ජූලි: 21 සිට ජූලි: 27 තෙක් ඔබට කොහොමද? | Page 3 | සිළුමිණ

ජූලි: 21 සිට ජූලි: 27 තෙක් ඔබට කොහොමද?

මේෂ

නොගැළපෙන අය සමඟ ඇසුර එපා

ලග්නාධිපති කුජ වක්‍ර බුධ රවි හතරේය. ගුරු වක්‍රව 8 ද ගෝචර වේ. ශනි වක්‍රව කේතු සමඟ භාග්‍යය ස්ථානයේය. එම පිහිටීම තුළ ඔබේ කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. අන්‍යයන්ගේ සහයෝගය ඔබට ලැබීම අපහසු කරගනී. ඉතා කල්පනාවෙන්ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. ශරීරයට වෙහෙසකාරි බව විඩාව ඇති කරයි. තමාට නොගැළපෙන අය සමඟ අශ්‍රයට යෑමෙන් වළකින්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබීම අපහසුයි. උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යයාබාධ, උදරාශ්‍රිත පීඩා, පපුව පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතුය.

ශුභ වර්ණය: රතු ශුභ අංකය : 09 ශුභ දිනය : සඳුදා

වෘෂභ

වෙළෙඳාමට බාධා

ලග්නාධිපති සිකුරු ධනු දෙවැන්නේද ශනි කේතු 8 ද රවි බුධ කුජ තුනේ ගෝචර‍ වේ. ගුරු හතේ ගමන් කරයි. එම ග්‍රහ පිහිටීම් ගැන බැලීමේදී යම් යම් බාධා ඇතත් වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී නිර්මාණශීලී තත්ත්වයට ඉඩ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට බාධා ගෙනදේ. එහෙත් උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී නම් තරමක් කල්පනාකාරී වන්න. ගෙදර දොර කටයුතු වලදී සාමාන්‍ය වුවද විටෙක සාමයට සමඟියට බාධා ගෙනදිය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු වලදී දියුණුවක් ලබයි. ඉගෙනීමේ කටයුතු වලදී තමගේ කටයුතුවල දුර්වලතා ඇති කරයි. උෂ්ණාධික රෝග, මුත්‍රා දෝෂ, ලේ දුෂ්‍යයන් ඇති කළ හැකිය.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය : 06 ශුභ දිනය: බදාදා

මිථුන

රැකියාවේ බාධා

ලග්නාධිපති බුධ කුජ රවි දෙවැන්නේය. සිකුරු රාහු ලග්නයේද ශනි කේතු හයේද ගුරු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා කටයුතුවලදී බාධා අවහිරතා මාධ‍්‍යයේ තමාගේ කටයුතුවල නියුක්ත වීමට සිදු වේ. ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. මිල මුදල් ලැබීම ගැන පෙන්නුවද වියදම් පක්ෂය ගැනත් සැලකිලිමත් විය යුතුය. ගෙදර දොර කටයුතු වලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමඟිය සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට විටෙක ඉගෙනීමට හානිකර දේවලට ඉඩ මතු කළ හැකි නිසා උත්සාහයෙන්ද කැප වීමෙන්ද ක්‍රියා කළ යුතුයි. ලේ දූෂ්‍යයන්ට, දද කුෂ්ට, වෛරස් රෝග, විෂබීජ ඇතුළුවීම යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: කොළ ශුභ අංකය: 05 ශුභ දිනය: බදාදා

