Galaxy A80 දුරකතනය ලංකාවට | සිළුමිණ

Galaxy A80 දුරකතනය ලංකාවට

Samsung ශ්‍රී ලංකා ආයතනය විසින් මෙගා පික්සල් 48 ධාරිතාවක් ඇති ලෝකයේ ප්‍රථම කරකැවිය හැකි ත්‍රිත්ව කැමරාව සමඟ එන Galaxy A80දුරකථනය ලංකාවට හඳුන්වා දෙයි. සජීවී යුගය සමඟ ඒකාත්මික වන පරපුර වෙනුවෙන් මෙම දුරකථනය නව ජීවන අත්දැකීමකට මඟපාදයි. වර්තමාන පරම්පරාව වැඩි වැඩියෙන් තම ජීවන අත්දැකීම් සජීවීව බෙදාහදා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරයි. නිතිපතා ලබාගන්නා ඡායාරූප සජීවී වීඩියෝ නැරඹීම සහ බෙදාහදාගත් අත්දැකීම් සමඟ සම්බන්ධවීම ආදී මේ මොහොතේ සිදුවන සියලු ජීවිත අත්දැකීම් සමඟ එකතුවීමට මේ පිරිස් වැඩි ලැදියාවක් දක්වයි. සෙල්ෆි යුගයේ සිට සජීවී යුගය දක්වා ගමන් කරමින් සිටින අප විවිධ පුද්ගලයන් සමඟ වඩාත් සත්‍යවාදී සහ අර්ථවත් සබඳකම් පවත්වා ගැනීමට කැපවේ. මෙම ජීවන පරිණාමය තවදුරටත් ඉදිරියට ගෙනයාම උදෙසා පරිපූර්ණ පුළුල් තිරයක් Samsung විසින් ප්‍රථමවරට හඳුන්වා දෙන කරකැවිය හැකි ත්‍රිත්ව කැමරා සහ intelligent battery එකක් ආදී නවතම විශේෂාංග රැසක් සමඟ ඔබට අත්විඳීමේ අවස්ථාව උදාවෙයි.

“අප කරන සෑම දෙයකම කේන්ද්‍රය වන්නේ අපගේ පාරිභෝගිකයාය. එමෙන්ම ඔවුන් ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාවට වඩාත්ම ගැළපෙන උපාංග සොයාගෙන යනවා. අපගේ අත්දැකීම්, ගෝලීය හැකියාව සහ පාරිභෝගික වුවමනාවන් හඳුනාගැනීමෙන් ආයතනය සන්නද්ධ වී ඇති නිසා සැමට ගැළපෙන අයුරින් සුවිශේෂී ලෙස ස්ථානගතකළ නව්‍ය නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අපට පුළුවන්.” Samsung ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යු මහතා පැවසීය.

Comments