කටුවාපිටිය දේවස්ථානයට I-Panel සිවිලිම් ෂීට් | Page 2 | සිළුමිණ

කටුවාපිටිය දේවස්ථානයට I-Panel සිවිලිම් ෂීට්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරය, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයෙහි සිවිලිම ප්‍රතිසංස්කරණය සඳහා I-Panel සිවිලිම් ෂීට් පරිත්‍යාගකිරීම පසුගියදා සිදුවිය. සමාජ සත්කාරයක් හා මානව වගකීමක් වන එම පුණ්‍ය ක්‍රියාවෙහි පොරොන්දු ඵලකය Idea සමාගමෙහි සභාපති, සම්පත් මායාකඩුව මහතා විසින් අගරදගුරු මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් වෙත පසුගියදා කොළඹ අගරදගුරු නිල නිවසේ දී පිළිගන්වනු ලැබීය.

Comments