කටක

ප්‍රධානියා සමඟ කටයුතු පරෙස්සමෙන්

ලග්නාධිපති චන්ද්‍රයා අට වැන්නේය. රවි,කුජ වක්‍ර බුධ ලග්නයේද සිකුරු රාහු 12 ද, ශනි කේතු 6 ද ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම්වලට අනුව මේ කාලසීමාව තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. නොඑසේ නම් ණය තුරුස් වීමට ඉඩ මතු කළ හැකි බැවිනි. වෘත්තිය හා රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී ඉවසීමෙන්ද බුද්ධියෙන්ද ක්‍රියා කළ යුතුය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. ඉගෙනීමේ කටයුතු වලදී විටෙක පරිභාහිර දේවලට හිත ඇඳී යෑමේ ඉඩ පවතින නිසා උනන්දුවෙන්ද කැපවීමෙන්ද ඉගෙනීම්වල යෙදිය යුතුය. මුත්‍ර දෝෂ, ලේ දුෂ්‍යයන්ට, උෂ්ණාධික රෝගාදියට ඉඩ පවතී. පාද ආශ්‍රිත පීඩාවලට ඉඩ ඇත.

ශුභ වර්ණය: ක්‍රීම් පාට ශුභ අංකය: 02 ශුභ දිනය: සඳුදා

සිංහ

ආර්ථික වාසි

ලග්නාධිපති රවි කුජ බුධ වක්‍රව 12 සිටී. සිකුරු රාහු ආසන්නයේය. චන්ද්‍රයා තුනේද ශනි කේතු 5 ද, ගුරු 4ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් අනුව සැලකීමේදී වෘත්තීය සහ රැකියා කටයුතුවලදී සුළු සුළු බාධා ප්‍රමාදතා ඇතත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලබාගත හැකි. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදර දොර කටයුතු වලදී සුළු සුළු බාධා එල්ල අවහිරතා ඉස්මතු කරනු ඇත. එසේ වුවත් සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදීමේදී ස්වකීය උත්සාහය තුළ සාර්ථක කර ගත හැකිය. පර්යේෂණ කටයුතු වලට ශුභයි. උදරාශ්‍රිත පිඩා මේදය අධික වීමෙන් සෑදෙන රෝග, ලේ දුෂ්‍යවීම වලින් ප්‍රවේශම් වන්න. ස්නායු නහර දුර්වල වන්නට ඉ‍ඩ ඇත.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 01 ශුභ දවස :ඉරිදා

කන්‍යා

යුගදිවිය යහපත්

ලග්නාධිපති බුධ රවි කුජ ආසන්නයේය. සිකුරු රාහු 10 ද ශනි කේතු 4ද ගෝචර වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රවලදී බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. තමාට නොගැළපෙන අය සමඟ කටයුතු කිරීමට යෑමෙන් වළකින්න. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු ‍වන තරමට සාර්ථක නොවේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. වාසි ගෙනදේ. ගෙදර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ශුභදායකයි. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ඇති වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයන් කෙරෙහි අවධානය යොමු වේ. රුධිර පීඩනය, හෘදගත පීඩා, ස්නායු නහර දුර්වලතා ආදියෙන් ප්‍රවේශම් විය යුතුය.

ශුභ වර්ණය: කොළ ශුභ අංකය: 05 ශුභ දවස: බදාදා

තුලා

බාධා අවහිරතා

ලග්නාධිපති සිකුරු රාහු සමඟ පුණ්‍යස්ථානය වූ 9 යේය. රවි, කුජ, බුධ කර්මස්ථානයේ ගුරු දෙවැන්නේද ශනි කේතු 3 වැන්නේද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සලකා බැලීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල ලැබීම තරමක් අසීරු වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලදී තරමක් යහපත්ය. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැත. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලබයි. ගේදොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධයෙන්ද අයහපත් නැත. සමඟිය සාමය සුරක්ෂිත වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයන් කෙරෙහි අවධානයෙන් පසුවිය හැකිය. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ. පපුව පෙණහැල්ල ආශ්‍රිත රෝග, ඇස්වල පීඩා, මුත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය : නිල් ශුභ අංකය: 06 ශුභ දවස: සිකුරාදා

