ත්‍රිරෝද රථ රියැදුරන්ට නොමිලේ ඇමතුම් දෙන ඩයලොග් සුපර් Taxi | සිළුමිණ

ත්‍රිරෝද රථ රියැදුරන්ට නොමිලේ ඇමතුම් දෙන ඩයලොග් සුපර් Taxi

ඩයලොග් ආසිආටා මෙරට ත්‍රීරෝද රථ රියදුරු මහතුන් සඳහා විශේෂ නොමිලේ ඇමතුම් සමඟ වාසිදායකතම මොබයිල් පසුගෙවුම් පැකේජයක් සුපර් Taxi පැක් නමින් හඳුන්වා දෙයි. විවිධ ප්‍රවාහන පහසුකම් සපයන App ඔස්සේ ත්‍රීරෝද රථ වෙන් කරවාගෙන ගමන්වල යෙදෙන සමාජ ප්‍රවණතාවය දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර ඒ සඳහා ජංගම දුරකතනය අනිවාර්ය සාධකයක් වී ඇත. එහෙයින් ත්‍රීරෝද රථ රියැදුරන්ට සිය සේවාදායකයන් ඇමතීමටත්, මාර්ග සිතියම් භාවිතයෙන් ඔවුන් සිටින ස්ථාන වෙත ළඟාවීමට හා ප්‍රවාහන පහසුකම් සැපයීමටත් දුරකතන ඇමතුම් සහ අන්තර්ජාල භාවිතය අත්‍යවශ්‍ය වී ඇත. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ත්‍රීරෝද රථ රියැදුරු මහතුන් සඳහා විශේෂ සහන සලසමින් ශ්‍රී ලංකාවේ ඇති වාසිදායකතම මොබයිල් පසුගෙවුම් පැකේජය මෙසේ ඩයලොග් වෙතින් හඳුන්වා දී ඇත.

රුපියල් .249ක මාසික ගාස්තුවකට ලැබෙන එම පසුගෙවුම් පැකේජයෙන් ඩයලොග් ජාලය තුළ නොමිලේ මිනිත්තු 500ක ඇමතුම්, එස්එම්එස් 1000ක් සහ2GB Data (1GB Anytime /1GB Night Time) සමඟ මිනිත්තු 500 ඉක්මවූ පසු ඩයලොග් ජාලය තුළ ලබාගන්නා සියලුම තත්පර 15 ඇමතුම් නොමිලේ ලබා ගත හැකිය. එමඟින් එදිනෙදා කෙටි ඇමතුම් අවශ්‍යතා නොමිලේ සපුරාගැනීමට රියැදුරු මහතුන්ට හැකියාව ලැබේ.

ඕනෑම ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත හෝ බලයලත් අලෙවි මධ්‍යස්ථානයක් වෙත පැමිණ, ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් එම පැකේජය සක්‍රීය කරගත හැකිය.

අදහස්