නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

සමාජ සේවාව

ඔහු මා හා හිත­වත් වූයේ මා විවාහ වී ඔහු ගේ ගමේ පදිං­චි­යට ආ මුල් දින­වල ය.

එකල ඔහු අපූරු තරු­ණ­යෙක් විය. ලබා තිබුණේ සාමාන්‍ය අධ්‍යා­ප­න­යක් බැවින් ඔහු තුළ මිනි­ස්කම යහ­මින් තිබිණ.

යම් ගැට­ලු­වක් පැන නැඟුණු විට ඔහු ඊට විස­ඳුම් සොයා ආවේ මා වෙත ය. කෙමෙන් ඔහුත් මාත් අතර හුදු හිත­ව­ත්‍ක­ම­කට වැඩි සහෝ­දර බැම්මක් ඇති විය.

දිනක් ඔහු සිය හද­වත මා ඉදි­රියේ නිරා­ව­ර­ණය කළේ ය.

‘අයියෙ, අපි මෙහෙම ඉඳල වැඩක් නෑ. අපෙන් මේ සමා­ජෙට වැඩක් කෙරෙන්ඩ ඕනැ. මිනිස්සු හම්බ­ක­රල කාල බීල මැරිල යනව මිසක් අනා­ගත පර­ම්ප­රා­වට ප්‍රයෝ­ජ­න­වත් දෙයක් කරන්නෙ නෑ. අපි අව­ටම දුප්පත් ගෙව­ල්වල අහිං­සක ළමයි කොච්චර ඉන්න­වද? ඒ දරු­වන්ට ඉගෙ­න­ගන්ඩ අත දෙන්ඩ අපිට බැරිද? අපි එක­තු­වෙලා සමි­ති­යක් පිහි­ටෝ­ගෙන ඒ ළම­යින්ට මොකක් හරි දෙයක් කර­මුද?‘

ඔහු ගේ යෝජ­නාව යහ­පත් එකක් වුව ද මා ඊට කෙළින් පිළි­තු­රක් නොදුන්නේ මගේ උපන් ගමේ අතීත ක්‍රියා­කා­ර­කම් සිහි­පත් වීමෙනි. නව යොවු­න්වියේ සිට ම මම ගමේ මිතු­රන් හා එක් ව ගමේ පොදු වැඩ කර­න්නට පුරුදු ව සිටි­යෙමි. මුල දී ගම ම අප හා එකතු වුව ද අව­සා­නයේ සිදු වූයේ පැරැණි බල­වේග අපට එරෙහි ව නැගිට අප අස­ර­ණ­ කර දැමීම ය.

‘මම තාම මේ ගමට අලුත්නෙ. මල්ලි ඔයාගෙ යාළුවො එක්ක ඔය සමි­තිය පටන් අර­ගෙන වැඩ ටික කර­ගෙන යන්ඩ. මං මල්ලිගෙ ළඟින්ම ඉඳ­ගෙන මට පුළු­වන් හැම දෙයක්ම කරල දෙන්නම්‘ මම කීමි.

නව ජව­ය­කින් පිට ව ගිය ඔහු යළි මා සොයා ආවේ ලෝක­යක් ජය­ගත්තා මෙනි.

‘අයියෙ, මං සාමා­ජි­කයො විසි­ගා­ණක් අපේ ගෙද­රට රැස්ක­රල සමි­තිය පිහි­ටෙව්ව. ප්‍රධාන නිල­යත් මටම ලැබුණ. දුප්පත් ළම­යින්ට උද­ව්ක­රන වැඩේට කවු­රුත් කැම­තියි. මට අයි­යට කියල අපේ සමි­තියෙ ව්‍යව­ස්ථාව හදා­ගන්ඩ ඕනැ‘

ඊ ළඟ දවසේ ඔහු මා සොයා ආවේ සතු­ටින් කෑග­ස­මිනි.

‘අයියෙ, අපි අහිං­සක දරුවො දහ­දෙ­නෙ­කුට පොතුයි සප­ත්තුයි අරන් දුන්න. මට හරිම සතු­ටුයි. අපි ඒ ගෙව­ල්ව­ල­ටම ගිහිං තෑගි පාර්සල් අත­ටම දුන්න. ඒ මූණු­වල තිබිච්ච හිනාව මට කව­දා­වත් අම­තක වෙන්නෙ නෑ‘

ඊ ළඟ දවසේ ඔහු ආවේ තැන්පත් ඉරි­යව් පාමිනි.

