ඕනෑම ඡන්දෙ­කට අපිත් සූදා­නම් | සිළුමිණ

ඕනෑම ඡන්දෙ­කට අපිත් සූදා­නම්

 

ඔබේ අමා­ත්‍යාං­ශය රටේ සංව­ර්ධ­න­යට දක්වා ඇති දාය­ක­ත්වය ගැන කතා කර­මින්ම සංවා­දය අර­ඹමු...

බොහෝ දෙන­කුට මේ අමා­ත්‍යාංශ‍යේ ක්‍රියා­කා­රි­ත්වය ගැන නිසි වැට­හී­මක් නැහැ. ඒත් මෙය තරම් අඩු ආදා­ය­ම්ලාභි ජන­තාව සමඟ සම්බන්ධ වන වෙනත් අමා­ත්‍යාං­ශ­යක් නැති තරම්. අප බොහෝ ආය­තන සමඟ සම්බ­න්ධව කට­යුතු කර­නවා; ඒ මඟින් රටේ සංව­ර්ධ­න­යට මෙන්ම සමා­ජය සවි­බල ගැන්වී­මට අවශ්‍ය දාය­ක­ත්වය සප­ය­නවා.

බොහෝ සුළු­ප­රි­මාණ භෝග වගා­ක­රු­වන් සිටින්නේ ඔබේ අමා­ත්‍යාං­ශය යටතේ. මේ නිසා අප­න­යන ආර්ථි­කය නැංවී­මට  මේ අමා­ත්‍යාං­ශ­යට බොහෝ දේ කළ හැකියි. එවැ­න්නක් සිදු වන­වාද?

අප කරන දේ ප්‍රසිද්ධ කර­මින් මාධ්‍ය සන්ද­ර්ශන පව­ත්වන්නේ නැහැ. ජනතා සේවය ඉටු කිරීම තමයි අපේ එකම අර­මුණ. අග­මැ­ති­තුමා කිවුවා කෘෂි­ක­ර්මා­න්තය නංවන්න කෘෂි අධි-කලාප 23ක් හා ධීවර අධි-කලාප 10ක් ර‍ට පුරා අර­ඹන්න කියලා. එහිදී කර්මා­න්ත­ක­රු­වන්ට තිබුණු ලොකුම අඩු­පා­ඩුව තමයි අමු­ද්‍රව්‍ය නොති­බීම. ඒත් දැන් ඒ සියල්ල කාර්ය­ක්ෂ­මව සිදු වනවා. ඒ වගේම මේ වන විට අප­න­යන ආර්ථි­කය නැංවීම උදෙසා අප­න­යන ගම්මාන 5,000ක් අර­ඹ­මින් සිටි­නවා. අපට හැකිව තිබෙ­නවා මේ වන විට අප­න­යන ක්ෂේත්‍රය 39%ක සංව­ර්ධ­න­යක් කරා ගෙන-යන්න.

සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලින් කිවු­වත්,සැබෑ සංව­ර්ධ­න­යක් සිදුව තිබෙ­න­වද?

අප අක්කර ¼කට අඩු ගෙවතු වගා­ව­ලට අවශ්‍ය පැළ නොමි­ලයේ දෙනවා. දැන් අඹ පැළ ලක්ෂ 20ක් නිකුත් කර තිබෙ­නවා. අප හැම අප­න­යන ගම්මා­න­ය­කම අඹ පැළ දීම ආරම්භ කරන්නේ 200 දෙන­කුට පැළ 5 ගණනේ ලබා දෙමින්. විශේ­ෂ­යෙන්ම ටී-ජර්සි අඹ­ව­ලින් කෙටි කල­කින් විශාල ආදා­ය­මක් ලබන්න පුළු­වන්. ‘අප­න­යන ගම්මාන’ යන්න වච­න­යට සීමා කර නැහැ. අප­න­යන ගම්මා­න­යක් වීම සඳහා නිය­මිත ප්‍රමි­ති­ය­කින් යුක්තව වගා කට­යුතු සිදු විය යුතුයි. උදා­හ­ර­ණ­යක් ලෙස: අඹ පැළ නම් අවම වශ­යෙන් 10,000ක් වත්, ගම්මි­රිස් නම් පැළ 30,000ක් වත්, කුරුඳු නම් පැළ 40,000ක් වත් ඒ ගම්මා­නයේ රෝප­ණය කර තිබිය යුතුයි.

