නිදොස් කර නිද­හස් කරමු | සිළුමිණ

නිදොස් කර නිද­හස් කරමු

රාජ­පක්ෂ ආණ්ඩු කාලයේ දී වර­දක් කළැයි චෝදනා එල්ල වූ මහ මොළ­ක­රු­වන් රාශි­යක් අධි­ක­ර­ණයේ දී නිදොස් කර නිද­හස් කිරී­මට ලක්වෙ­මින් තිබේ. පසු­ගිය දා එලෙස නිදොස් කර නිද­හස ලැබී­මට වාස­නා­වන්ත වූයේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නීයා ගාමිණී සෙන­රත් ය.

මේ අන්ද­මින් මීට කලින් කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අධි­ක­ර­ණයේ තීර­ණය මත ඔහුට එල්ල වූ චෝද­නා­වන්ට නිදොස් කර නිද­හස් කර තිබුණි.

සමා­ජයේ බර­ප­තල කතා­බ­හට ලක් වූ අප­රාධ චෝදනා ලැබූ­වන් මේ අන්ද­මින් නිද­හ­ස්වීම ඇත්තට ම ඔවුන් ඒ වරද නොකළ නිසාම විය හැකිය. සම­හ­ර­විට වර­දක් කර ඇතත් එය ඔප්පු කිරී­මට තරම් සාක්ෂි ශක්ති­මත් ලෙස ගොනු කර­න්නට නීති­ප­ති­ව­රයා අස­ම­ත්වීම නිසා වන්නට ද පුළු­වන. කෙසේ වුවත් බර­ප­තල චෝදනා ලැබූ­වන් මේ අන්ද­මින් නිදොස් කර නිද­හස් වීම සමා­ජයේ කතා­බ­හට ලක්ව තිබේ.

මොන­යම් ආකා­ර­ය­කින් හෝ නීතිය ක්‍රියා­ත්මක වීම හා යුක්තිය ඉටු වීම සම්බ­න්ධ­යෙන් මහ­ජ­නයා කන­ගා­ටු­වෙන් කතා කිරීම බර­ප­තල වන්නේ එය රාජ්‍යයේ පැවැත්ම පිළි­බඳ ගැට­ලු­වක් ද වන නිසා ය. කෙසේ වුවත් සිදු­වෙ­මින් පව­තින්නේ මෙවැනි ක්‍රියා­කා­ර­ක­මක් නම් ඒ පිළි­බද ආපසු හැරී බැලී­ම­කට ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් ද උනන්දු විය යුතුය.

යාප­නයේ මිරි­සු­විල් හි දී වසර 2000 දී සිදුව ඇති සමූහ මිනිස් ඝාත­න­ය­කට වර­ද­කරු වූ යුද හමු­දාවේ දිගු දුර මෙහෙ­යුම් බල­කායේ සෙබ­ලකු මර­ණීය දණ්ඩ­න­යට යටත් කිරී­මත් සමග දකුණේ සිංහල සමා­ජයේ පිරි­සක් මහත් කම්ප­න­ය­කට පත්ව තිබේ. වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධි­ක­රණ ක්‍රියා­දා­ම­යක් අව­සා­නයේ දුන් මේ තීන්දුව දෙමළ ඩය­ස්පෝ­රාවේ අව­ශ්‍ය­තා­ව­කට ආණ්ඩුවේ උප­දෙස් මත අධි­ක­ර­ණය ලබා දුන් තීන්දු­වක් බවට සම­හරු අර්ථ දැක්වූහ. තවත් සම­හරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූ­රය මරණ දඩු­ව­මට ලක් කළ යුද හමුදා භට­යාගේ රුව­කින් සර­ස­මින් ඔහු වීර­ත්ව­යට නැංවී­මට තැත් කළහ.

