අනුරාධපුර දහම් පාසල් බැති ගී තරගාවලියට මන්චි අනුග්‍රහය | Page 2 | සිළුමිණ

අනුරාධපුර දහම් පාසල් බැති ගී තරගාවලියට මන්චි අනුග්‍රහය

මන්චි, දේශීය බිස්කට් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම විසින් පසුගිය පොසොන් පොහෝ දිනය කේන්‍ද්‍ර කරගනිමින් පොසොන් බැති ගී සහ කාව්‍ය රචනා තරඟාවලියක් සංවිධානය කළේය. මධ්‍යම නුවරගම් පළාත ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගීත්වයෙන් පැවැත්වූ මෙම සුවිශේෂී කාර්යයේ අවසන් සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය ජුනි 17 වන දින අනුරාධපුර සඳ හිරු සෑ රඳුන් අභියසදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.

මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය, දේවානම් පියතිස්ස රජුන් බුදු දහම වැළඳගැනීම සහ ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත්වීම, යන ඓතිහාසික අවස්ථා අනුස්මරණය කරමින්, අනුරාධපුර මිහින්තලය කේන්‍ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක පෙසොන් පොහෝ දින සැමරුම, මුළු මහත් ලාංකීය බෞද්ධ ජනතාව විසින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිවෙත්හි යෙදෙන දිනයකි. මිහින්තලය ආශ්‍රිතව සිදුවන ප්‍රධාන සැමරුමට සමගාමීව මන්චි විසින් සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් දියත් කළ පොසොන් බැති ගී අවසන් තරඟය අනුරාධපුර නගරය කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්වීය.

Comments