AIA සියවස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය | සිළුමිණ

AIA සියවස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය

ආසියාවේ සුවහසක් ජනතාවට රැකවරණය සලසන AIA ඉන්ෂුවරන්ස්, තම සමාගමට සියවසක් පිරීම සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දක්වමින් කටයුතු කරයි. මෙහිදී 2019 වසර තුළ අලෙවි කෙරෙන සෑම ජීවිත රක්ෂණ සැලසුමක් වෙනුවෙන්ම රුපියල් 100 බැගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පිරිනැමීමට, AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් අවබෝධතා ගිවිසුමකට එළඹිණි. මෙය ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත උදාකර දීමේ උතුම් කර්තව්‍යය උදෙසා AIA හි කැපවීම සනිටුහන් කිරීමේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් ඇතිවෙමින් පවතින බැවින් මෙලෙස එක් රැස් වෙන අරමුදල් පිළිකා ප්‍රතිකාර සහ පිළිකා මර්දනය මෙන්ම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

AIA හි ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් බැනර්ජි මෙසේ පැහැදිලි කළේය පිළිකා වැනි බෝ නොවන රෝග ශ්‍රී ලංකා ජන සමාජය තුළ මහත් බලපෑම් ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලින් 75%කට හේතු වන්නේ මෙම බෝ නොවන රෝග වන අතර, ජාත්‍යන්තර වශයෙන් මෙම ප්‍රතිශතය 63%ක් වශයෙන් වාර්තා වෙනවා. අප සමාජයේ සෞඛ්‍යය හා සුවතා මට්ටම් යහපත් තත්ත්වයකට ගොඩනැගීමට පංගුකාරිත්වය දැරීම අප සමාගමේ ප්‍රමුඛතාවයක්. එබැවින් වර්තමාන සමාජයට පමණක් නොව, අනාගත පරපුර සඳහා ද යහපත් පසුබිමක් ගොඩනැගීම අපගේ වගකීමක් ලෙස අප සලකනවා”

පන්කජ් මහතා තවදුරටත් අදහස් දක්වමින් ර්‍ණ‍මේ දේශයේ ප්‍රබලතම පොදු සෞඛ්‍ය ගැට‍ලුවක් ලෙස සැලකෙන්නේ පිළිකාවන්ය. පිළිකාවන් සඳහා විශේෂ ප්‍රතිකාර රැසක් අවශ්‍ය වන අතර, එයට අමතරව ඇප කැප වූ යටිතල පහසුකම් සහ යටිතල සේවාවන් පවුලට සහ රෝගීන්ට අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ පවතින නවතම දත්ත අනුව, 2011 වසර තුළ දී නව පිළිකා රෝගීන් 17,482 ක් හඳුනාගෙන තිබූ අතර, වයස අවුරුදු 74ට ප්‍රථමව ශ්‍රී ලාංකිකයකුට පිළිකාවක්‌ වැලඳීමේ සම්භාවිතාව සෑම 10 දෙනෙකුට එක් අයෙක් ලෙසත් අනාවරණය වී තිබෙනවා.

ඒ නිසාම පිළිකා රෝගීන් හට තමන් මුහුණ දෙන්නා වූ මෙම අභියෝගයන් මධ්‍යයේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සහය මෙන්ම මානසික දිරිගැන්වීම් ලබා දීමටද ඉදිරිපත් වන්නා වූ මෙවැනි ආයතන සඳහා සහයෝගය ලබාදීම ඉතාමත් වැදගත් වේ. ශ්‍රී ලංකා පිළිකා සංගමය වැනි විශ්වසනීය ආයතනයක් සඳහා අරමුදල් ප්‍රදානය කිරීම තුළින් අපගේ උපරිම සහයෝගය ලබා දීම හුදෙක්ම සංගමයකට දායක වීම පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් හට පිළිකා රෝගය සඳහා මුහුණ දීමටත් එයින් ජයගැනීමට සහය වීම සඳහාත් කෙරෙන සේවයක් බව අපගේ විශ්වාසයයි.”

අදහස්