නඩු තීන්දුව නිසා විස්සෝ­ප­යට පත් පාර්ශ්ව සද­හන් කරන්නේ අසී­මිත කැප කිරීම් කර­මින් කොටි ත්‍රස්ත­වා­දී­න්ගෙන් රට බේරා ගැනී­මට කට­යුතු කළ රණ­වි­රු­වන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙ­ඩි­යට තල්ලු කරන බවයි. එහෙත් වසර දහ­තු­නක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේ­ෂිත ආණ්ඩු­වක උව­ම­නාව මත ගොනු වූ නඩු­වක් නොවේ. එසේම එක් විශේ­ෂිත ආණ්ඩු­වක අව­ශ්‍ය­තා­වට තීන්දුව දුන් නඩු­වක් ද නොවේ.

රාජ­පක්ෂ ආණ්ඩු කාලය තුළ රාජ්‍යයේ දෘෂ්ඨිය සම­න්විත වූයේ රාජ්‍ය ආර­ක්ෂාව ප්‍රමු­ඛ­තම කාර්ය ලෙසයි. එසේම යුද්ධය මඟින් එල්.ටී.ටී.ය පරා­ජය කිරීම බෙදු­ම්වා­දය පරා­ජය කිරී­මක් ලෙස උත්ක­ර්ශ­යට නංවන ලදි. ඒ නිසා විවිධ චෝදනා මත පැන­වෙන නඩු මගින් “රණ­වි­රු­වන්” අප­හ­සු­තා­වට පත්වේ නම් ඔවුන්ව පාවා­දී­ම­කට ලක්වේ නම් ඒ සම්බ­න්ධ­යෙන් වැඩි­යෙන් ම සංවේදී විය යුතුව තිබුනේ රාජ­පක්ෂ තන්ත්‍ර­යයි. එහෙත් ඒ කාලය තුළ ස්ත්‍රී දූෂණ, මිනී­මැ­රුම් හා වෙනත් අප­රාධ චෝදනා ලැබූ තම අන්තේ­වා­සි­ක­යන්ට එරෙහි නඩු නීති­පති ලවා ඉල්ලා අස්ක­රවා ගත්තා මිස තම පාල­නයේ පැවැත්ම සහ­තික කළ “රණ­වි­රු­වන්ට” එරෙහි නඩු ඉල්ලා අස්ක­රවා ගැනී­මක් දක්නට නොවුණි.

බලය අහි­මි­වී­මෙන් ප්‍රකෝප වී සිටින රාජ­පක්ෂ තන්ත්‍රයේ මහින්ද චින්ත­න­වා­දීහු සමා­ජයේ සිදු­වන සියලු සිදු­වීම් වත්මන් ආණ්ඩු­වට එරෙ­හිව යොදා ගනි­මින් මහින්ද රාජ­පක්ෂ නැවත බල­යට ගෙන ඒමේ අසීරු උත්සා­හ­යක් සාර්ථක කර ගැනී­මට තැත් කරති. ඒ නිසා තර්කා­නු­කූල මත දැරී­මත් තර්කා­නු­කූල අද­හස් හුව­මා­රු­වත් ඔවුන් තුළ ඇත්තේම නැති තරම් ය. විශේ­ෂ­යෙන් ම රාජ­පක්ෂ තන්ත්‍රයේ මත­වාදී දෘෂ්ටිය නිර්මා­ණය කළ පිරිසේ සම­හරු මේ අප­රා­ධ­කරු වීර­ත්ව­යට ඔසොවා තැබී­මට උත්සාහ කළහ. තමන් පෙනී ඉන්නවා යැයි කියන ජාති­ක­වාදී මත­වා­දය තුළ අප­රා­ධ­ක­රු­වන් වීර­ත්ව­යට නැංවීම ඔවුන්ට ගැට­ලු­වක් වී නැති­වීම උත්ප්‍රා­සය ජන­නය කරයි. ඒ නිසා මේ නඩු තීන්දු­වෙන් ඉස්ම­තු­වන සාක­ච්ඡා­වට ලක් කළ යුතු කරුණු කාරණා කිහි­ප­යක් ම ඉන් වැළකී යෑම නොවැ­ළැ­ක්විය හැක්කක් බවට පත්ව තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩ­වියේ ඇතිවූ සංවා­ද­ය­කට ලන්ඩ­නයේ සිට පිළි­තුරු එවන මගේ පැරණි මිතු­රකු මට අව­වාද කළේ “සැම­දෙ­ය­කට ම රාජ­පක්ෂ පට­ලවා නොගන්නා ලෙසත් අදාළ සිද්ධියේ දී දඩු­ව­මට යටත් වූ හමු­දා­භ­ට­යාගේ මාන­සි­ක­ත්වය සම්බ­න්ධ­යෙන් ද සලකා බලා අද­හස් පළ කරන ලෙස”ත් ය.

