සඳ තරණයේ 50 වැනි වසර | සිළුමිණ

සඳ තරණයේ 50 වැනි වසර

ලොව පුරා මිලියන ගණනක ජනතාව පසුගිය සතිය පුරාවටම සිටියේ සැබැවින්ම පොළොවේ පයගසා නොව හඳේ බව කිව හැකිය. වසර 50කට පෙර පෘථිවි මිනිසා විද්‍යාවෙන් ලද විශාලතම ජයග්‍රහණයක උද්දාමය යළිත් සිහිපත් වීම ඊට හේතුවයි. නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස ද බස් ඔල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් රැගෙන අමෙරිකාවේ නාසා ආයතනයට අයත් ඇපලෝ 11 යානයෙන් ගිය සඳ ගමනට ඊයේ දිනට (ජුලි 20) වසර 50ක් සපිරිණි. ඒය සමරමින් ලොව පුරා සිදුවූ සුවිශේෂී දේ බොහෝ ය. මේ ලිපියෙන් දිගහැරෙන්නේ සමස්ත ලෝකයාම හොදින් දන්නා ඒ අතීත කතාවේ අද කතාබහ වන දේ ගැන ය.

සඳ ගමනේ සැමරුම් වැඩිපුරම පැවැත්වෙන්නේ ඒ ගමනේ අයිතිකරුවන් වූ අමෙරිකාවේ ය. නාසා ආයතනය පළමුවෙන්ම සිදුකළේ ඇපලෝ 11 සැටර්න් වී රොකට් මෙහෙයුම සිදුකළ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒය ඒදා තිබූ පරිදිම දිස්වන ආකාරයෙන් සකස් කිරීමට නාසා ආයතනය කටයුතු කර ඇත. නාසා ආයතනයේ මැදිහත්වීමෙන් සිදුවන වොෂිංටන් ස්මාරකය අභියස චතුරස්‍රය වසා අඩි 363ක් උසැති දැවැන්ත ඩිජිටල් තාක්ෂණික තිරයකින් සම්පූර්ණ සඳ ගමනේ අත්දැකීම විදගන්නට ඩිස්කවරි චැනලය, ජාතික අභ්‍යාවකාශ කෞතුකාගාරය, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් කටයුතු කළේය. දින දෙකක් පැවැති එම වැඩසටහන "Apollo 50: Go for the Moon" ලෙස නම් කර තිබුණි. මෙවැනි වැඩසටහන් කිහිපයක් නොමිලේම විදගැනීමේ අවස්ථාව අමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයක ඉඩකඩ සලස්වා තිබුණි. ගගනගාමීන්ගේ සජීවී සහභාගිත්වය ලැබීම මෙම වැඩසටහන්වල විශේෂත්වයයි. නාසා රූපවාහිනී චැනලය ඔස්සේ සජීව විකාශය සදහා දැවැන්ත සංගීත සංධ්වනියක්, පැරෂුට් සංදර්ශනයක් මෙම වැඩසටහන් අතර වේ.

මේ අතරේ ජනප්‍රියතම ගූග්ල් සෙවුම් යන්ත්‍රය ද සඳ ගමන සැමරීමට අමතක නොකළේ ය. ගගනගාමීන් තිදෙනකුගේ සඳ මත පා තැබීම පිටුපස සිටි ලක්ෂ 4ක පමණ විද්‍යාඥයින්ගේ සිට කම්කරුවන් දක්වා වන පිරිසට උපහාර පුද කරමින් ඔවුන් ද තම සෙවුම් යන්ත්‍රයේ ඇතැම් වෙනස්කම් සිදුකිරීමට පසුබට නොවීය. මුල් පිවිසුමේදීම සඳ ගමන සිහිවන Doodle සංකේතය ඇතුළු බොහෝ දේ ඔවුන් තාක්ෂණික වශයෙන් මෙම ‌ෙඒතිහාසික අවස්ථාව සිහිකිරීමට යොදාගත්තේ ය.

