස්ථා­වේය.

“මට ලැබුණේ අතු­ගාන වැඩේ. හැබැයි එතැන අනෙක් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යා­ල­යක් තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩා­ය­ම­ටම අයිති වුණා. මම ඉතින් එතැ­නට පුරුදු වුණා. බිම නිදා ගන්න සිද්ධ වෙනවා පළ­වැනි දව­සෙම. මම යන­කොට මුල්ලක වතුර බෝත­ල­ය­කුයි බෙලෙක් පිඟානේ රෑ කෑම එකයි තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එත­කොට. කූඹි අයින් කරල මම ඒක කෑවා. එවෙලේ ඉඳලා මම දැන­ගත්තා මේක කරන්න ඕන කියලා. මේක සම­හර විට අවු­රු­ද්දක්ද දෙකක් ද දහ­යක් ද දන්නෑ. කරන්න ඕන කියලා මම තීර­ණය කළා ඒක හින්දා. පළ­වෙනි දවසේ රෑ නම් මම නිදා ගත්තෙත් නෑ; දූවිලි පිරිලා, සූදා­නම් කරලා තිබුණේ නෑ හරි­යට. ෆෑන් ගල­වලා; ලයිට් ගල­වලා; ඒවයේ බදාම වැටිලා.“අනෙක් සිර­ක­රු­වන් ඔක්කො­ටම ෆෑන් තියෙ­නවා. ටෙලි­වි­ෂන් තියෙ­නවා. මගේ ඒ ඔක්කොම ගල­වලා දාලා තිබුණා. පස්සේ මම උසා­වි­යේදී ඉල්ලී­මක් කරලා තමයි ඒවා ලබා ගත්තේ. පැදු­රක් විත­රයි තිබුණේ. මගේ ඇඟේ බෝම්බ­ව­ලට අහු­වෙච්ච යකඩ කෑලි තියෙ­නවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා පැදුරේ දවස් දෙකක් විතර නිදි­ය­න­කොට. නිකන් සිමෙ­න්තියේ හිර­වෙලා නිදි­ය­න­කොට අමා­රුයි. වෛද්‍ය­ව­ර­ය­කුට කිව්වාම මෙට්ට­යක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමට වාඩි­වෙ­න­කොට, නැඟි­ටි­න­කොට මගේ කොන්දෙත් යකඩ කෑල්ලක් තියෙන නිසා ඒ කොන්දෙ අමා­රු­වත් ආවා. ඊට පස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකු­වක් දුන්නා. ඒකෙ තර­මට මෙට්ට­යක් හදලා දවස් දෙකක් විතර මං වැටු­ණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත් වෙන්න සිද්ධ වුණේ.”

මේ කතාව කියන්නේ ලෝකයේ හොඳ ම හමු­දා­පති ය. එහෙ­මත් නැත්නම් වසර 30ක යුද්ධය නිමා කරන්න නාය­ක­ත්වය දුන් හමු­දා­පති ය. යුද්ධය නිමා කරන්න මුල් වූ නිය­මුවා කියා ජය­ග්‍ර­හ­ණ­යේදී කේක් ගෙඩිය කපන්න අව­ස්ථාව ලද නිය­මුවා ය.

හමු­දා­වෙන් ඉවත් ව, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තිය පාවිච්චි කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලීමේ ‘මහා පාප කර්මය’ හේතු­වෙන් ඔහුට හිර ගෙදර උරුම විය. ලෝක ඉති­හා­සයේ ජනා­ධි­ප­ති­ව­රණ සට­නට ආ ප්‍රති­වා­දියා සිර­ග­ත­කොට නැත. එහෙත් මේ රටේ එය සිදු විය.

ඒ සමයේ තීන්දු එහෙම ය.

මේවා පිටු­පස සිටියේ කවුද?

බැසිල් රාජ­පක්ෂ මේ දින­වල ගෙන්ගෙට යන්නේ 'උත්ත­ර­යක්' සොය­මින් ය. උත්ත­ර­යක් කෙසේ වෙතත් එහි ප්‍රශ්නා­ර්ථ­යක් තිබේ. උත්ත­රය හොයා­ගෙන ප්‍රශ්න­යක් රැගෙන යන බැසි­ල්ගෙන් අස­න්නට ප්‍රශ්න ජන­තා­වට තිබේ.

ඉන් එකක් වන්නේ ඉහ­තින් ලියා තිබෙන දේ ඇත්තද බොරුද? කියා ය.

මානාභරණ

Comments