හැන්ඩ්බෝල් ක්‍රීඩාවට සර්බියාවෙන් පුහුණුකරුවන් | සිළුමිණ

හැන්ඩ්බෝල් ක්‍රීඩාවට සර්බියාවෙන් පුහුණුකරුවන්

දහනව වන ශතවර්ෂයේ හැන්ඩ්බෝල්(අත්පන්දු) ක්‍රීඩාව යුරෝපයේ ජිම්නාස්ටික් පාසල්වල ප්‍රචලිත වි ඇති අතර 1896දි Holger Nielgen නැමති ගුරුවරයා විසින් ක්‍රිඩකයන් 14 දෙනෙකු යොදාගෙන කණ්ඩායම් දෙකක් ගෝල්කණු දෙකක් යොදාගෙන දුවමින් විසිකරන ක්‍රීඩාවක් ලෙස හදුන්වා දී ඇති මෙම ක්‍රීඩාව හැන්ඩ්බෝල් ක්‍රීඩාව ලෙස හදුන්වනු ලැබූ අතර ප්‍රථම වරට මෙම ක්‍රීඩාවේ නිති රීති 1906 වසරේදී Oldrpu School ප්‍රකාශනයක් විසින් ප්‍රසිද්ධ කර ඇත. මීට සමාන්තරව ජර්මනියේ Konia Berger Ball නමින් මෙවැනිම ක්‍රීඩාවක් ආරම්භ වී ඇති අතර මෙය පසුව Tor Ball නමින් නම් කර ඇත. ජර්මනියේ හැන්ඩ්බෝල් ක්‍රීඩාව 1915නි පසුව දියුණු වී ඇති අතර 1917 දී Machinery විසින් බර්ලින් නගරයේදී හැන්ඩ්බෝල් ක්‍රීඩාව කාන්තාවන් සඳහා හදුන්වා දී ඇත. 1919 වර්ෂයේදී Karl Shoshone නම් ශාරීරික යෝග්‍යතා ගුරුවරයා විසින් ජර්මනියේ විද්‍යාලවල ශාරීරික අධ්‍යාපනයේ අංගයක් ලෙස මෙම ක්‍රීඩාව හදුන්වා දී ඇත.1936 වසරේදී ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ලොවට හදුන්වා දීමෙන් පසු ගෘහස්ථ ඔලිම්පික් තරගාවලියක් ලෙස 1972දී ඔලිම්පික් උලෙළට ඇතුලත් විය.


දිගු ඉතිහාසයක් ඇති හැන්ඩ්බෝල් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ලොව ක්‍රීඩා ලොලීන්ගේ අවධනය දිනාගෙන ඇති අතර ලොව දෙවන වේගවත්ම ක්‍රීඩාව ලෙස සැලැකෙයි. යුරෝපයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් වන හැන්ඩ්බෝල් ක්‍රීඩාව මෙරට ජනප්‍රිය කිරිම හා එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම ගැන හා අනාගතය හා හැන්ඩ්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙරටට ලොව ප්‍රධානතම පුහුණු කරුවන් දෙදෙනෙකු ගෙන්වා කාන්තා හා පිරිමි හැන්ඩ්බෝල් කණ්ඩායම් වල ගුණාත්මක වර්ධනයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා හැන්ඩ්බෝල් සම්මේලනය කටයුතු කර ඇත. මේ පිලිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පසුගියදා කොළඹ ඔලිම්පික් නිවහනේදි මාධ්‍ය හමුවක් කැදවා තිබිණි. එහිදී අත්පන්දු සම්මේලනයේ වත්මන් සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසා සිටියේ මෙයට වසර 10කට පෙර එනම් 2008 වසරේ එවකට ශ්‍රී ලංකා ඔලිම්පික් සම්මේලනයේ සභාපති හේමසිරි ප්‍රනාන්දුගේ සංකල්පයක් මත ලොව පරසිදු අත්පන්දු ක්‍රිඩාව මෙරටට හදුන්වා දුන් බවයි. ජාත්‍යන්තර හැන්ඩ්බෝල් සම්මේලනය සමග දිගු කලක සිට කල සාකච්ඡා හා ඉල්ලම් මත මට හැකියාව ලැබුණා ජාත්‍යන්තර පුහුණු කරුවන් දෙදෙනෙකු ගෙන්වා ගැනීමට ඒ අනුව සර්බියාවට ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් දෙදෙනෙකු ලබාගැනීමේ හැකියාව ලැබුණා. ඔවුන්ගේ මඟ පෙන්වීම මත කාන්තා හා පිරිමි සංචිත දෙකක් ගොඩනගා මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පනාගොඩ කඳවුරේ ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු වීම් වල නිරත වෙමින් සිටිනවා. මේ පුහුණුවීම් කටයුතු කරගෙන යාමට මට ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාගේ ආශිර්වාදය මෙන්ම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ උදව් උපකාරද හිමිව ඇත. මගේ අරමුණ වී ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මස නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියා තරගාවලියෙන් හැන්ඩ්බෝල් ක්‍රීඩාවෙන් පදක්කමක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමටයි. එය කළ හැකි දෙයක්. අද වන විට පාසල් ක්‍රීඩා කණ්ඩායම් 58ක් හැන්ඩ්බෝල් ක්‍රීඩාවේ නියැලෙන අතර ඉතා සිග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවත් ජාතික සංචිතයට පාසල් ක්‍රීඩකයන් දෙදෙනෙකුද ඇතුලත්ව ඇති බවත් ඔහු පවසා සිටියේය.

යුද්ධ, නාවික හා ගුවන් ඇතුලු සන්නද්ධ සේවාවන් වලත් හැන්ඩ්බෝල් ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රියව ඇති බවත්. 2020 වසරේදී ජාතික තරගාවලියක් සංවිධානය කිරීම අප සංගමයේ බලාපොරොතුව බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් සිල්වා, සර්බියාවෙන් පැමිණ සිටින ප්‍රධාන පුහුණු කරුවන් නෙඩෙල්කෝ මැටිචි හා නෙනාඩ් ක්‍රාලිව්ස්කි හා ශ්‍රී ලංකා හැන්ඩ්බෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගිහාන් දල්පදාතු යන මහත් වරුන් එක්ව සිටියේය.

අදහස්