පසු­ගිය කාලයේ ගම්මි­රිස් මිල පහළ වැටීම සම්බ­න්ධ­යෙන් විවිධ චෝදනා එල්ල වුණා...

ලෝකයේ ආහාර හා ඒ ආශ්‍රිත නිෂ්පා­ද­න­වල මිල ස්ථාව­රව පව­තින්නේ නැහැ. ගම්මි­රිස් වෙළෙ­ඳ­පොළේ ප්‍රථ­මයා වන්නේ විය­ට්නා­ම­යයි. ලෝක වෙළෙ­ඳ­පො­ළෙන් 60%ක් ඔවුන් සතු වන අතර, අපට තිබෙන්නේ 5%ක ප්‍රමා­ණ­යක් පම­ණයි. මම අමා­ත්‍යාං­ශය බාර ගන්නා විට ගම්මි­රිස් කිලෝ­වක මිල රු. 1,100ක් පමණ වුණා. සාමා­න්‍ය­යෙන් වාර්ෂි­කව ගම්මි­රිස් ඉල්ලුම වැඩි වන නිසා විය­ට්නා­මය ඉදි­රි­යේදී ඇති වන ඉල්ලු­මත් සලකා ගොවීන් දිරි­මත් කරන්න විශාල සහන දුන්නා. ඒ නිසා අස්වැන්න වැඩි වී, වෙළෙ­ඳ­පොළ සුලභ වීමෙන් එහි වෙළෙඳ අගය පහත වැටුණා. සිදු වූයේ එයයි.

ඔබ එසේ කිව්වත් ගම්මි­රිස් ප්‍රති-අප­න­යන ජාවා­ර­මක් ගැන කිය­වුණා...

ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම නිසා ශ්‍රී ලංකාවේ ගම්මි­රි­ස්ව­ලට කිසිදු බද්දක් ඉන්දි­යා­වෙන් අය කරන්නේ නැහැ. එහෙත් විය­ට්නා­මයේ ගම්මි­රිස් සඳහා 104%ක බද්දක් අය කර­නවා. මේ අතර වංච­නික වෙළෙ­න්දන්ට පුළු­ව­න්කම තිබුණා ගම්මි­රිස් මෙර­ටට ගෙන්වා, වරායේ සිට රට තුළට හෝ නොගෙන ඉන්දි­යා­වට යන නැවක් මඟින් ඒවා ප්‍රති-අප­න­ය­නය කරන්න. නැව් සමා­ගම හා එක්ව ලේඛන වෙනස් කර, මෙර­ටින් ඉන්දි­යා­වට ගෙන්වන ලද ගම්මි­රිස් ලෙස ඒවා බද්දෙන් පූර්ණ නිද­හස් කර­ගැ­නී­මට ඔවුන්ට හැකි වුණා. ඒත් දැන් ඒ වංචාව කරන්න බැහැ. මෙර­ටින් අප­න­ය­නය කරනු ලබන ගම්මි­රිස් කන්ටේ­නර් ඍජු­වම ඉන්දීය රේගු­ව­ටයි අප යවන්නේ. එසේ නොවන කන්ටේ­නර් වෙනත් රට­කින් ආ බව ඔවුන් දැන් දන්නවා.

ඒත් ගම්මි­රිස් මිල තව­මත් ඇත්තේ පහළ අග­ය­කයි...

කලින් කිව්වා වගේම මේ නිෂ්පා­ද­න­වල මිල ගණන් අඩු-වැඩි වනවා. ඒ නිසා අප මේ තත්ත්ව­යට මුහුණ දෙන්න ගම්මි­රිස් අගය වැඩි කරන නිෂ්පා­දන එක් කළ යුතුයි.

උදා­හ­ර­ණ­යක් ලෙස: ගොවි­යාට ගම්මි­රිස් කිලෝ­වක් නිප­ද­වන්න රු. 300ක් වැය වනවා නම් ඔහු එය රු. 1000කට අලෙවි කළොත් රු. 700ක් ලාබයි. එහෙත් විකු­ණුම් මිල රු. 300ක් දක්වා හෝ ඊට අඩු වුණොත් ගොවියා අමා­රුවේ වැටෙ­නවා. අප කළ යුත්තේ අස්වැන්න වැඩි කර­මින්, කිලෝ­වක නිෂ්පා­දන මිල රු. 250ක් පමණ දක්වා අඩු කිරී­මයි; එසේ නැත් නම් ගම්මි­රිස් අගය වැඩි වන නිෂ්පා­දන වෙත යොමු වීමයි.

