MAG City රත්මලානට | සිළුමිණ

MAG City රත්මලානට

MAG City ශ්‍රී ලාංකීය ප්‍රමුඛතම automobile නඩත්තු කිරීමේ ජාලය සමඟින්, එකවර මෝටර් රථ 300 කට අධික ප්‍රමාණයක් සඳහා නවීන තාක්‍ෂණයෙන් යුතු සේවාවන් සැපයීමේ පහසුකම් සහිත නවතම ශාඛාවක් පසුගියදා රත්මලාන ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් විවෘත විය.

මෙයින් වසර 15 කට පෙර දේශමාන්‍ය එම්. ඒ. ගුණතිලක මහතා Kandy Tyre House) සහ Mag City (pvt) Ltd ආරම්භක සභාපති) විසින් ආරම්භ කරණු ලැබූ Mag City වර්තමානය වන විට දේශීය automobile සේවා අංශයේ සුවිශේෂී සලකුණක් තැබීමට සමත්වූ ආයතනයකි. වර්තමාන සභාපති පී. බී. ගුණතිලක මහතාගේ නායකත්වය යටතේ සිය ගනුදෙනුකරුවන් සඳහා නවීන තාක්‍ෂණයෙන් යුතුව මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සේවාවන් රැසක් ලබාදීමට ඉදිරිපත්ව ඇති Mag City, පාරිභෝගික අවශ්‍යතාවයන් උපරිම ආකාරයෙන් සපුරාලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක නිරතව සිටින ආයතනයකි.

මෙම නවතම ශාඛාව මඟින් Mag City සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව ඇති අතර, එමඟින් කොළඹ නඟරයේ ගනුදෙනුකරුවන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමේ සහ ඉතා කාර්යක්‍ෂම අයුරින් නවතම සේවාවන් සළසාගැනීමේ හැකියාව විවිර වේ.

Comments