‘අයියෙ, සමි­ති­යෙන් යෝජනා වුණා ගෙව­ල්වල අය එක­තු­ක­ර­ගෙන බස්සෙ­කක් අරං පොඩි විනෝද ගම­නක් යං කියල. ඉඳල හිටල එහෙම දේකුත් තියෙන්ඩ ඕනැනෙ. එත­කොට ගෙව­ල්වල අයත් සතුටු වෙන­වනෙ‘ ඔහු කීවේ මුහු­කුරා ගිය තැනැ­ත්තකු මෙනි.

එතැ­නින් පට­න්ගත් විනෝද චාරිකා යෑම නතර වූයේ නැත. ඔවුහු මස­කට වරක් කොහේ හෝ ගියහ.

‘මල්ලි විනෝද වෙනව වැඩී කියල පේන්නෙ නැද්ද?‘ දිනක් මම ඇසීමි.

‘ඇත්ත. කට්ටිය විනෝ­දෙට බර වැඩියි. ට්‍රිප් යන­කොට මුලින්ම පුංචි එවුන් සිංදු කිය­නව. ළමා ගීව­ලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සෙ ලොකු අය සිංදු කිය­නව. බයිල වලින් වැඩේ ඉවර වෙන­කොට හුඟ­දෙ­නෙ­කුට වෙරි. බෝතල් කොහෙන් අරං ගිහිංද දන්නෙ නෑ‘

‘මල්ලි වැඩේ වණ වෙන්ඩයි යන්නෙ. දැංම පාල­නය කර නොග­ත්තොත් කර­දර වෙයි.‘

ඉන්පසු සමි­තියේ විනෝද චාරිකා යෑම අඩු විය. ඒ වෙනු­වට සිදු වූයේ හැම සමිති වාර­යක් අව­සා­නයේ ම බොන පාටි­යක් දැමීම ය.

මාසික සමිති වාර පැවැ­ත්වුණේ පිළි­වෙ­ළින් ඒ ඒ සාමා­ජි­ක­යන්ගේ නිවෙ­ස්වල රාත්‍රී කාලයේ ය. සමිති රැස්වීම අව­සන් වන­වාත් සමග ම සාමා­ජි­ක­යන් බහු­ත­රය මධු­විත වටා රොක් වීම ද, බමන මතින් කෑකෝ ගෑම ද, රණ්ඩු සරු­වල් වීම ද ඇබ්බැ­හි­යක් බවට පත් විය.

ඉන්පසු සති ගණ­නා­ව­කින් ඔහු මා සොයා නාවේ ය. මෙසේ බලා සිටින අතර දිනක් ඔහු හිස බිමට නැඹුරු කර­ගත් වන ම පැමිණ මා ළඟ හිඳ­ගත්තේ ය.

‘අයියෙ, මං සමි­තිය විසු­රු­ව­න්ඩයි යන්නෙ. ඔයා දන්න­වනෙ මං මේ සමි­තිය පිහි­ටෙව්වෙ කොච්චර උතුම් හැඟී­ම­කින්ද කියල. අයි­යට මත­කයි නේද අර ළමයි දහ­දෙ­නාට පොතුයි සප­ත්තුයි අරං දීපු වැඩේ. ඒකත් එත­නිම්ම ඉවර වුණා. ඊට පස්සෙ ට්‍රිප් ගියා. මං ඒකට හරස් වෙච්ච­හම හැම සමිති වාර­යක් ඉවර වෙන­කො­ටම බොන පාටි­යක් දාගත්ත. දැං මේක බොන සමි­ති­යක් බවට පත්වෙලා. සාමා­ජි­කයො වැඩි දෙනා මං කියන දෙයක් අහන්නෙ නෑ. වැඩි ඡන්දෙ­ටයි වැඩ. කට්ටි­යට දැං ඕනැ වෙලා තියෙන්නෙ මාසෙ­කට සැර­යක් එකතු වෙලා බීල විනෝද වෙන්ඩ. සමි­තිය පට­න්ගත්තු අර­මුණ ඒගො­ල්ලන්ට මතක නෑ. මේකට තවත් ඉඩ දෙන්ඩ බෑ. පුළු­වන් වුණොත් මං සමි­තිය විසු­රු­වල දානව. නැත්තං මං අස් වෙනව‘

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යෙකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්