සඳ ගමන පිළිබද බොහෝ අපූරු කතා අප අසා තිබුණ ද වසර 50ක් ගතවූ තැන කතාබහට මතුවී ඇත්තේ ඒහි සැගවුණු සුළු සුළු ඒහෙත් තීරණාත්මක වූ කරුණු ගැනය. ඒවායෙහි බලපෑම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි වන්නේ ඒ ඇතැම් කරුණු සැබැවින්ම සිදුවූයේ අද අපට සඳ ගමනෙහි සැමරුමක් කරන්නට ඉතිරි වන දෙයක් නොමැති වන තරමටම බරපතළ වන්නටඉඩකඩ බොහෝ තිබූ බැවින් ය.

සඳ ගමනට ගිය රොකට්ටුවේ සිටි නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඔක්ඩ්‍රින් හා මයිකල් කොලින්ස්ට මුලින්ම සොයාගත යුතුව තිබුණේ සඳ මත ඇති අසාමාන්‍ය දේ ගැන සොයාබැලීමටයි. ඇතැම් විට ඒකදු හෝ අසාමාන්‍ය දෙයක්, නැතිනම් සජීවී යමක් හමුවූයේ නම් අමෙරිකානු කොඩිය සිටුවීමට සිදුවන්නේ වෙනත් තැනක විය හැකිය. නැතිනම් කොඩිය සිටුවීම පසෙකලා යළි එන්නට පිළිවන. එදා සඳ ගමනේදී ගගනගාමීන් සතුව සියදිවි හානි කරගැනීමේ ඖෂධ තිබූ බව ඔබ කිසිසේත් නොසිතන්නට ඇති. එහෙත් කවරදාකවත් පය නොතැබූ වෙනස්ම ලොවකට ගිය ඔවුන්ට සිදුවිය හැකි ඕනෑම උපද්‍රවයක් පිළිබද පෙර සිටම සැලසුමක් ඇපලෝ මෙහෙයුමේ විද්‍යාඥයින්ට තිබුණි. ඒ අනුව වෙනස් කිසිදු අවස්ථාවක් සොයාගත නොහැකි අවස්ථාවේදී ගත හැකි අවසාන පිළිතුර ලෙස ඔවුන් සතුව තිබුණේ ඒම ඖෂධ ය. එහෙත් ඔවුන්ට ඒවා අවශ්‍ය නොවූ බව නාසා ආයතනය පසුව පවසා තිබුණේ සැනසුම් සුසුම් හෙළිමින් වන්නට ඇත. සද මතින් ලබාගත් පස්වලින් හමුවූ නව ඛනිජය නම් කර තිබුණේ Armalcolite නමිනි. ඒ නම යොදා තිබුණේ ARMstrong, ALdrin, COLlins යන නම් තුනෙහි මුලකුරුවලිනි. සඳ ගමනට දි 12කට පෙර මේ පිළිබද කළ අවසාන මාධ්‍ය හමුව පැවැත්වුණේ ඊට සහභාගි වූ ගගනගාමීන්ගේ සහභාගිත්වයෙනි. ඔවුන්ට සුළු විෂබීජයකට පවා නිරාවරණය නොවීමට මාධ්‍ය හමුව පැවැත්වෙද්දී ඔවුන් පසුපසින් සුළං පිඹින මැෂින් 6ක් සවි කර තිබුණේ මාධ්‍යවේදීන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස වායුව හෝ නොඒන ලෙසයි. මාධ්‍යවේදීන් රදවා තිබුණේ ගගනගාමීන් සිටින ස්ථානයට අඩි 50ක් ඈතිනි.

1969 දී සඳ ගමන අද මෙසේ ‌ෙඒතිහාසික නොවීමට ඉඩ තිබූ අනතුරු කිහිපයක් පිළිබද කතාබහටලක්වූ තවත් මාතෘකාවකි. ඉන් ඒකක් නම් 1967 දී සඳ ගමනේ අත්හදාබැලීම් සදහා සූදානම් කර තිබූ ඇපලෝ 1 මොඩියුලය පුහුණුවීමක් සිදුකළ අතර ඒ තුළ ගගනගාමීන් වන රොජර් කැ‌‌ෆේ, එඩ් වයිට් හා වර්ජිල් ග්‍රිසම් රැදී සිටියදී ගිනිගැනීමයි. ඒම ගින්නෙන් ඔවුන් තිදෙනාම මියගොස් තිබුණි. මේ හේතුව නිසාම 1968 වනතුරු නාසා ආයතනය මෙම අදහස අතහැර පසුබැස්සේ ය. නමුත් යළිත් වැරදි සකසාගෙන යළි උත්සහ කිරීමට නාසා ආයතනය අදිටන් කරගත්තේය.