රාජ­පක්ෂ බල­යට ගෙන ඒම සදහා සෑම සමාජ සිද්ධි­යක් ම යොදා ගැනී­මට තැත් කරන විට ඒ සෑම­දේ­ක­ටම රාජ­පක්ෂ පට­ලවා ගැනී­මට සිදු­වීම අහ­ඹු­වක් නොවේ. එහෙත් මගේ මිතුරා කී පරිදි මෙවැනි සමූහ මිනිස් ඝාත­න­යක දී සොල්දා­දු­ව­කුගේ මාන­සි­ක­ත්වය සලකා බැලීම නම් අත්හළ නොහැකි විශේෂ කරු­ණක් බව නොකි­ව­යුතු මනා ය.

කුඩා දරු­වකු ද නව යෞව­න­යකු ද ඇතුළු අට­දෙ­නකු ඝාත­නය කර­මින් මේ සා විශාල සාහ­සි­ක­ත්ව­ය­කට මේ හමුදා භටයා යොමු වූයේ පෞද්ග­ලික ආර­වු­ලක් නිසා නොවේ. එසේම දකු­ණෙන් උතු­රට ගියේ ඒ අට­දෙනා ඝාත­න­යට ම නොවේ. එහෙත් රාජ­කා­රිය ඉටු කිරීමේ දී ඔහු එවැ­න්න­කට යොමු වී ඇත. විනය නීති කඩ­ක­ර­මින් හමු­දාව තුළ දී වුව ද තැන නොතැන නොබලා ඝාත­න­යට යොමු­වී­මට ඉඩ අව­කා­ශ­යක් නැත. හමුදා සොල්දා­දු­වකු වුව ද රාජ­කා­රි­මය වින­ය­කට බැඳී සිටී. හමුදා පාලන ප්‍රදේ­ශ­යක සැරි­සැරූ සිවි­ල්වැ­සි­යන් දිගු දුර මෙහෙ­යුම් බලකා භට­යකු අතින් ඝාත­නය වීම ද සැල­කි­ල්ලට ගත යුත්තකි.

සම­හ­රුන් පව­සන්නේ ඝාත­නය වූවන් අහිං­ස­ක­යන් නොව එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වන් බව ය. වැඩි­හි­ටි­යන් එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වන් වුවද කුඩා දරුවා එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වකු විය නොහැකි ය. වැඩි­හි­ටි­යන් එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වන් වුව ද මෙලෙස ඝාත­නය කිරී­මට නීති­යක් නැත. වැඩි­හි­ටි­යන් එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වන් වුව ද ඔවුන් සමඟ සිටි නිසා කුඩා දරුවා ඝාත­නය කිරීම සාධා­රණ නොවේ. මේ සිද්ධි­යට අදාළ ව නීතියේ සරණ පතා අග­ති­යට පත්වූ­වන් ආධාර පතා ඇත්තේ ඊපී­ඩීපී සංවි­ධා­න­යෙන් නිසා ඔවුන් එල්ටී­ටීඊ ඔත්තු­ක­රු­වන් යැයි එල්ල කරන චෝද­නාව ද පිළි­ගත නොහැ­කිය.