මේ තත්ත්වය තේරුම් ගැනීම අප­හසු නැහැ. අන්ත­ර්ජා­ල­යට ගිහින් පරීක්ෂා කර බලන්න පුළු­වන් ගම්මි­රි­ස්වල කලින් අවු­රු­දු­වල මිල කීයද - අද මිල කීයද කියලා.

සමා­ජයේ පිහිට අවශ්‍ය පිරිස් ලක්ෂ ගණ­නක් සිටි­නවා. ඔබේ අමා­ත්‍යාං­ශය ඔවුන් වෙනු­වෙන් ගෙන ඇති පිය­වර මොන­වාද?

තැල­සී­මියා වැනි බර­ප­තළ රෝගා­බාධ වැලඳී ඇති අයට කළ හැකි සියලු දේ සිදු කර­නවා. ඒ වගේම යුද්ධය හේතු­වෙන් ස්වාමියා මිය ගිය හෝ ස්වාමියා හැර­යෑ­මෙන් වැන්ද­ඹු­වන් බවට පත් වූ කාන්තා­වන් 650,000ක් පමණ රට පුරා ඉන්නවා. ඒ අය වෙනු­වෙන් මේ වන විට විශේෂ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කර­මින් තිබෙ­නවා.

ඔබේ අමා­ත්‍යාං­ශය ඔය තරම් කාර්ය ඉටු කරද්දී, රජයේ අනෙක් ආය­ත­න­වල සහාය ලැබෙන්නේ නැතිද?

පොදුවේ රාජ්‍ය සේවයේ නිල­ධා­රීන්ට තිබෙන්නේ උදා­සීන මාන­සි­ක­ත්ව­යක්. පෞද්ග­ලික අංශයේ විශාල වැටු­පක් ලබන අයකු වුවත් රු. 10,000ක්-15,000ක් ලැබෙන රාජ්‍ය අංශයේ රැකි­යා­ව­ක­ටයි යන්න බලන්නේ. ඒ අය බලන්නේ උදේ 8.00ට-8.30ට වැඩට ගිහින් හවස 3.00ට-4.00ට නිවෙස් බලා යන්නයි. බහු­ත­ර­යක රාජ­කා­රිය මෙය තමයි.

එවන් ඵල­දා­යි­තා­වක් නැත් නම් ඇයි අලු­තින් උපා­ධි­දා­රීන් දහස් ගණ­නක් බඳ­වා­ගත්තේ?

විශ්‍රාම ගිය උපා­ධි­ධා­රීන් උදෙසා තමයි ඒ පිරිස බඳ­වා­ගත්තේ. ඒ උපා­ධි­ධා­රීන්ට වෙනම මුදල් වෙන් කර නැහැ.

වැඩි­හි­ටි­යන් සම්බ­න්ධව කට­යුතු කිරී­මේදී බොහෝ දෙනාට සැල­කි­ල්ලක් නැති බවට චෝදනා නැඟෙ­නවා...

අපේ රටේ වැඩි­හිටි ජන­ග­හ­නය ලක්ෂ 26ක් සිටි­නවා. එයින් ලක්ෂ 10ක පමණ පිරි­සක් වයස අවු­රුදු 70ට වැඩියි. මෙයින් පිළි­ස­ර­ණක් අවශ්‍ය වන අයට අප මස­කට රුපි­යල් 2,000ක් බැගින් දෙනවා. ඒ වැඩි­හිටි දීම­නා­වක් ලෙසයි. එසේ වැඩි­හිටි දීම­නාව ලබන පිරිස 436,000ක්. තවත් 30,000ක් පොරොත්තු ලේඛ­නයේ සිටියා. මේ වන විට ඒ පොරොත්තු ලේඛ­නයේ සිටින පිරිස 80,000ක් දක්වා වැඩි වී තිබෙ­නවා. ඒ සා විශාල පිරි­ස­කට දීමනා ලබා­දීම සුළු-පටු කාර්ය­යක් නෙමෙයි. ඒත් අප ඒ සඳහා කට­යුතු කර­මින් සිටි­නවා.

වය­ස්ගත වූවන්ට තව­දු­ර­ටත් පොරොත්තු ලේඛ­නයේ සිටින්න සැලැ­ස්වීම සාධා­ර­ණද?