සඳ මත පා තැබූ පළමු මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන් මියනොගොස් බේරී ඇත්තේ අනූනවයෙනි. ඔහු 1968 දී මේ ගමනට අදාළව ලූනා ලෑන්ඩින් සමීක්ෂණ යාත්‍රාවක අත්හදාබැලීමක නිරතව සිටියේ ය. ඒ සඳ මත පා තැබීම පිළිබද යම් පුහුණුවක් ලබාගැනීමට ය. එහිදී නීල් හූස්ටන්හිදී තාක්ෂණික දෝෂයක් මතුවී යානය පාලනයෙන් බැහැර වී තිබේ. යානය භූමියට කඩාවැටීමට තත්පර 30ක් තිබියදී ඒනම් මීටර් 9ක් තිබියදී නීල් කර ඇත්තේ යානය අතහැර පැරෂුටයකින් පැනීමයි. භූමියේ ගැටුණු යානය විශාල ගිනි බෝල විසිකරමින් පුපුරා ගොස් සුන්බුන් විය. නීල් ඒදා බේරුණේ තත්ත්පර කිහිපයකිනි.

ගොඩබසින ස්ථානයේ දත්ත විශ්ලේෂණය කරගෙන පසුව සඳ මත ප්‍රවේසමෙන් ගොඩබැස්මට තරම් ඉන්ධන යානය තුළ නොවූ බව මෙහෙයුම් අණදෙන්නා වූ නීල් දැනගත්තේ ය. ඔහු ඇතුළු කණ්ඩායම කළේ පියවරක් අඩු කොට ස්වයංක්‍රීය තත්වයෙන් යානය සිය පාලනයට ගනිමින් අවදානම අතට ගෙන ඉක්මණින් ගොඩබැස්වීමයි. ඉන්ධන අඩුවීම නිසා ආපසු ඒ්මට හෝ ඒ මොහොතේ නොසිතූ විරූ බරපතළ අනතුරකට මුහුණපෑමට තිබූ ඉඩ ද වෙනස් වී ගියේය.

පළමු සඳ මත පාතැබීමට ප්‍රථම නීල් හා ඔල්ඩ්‍රින් දෙදෙනා තමන්ට නියමිත ඇදුම ලා ගත්ත ද එහි ඒන්ජිම හා ඇදුම අතර ඒහා මෙහා කරවන සර්කිට් බ්‍රේකර් ස්විචය කැඩී තිබෙනු දක්න හැකිවිය. ඒය සවි කර තිබුණේ ජංගම ජීවිතාරක්ෂක පද්ධතිය සවිකළ කොටසෙහිය. ඒ් ගිනිගැනීමක් සිදුවීම වැළැක්වීමටයි. කැඩුණු ස්විචය නිසා මෙහෙයුම නතර කිරීමට නොසිතූ ප්‍රධාන පෙළේ ඔල්ඩ්‍රින් සියුම් උපායක් භාවිත කළේය. පෑන් තුඩකින් ස්විචය පහත් කළ ඔවුන් ඒතැනින් ද අවදානමක් සියතට ගෙන සඳ මත පා තැබීමට ගියේ ය.

මේ සියල්ල සඳ ගමනේ වැඩිය නිරාවරණය නොවූ ඒහෙත් 50 වසරක් ගතවූ තැන කියැවෙන දේවල් ය. කෙසේවෙතත් අඩසියවසක් ගතවුණු අද මිනිසුන් චාරිකාවට අභ්‍යාවකාශයට යාමේ ව්‍යාපෘති ද ආරම්භ කර තිබේ. ඒ් සියල්ල සිදුවන්නේ සඳ ගමනේ පළමු පියවර සාර්ථක වූ නිසාය. පසුකාලීනව සඳ ගමන ගැන ඉතිහාසය වෙනස් කරන ආකාරයේ විවාදාත්මක තොරතුරු හෙළි වුව ද අදටත් ඇපලෝ 11 රොකට්ටුවේ මෙහෙයුම මිහිමත මිනිසා ලද විශාලතම ජයග්‍රහණය ලෙස සමරනු ලබයි.

Comments