ඝාත­න­යට ලක්වූ­වන් සෑම අතින් ම අහිං­ස­ක­යන් වුවද ඔවුන් ඝාත­නය කිරී­මට හමුදා පාර්ශ්ව­යට සාධා­රණ හේතු­වක් තියෙ­න්නට ද පුළු­වන. ඔවුන් කෙත­රම් අහිං­සක වුවත් ඔවුන් නිසා හමුදා පාර්ශ්වයේ රහ­සක් හෙළි­වූවා නම් අත්වන ඉර­ණම එවැ­න්නක් විය හැකිය. එවැනි අප­රාධ පව­තින නීතිය අනුව කෙත­රම් වැරදි වුවත් යුද්ද­යක දී ඒ නීතිය නිහඩ වීම අනි­වාර්ය කරු­ණකි.

දිගු දුර මෙහෙ­යුම් බල­කාය වැන්නක් හමු­දා­වක පිහි­ටු­වන්නේ අති විශේෂ පුහු­ණු­වක් සමඟ ය. එවැනි බල­කා­යක් මගින් රාජ­කා­රිය ඉෂ්ට කිරීමේ දී මිනිස් මන­සට දරා­ගත නොහැකි සිදු­වීම් සිදු­විය හැකිය. කෙත­රම් පුහු­ණු­වක් ලබා­දුන්න ද හමුදා භට­යාගේ දරා ගැනී­මට සීමා­වක් ඇත. එවැනි තත්ත්ව­යක් තුළ භට­ය­කුගේ මනස අති විශාල පීඩ­න­ය­කට ලක් වී අසා­මා­න්‍ය­තා­ව­කට ගොදුරු විය හැකිය. එවැනි මාන­සි­ක­ත්ව­යක සිටින හමු­දා­භ­ට­ය­කු­ගෙන් නීත්‍යා­නු­කූල හැසි­රීම් බලා­පො­රුත්තු විය නොහැ­කිය.

සමාජ දේශ­පාලන අර්බූද විස­දීමේ එක ම ක්‍රමය යුද්ධය යැයි සිතන සමාජ කොටස් තම අව­ධා­න­යට ලක් නොක­රන කරු­ණක් වන්නේ සමා­ජ­ය­කට යුද්ධයක් දරා ගත හැකිද යන්නයි. බලය සදහා නොන­ව­තින පොර­යක යෙදෙන දේශ­පා­ල­ක­යන් යුද්ධ­යක සමාජ ප්‍රති­ලාභ ගැන සංවේදී නොවූ­වත් සමා­ජයේ බුද්ධි­මය කොටස් ඊට සංවේදී විය යුතුය. එහෙත් විරැ­කි­යා­වෙන් පෙළෙන තරුණ සමා­ජය බල අර­ග­ල­යක් සදහා වූ යුද්ද­ය­කට තල්ලු කර ඒ වෙනු­වෙන් ඔවුන්ට තම තරුණ ජීවිත වලින් වන්දි ගෙව­න්නට සිදු­වෙද්දී එම අව­ශ්‍ය­තාව නිර්මා­ණය කළ දේශ­පා­ල­ක­යන් සුව සේ විසීම තක්ක­ඩි­ක­මකි.

මිර­සු­විල් ජන ඝාත­නයේ යෙදුණ හමුදා භට­යාට මරණ දණ්ඩ­නය නියම වුවත් ඒ භටයා යුද්ධ­යට තල්ලු කළ දේශ­පා­ලන බල­ධා­රීන්ට කිසිම දඩු­ව­මක් නොවීම හාස්‍ය­යකි. හමුදා භට­යන් රණ විරු­වන් ලෙස හදු­න්ව­මින් ද ෆේස්බුක් ගිණුමේ පින්තූ­ර­යට ඔවුන්ව යොදා ගනි­මින් ද ඔවුන් වීර­ත්ව­යට ඔසොවා තැබීම තක්ක­ඩි­ක­මක් වන්නේ එබැ­විනි.