මුදල් අමා­ත්‍යාං­ශ­යට බරක් නොවී ඒ අයට ලොත­රැ­යි­යක් මඟින් වැඩි­හිටි දීම­නාව දීමට මා යෝජ­නා­වක් ඉදි­රි­පත් කළා. එහෙත් මුදල් අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් එයින් ලොත­රැයි මණ්ඩ­ලයේ ආදා­යම අඩු වන බව පව­ස­මින් ඊට අකුල් හෙළුවා. කොහො­මත් ලබන දෙසැ­ම්බර් මාසය වන විට තවත් 40,000කට වැඩි­හිටි දීම­නාව දෙනවා.

අපේ රටේ තව­මත් තිබෙන්නේ යල්පැන ගිය උප­කාර ක්‍රම හා උප­දේ­ශන සේවා‍. උප­කාර අවශ්‍ය අයට සහන සැලැ­සී­මට හා උප­දේ­ශන දීමට විශේ­ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් අරඹා නැතිද?

මා මේ වන­වි­ටත් ස්වේච්ඡා­වෙන් සේවය කරන්න කැමැති අයට ඒ සඳහා ඉදි­රි­පත් වීමට හැකි වන පරිදි පන­තක් සකස් කර තිබෙ­නවා. ඒ වගේම ඒ අය ඇග­යීම සඳහා වන වැඩ­පි­ළි­වෙ­ළ­කුත් අව­ශ්‍යයි. පනත කැබි­නට් මණ්ඩ­ලයේ අනු­මත වූ වහා ක්‍රියා­වට නංව­නවා.

අලු­තින් සමෘ­ද්ධි­ලා­භීන් විශාල පිරි­සක් සඳහා මුදල් වෙන් කර තිබෙ­නවා. අඩු ආදා­ය­ම්ලා­භීන්ගේ අඩු­වක් ඇත්තේම නැත්ද?

අලු­තින් ලක්ෂ 6කට සමෘ­ද්ධිය දීමට කට­යුතු කිරීම ගැන මේ වන විට සමා­ජයේ විවිධ පාර්ශ්ව­ව­ලින් විවේ­චන එල්ල වනවා. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­තුමා ජන­ස­විය ආරම්භ කළේ අවු­රුදු දෙකක් එය දී ජන­තාව නඟා­සි­ටු­ව­න්නයි. එහෙත් පසු­ගිය කාලයේ එය දේශ­පා­ලන අව­ශ්‍ය­තා­වක් කර­ගත්තා. සමෘ­ද්ධි­ලා­භීන් ලක්ෂ 14ක් ඉන්නවා. සම­හරු අවු­රුදු 21ක් ලබා සමෘ­ද්ධිය ලැබූ අයයි. දැනට සමෘ­ද්ධිය ලබන අය­ගෙන් 83%ක්ම අවු­රුදු 15ක් සමෘ­ද්ධිය ලබන අය. ඒ හැමෝ­ටම තිබෙන්නේ යැපුම් මාන­සි­ක­ත්ව­යක්.

චෝද­නා­වක් තිබෙ­නවා මේ තරම් සමෘ­ද්ධි­ලා­භීන් හිටි­යත් සමෘ­ද්ධිය ලැබෙන්න ඕනෑ අයට ලැබෙන්නේ නැහැ කියලා...

ඇත්ත­ටම එවන් තත්ත්ව­යක් තිබෙ­නවා. ඒ නිසා එසේ ලැබිය යුතු අය ඉන්නවා නම් අය­දුම් කරන්න කියලා අප දැනුම් දීමක් කළා. මේ වන විට අය­දු­ම්පත් ලක්ෂ තුන­හ­මා­රක් ලැබී තිබෙ­නවා. ඒ සියල්ල විම­ර්ශ­නය කරන්න ගම් මට්ට­මින් කමිටු ස්ථාපිත කර­න්නයි මා කට­යුතු කර ඇත්තේ. එවිට සමෘ­ද්ධිය ලබන්න සුදු­ස්සන් හඳු­නා­ගන්න අපට පුළු­වන් වනවා. අගෝස්තු මාසය අව­සන් වීමට පෙර ඒ කට­යුතු නිමා වේවි.

ඔබත් මේ කරන්නේ ජන­තා­වගේ යැපුම් මාන­සි­ක­ත්වය වැඩි කරන එකම නේද?