මිනී­ම­රු­වන්, ස්ත්‍රී දූෂ­ක­යන් හා වෙනත් සමාජ අප­රා­ධ­ක­රු­වන් වූ දේශ­පා­ලන හෙන්ච­ය­යන්ගේ නඩු ඉල්ලා අස්කර ගනිද්දී “රණ­වි­රු­වන්ගේ” නඩු වලින් ඔවුන්ව මරණ දණ්ඩ­න­යට ලක් කිරීම අසා­ධා­ර­ණ­යකි. කේපීලා, කරුණා අම්මාන්ලා අත යට ගනු­දෙනු වලින් නිද­හස ලබද්දී ඔවුන්ගේ නියෝග මත “වැරදි” කළ­වුන් දඩු­වම් ලැබීම ද අසා­ධා­ර­ණ­යකි. දෙපා­ර්ශ්වයේ ම ඉහළ පෙළේ නාය­ක­යන් මෙන්ම පහළ පෙළේ සොල්දා­දු­වන්ට ද එක සේ සාධා­ර­ණය ඉෂ්ට විය යුතුය.

ඕනෑ ම රටක යුද්ද­යක් අව­සා­නයේ සමා­ජය ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­කට ලක් කළ යුතු බව ශිෂ්ඨ සමා­ජය විසින් තේරුම් ගෙන ඇත. ඒ අනුව දේශ­පා­ල­නික, සමාජ, මාන­සික සහ අග­ති­යට පත් වූ අග­ති­යට ලක් කළ වූවන් වශ­යෙන් ප්‍රති­ස­න්ධා­න­යක් ක්‍රියා­ත්මක කළ යුතුය. මෙවැනි ප්‍රති­ස­න්ධාන ක්‍රියා­ව­ලි­ය­කට මූලික පිය­වර තැබිය යුත්තේ යුද්දයේ ජය­ග්‍රා­හ­කයා ය. ඒ තුළ පශ්චාත් යුද අව­ධිය කළ­ම­නා­ක­ර­ණය කළ යුතුය.

සිංහල – දෙමළ ජාති­ක­ත්ව­යන් අතර ප්‍රති­සං­ධා­නය ඇති කිරීම ජන­වාරී අට වැනිදා ආරම්භ කළ දේශ­පා­ලන පරි­ව­ර්ත­නයේ එක් අර­මු­ණකි. ඒ ප්‍රති­ස­න්ධා­නය තුළ ජාති­ක­ත්ව­යන් අතර අනෝන්‍ය අව­බෝ­ධය වර්ධ­නය විය යුතුය. එහි එක් පිය­ව­රක් ලෙස දැනට අත් අඩං­ගුවේ සිටින සියලු කැර­ළි­ක­රු­වන් නිද­හස් කරන්නේ නම් එය ධනා­ත්මක ප්‍රවේ­ශ­යකි.

එසේම ඊට සමා­න්ත­රව අප­රාධ සම්බ­න්ධ­යෙන් චෝදනා එල්ල වී ඇති හමු­දා­භ­ට­යන්ගේ නඩු ඉල්ලා අස්ක­ර­ගත යුතුය. ඒ සම්බ­න්ධ­යෙන් දණ්ඩ­න­යට ලක් කර ඇති හමු­දා­භ­ට­යන්ට පොදු සමා­වක් ලබා­දිය යුතුය.

යුද්ධ­යෙන් අග­ති­යට පත් පාර්ශ්ව­යන් දෙකට ම සාධා­ර­ණය ඉටු කළ හැක්කේ පශ්චාත් යුද කළ­ම­නා­ක­රණ වැඩ­පි­ළි­වෙ­ල­කිනි. ඒ සදහා රැඩි­කල් පිය­වර නොප­මාව ගත යුතුය. එසේ නොවන්නේ නම් උතුරේ දෙමළා ද දකුණේ සිංහ­ලයා ද තම තමන්ගේ වීර­යන් උත්ක­ර්ශ­යට පත් කර­මින් සිට අව­සා­නයේ සමා­ජ­යක් ලෙස අගා­ධයේ පත්ලට ම වැටීම හැර වෙනත් වික­ල්ප­යක් ඉතුරු වේ යැයි පැව­සිය නොහැ­කිය.

Comments