නැහැ. ‘අලු­තින් සිතමු - දිරි­යෙන් නැඟි­ටිමු’ යනු­වෙන් සංක­ල්ප­යක් මා ඉදි­රි­පත් කළා. යැපුම් මාන­සි­ක­ත්වය වෙනු­වට මා නව ව්‍යාපෘති 50,000ක් සැල­සුම් කර තිබෙ­නවා. එයින් 20,000ක් ක්‍රියා­ත්මක කර අව­සන්. මගේ බලා­පො­රො­ත්තුව අඩු ආදා­යම් ලබ­න්නන්ට පවා වාර්ෂි­කව ආදා­යම ලක්ෂ 5ක් දක්වා වැඩි කර­වී­මයි. මා පොරොන්දු වනවා වසර 2025 වන විට සෑම පවු­ලක්ම සවි­බල ගන්වන්න.

පළාත් සභා මැති­ව­ර­ණ­යත් පැමි­ණි­යොත් පක්ෂය ඊට සූදා­නම්ද?

අප ඕනෑම මැති­ව­ර­ණ­යක් උදෙසා සූදා­න­මි­නුයි ඉන්නේ.

එජා­පයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා තෝරා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විශාල අර්බු­ද­යක් මතුව තිබෙ­නවා නේද?

මමත් අවු­රුදු ගානක් කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ හිටි­යානේ. සාමා­න්‍ය­යෙන් ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා නම් කරන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළාට පසු­වයි. පක්ෂයේ නාය­ක­යකු ඉන්නවා. ඔහු අවශ්‍ය පිය­වර නිසි වේලා­වේදී ගනීවි.

එහෙම නම් කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යක් තිබෙද්දී, ඇයි මේ නාය­කත්ව මණ්ඩ­ල­යක් හදා­ගත්තේ?

ඒ ගැන මන්ත්‍රී­ව­රුන් කාල­යක් තිස්සේ කතා වුණා. ඒ සම්බ­න්ධ­යෙන් ගෙන ආ ඇතැම් කරු­ණු­ව­ලට මමත් එකඟ වුණේ නැහැ. එය සම්මත කර­ගත යුත්තේ ඒ අඩු-පාඩු, වැරදි හදා­ගෙ­නයි.

ඔබ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන් අත­රත් ගැටුම් තිබෙ­නවා. පක්ෂ­යට ගමට යන්න බෑ කිය­ලයි සම­හරු පව­සන්නේ...

අපට තනි පක්ෂ­යක් ලෙස කට­යුතු කරන්න ලැබුණේ පසු­ගිය අප්‍රේල් මාසෙන් පස්සෙනේ. ජන­තා­වට වූ පොරොන්දු රැසක් ඉටු කරන්න තිබෙ­නවා. මේ වේලාවේ එක් එක් කෙනා ජනා­ධි­ප­ති­ව­ර­ණය ගැන පෞද්ග­ලික න්‍යාය­ප­ත්‍ර­ව­ලට වැඩ කර හරි­යන්නේ නැහැ. මේ අව­ස්ථාවේ පක්ෂය ප්‍රති­සං­වි­ධා­නය විය යුතුයි; ඒ අඩු-පාඩු හදා­ගෙන කට­යුතු කර, ගම් මට්ට­මින් සියල්ල කළ යුතුයි. එවිට අප ගමට යනවා නොවෙයි, ගමේ අය අප සොයා­ගෙන එයි.

එහෙත් මේ වන විට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය ඉවත් කර­ගෙන කර­ළි­යට පැමිණ තිබෙ­නවා...

ඇත්තෙන්ම ගෝඨා­භය මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස පැමි­ණෙ­නවා නම් අපට දිනන්න පහ­සුයි. ශ්‍රී ලංකාව තමන්ට නුසු­දුසු බව සිතා ලංකාව හැර දමා ගොස් විදේ­ශීය රටක පුර­වැ­සි­භා­වය ගත් අයකු ජනා­ධි­පති ලෙස පත් කර­ගැ­න්මට තරම් මේ රටේ ජන­තාව මෝඩ නැහැ. රට-ජාතිය ගැන කැක්කු­මක් ඇති කෙනකු වෙනත් රටක පුර­වැ­සි­භා­වය නොගන්නා බව පොඩි දරු­ව­කුට වුණත් තේරෙ­නවා.

Comments