වෘශ්චික

වියදම අධිකයි

ලග්නාධිපති කුජ බුධ හා රවි සමඟ භාග්‍ය ස්ථානයේය. සිකුරු රාහු අට වැන්නේ සිටී. ශනි කේතු 2 කේද ගුරු ලග්නයේ ද ගෝචර වේ. මෙම කාලසීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේදී මානසික පීඩා සිත් තැවුල් කරදර මධ්‍යයේ තමාගේ කටයුතු කිරීමට සිදු වේ. සිතෙහි ප්‍රීතිය අඩු වේ. ඉතාම ඉවසීමෙන් ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් එතරම්ව ශුභදායක නොවේ. ආදායම් ලැබුණද වියදම් අධිකයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධව වැඩ කටයුතුවලදී කරදරකාරී සිත් තැවුල් මැද ක්‍රියා කිරීමට සිදු වන නිසා ඉතාම බුද්ධිමත්ව කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වෛරස් රෝග, ලේ දුෂ්‍යවීම උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේශම් වන්න. මුත්‍රා දෝෂවලට ඉඩ පවතී.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 09 ශුභ දවස: බ්‍රහස්පතින්දා

ධනු

ඉගෙනගන්නා දරුවන්ට යහපත්

ලග්නාධිපති ගුරු 12ද, ශනි කේතු ලග්නයේය. සිකුරු රාහු 7 ද ගමන් ගනී. කුජ බුධ රවි අටේ ගෝචර‍ය වේ. එම පිහිටීම් ගැන සැලකීමේදී තම කටයුතු වලදී සුළු බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය හා රැකී රක්ෂා කටයුතු යනාදී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල ඇති නොවේ. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් විටෙක වියදම් පක්ෂයද ඉහළ යා හැකිය. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුත්ත අයට යහපත්ය. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයන් ලැබිය හැකිය. අනතුරු පීඩා තුවාල වැටීම් තැළීම් යනාදියෙන්ද මුත්‍රා වකුගඩු ආශ්‍රිත පීඩාදියෙන්ද ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දවස: බ්‍රහස්පතින්දා

මකර

ආර්ථික ලාභ

ලග්නාධිපති ශනි කේතු 12 ද ගුරු 11ද, සිකුරු රාහු 6 ද ගමන් ගනී. රවි - කුජ - බුධ හතේ ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව පෙනී යයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ව්‍යාපාරික අංශවල යෙදී සිටින අයට වාසි ලැබේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. රුධිර පීඩනය - උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යාබාධා යනාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය : නිල් ශුභ අංකය: 08 ශුභ දවස: සෙනසුරාදා

කුම්භ

සිරුරේ විඩාව

ලග්නාධිපති ශනි කේතු අටමස්ථානයේය. බ්‍රහස්පති 10 ද සිකුරු රාහු 5 ද ගමන් ගනී. ඒ ශුභ චලිතයන් ගැන බැලීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. ශරීරයට විඩා ගතියක් ගෙන දේ. අන්අයගේ සහයෝගය ලබා ගැනීම අසීරු වේ. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ඉවසීමෙන්ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකුලතා ඉස්මතු කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදර දොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී තද ලෙස පිඩාගති මතු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙස මහන්සි වීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබීමට පුළුවන. වෛරස් රෝග උෂ්ණාධික රෝග ලේ දුෂ්‍යාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 06 ශුභ දිනය: සෙනසුරාදා

මීන

දරුවන්ගේ වැඩට කාලය වැය වෙයි

ලග්නාධිපති ගුරු වක්‍රව භාග්‍ය ස්ථානයේය. සිකුරු රාහු 4 ද ශනි කේතු 10 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචර‍ය සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී බුද්ධිමත්ව විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේශම් වන්න. ආදායම් ලැබුවද වියදම් අධිකවේ. මිල මුදල් සම්බන්ධයෙන් විමසිලිමත් නොවුව හොත් ණය තුරුස්වීමේ ඉඩක් පවතී. ගෙදර දොර ක‍ටයුතු වලදී මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට ඉගෙනීමට පරිභාහිර දේවලට හිත ඇදී යන නිසා කල්පනාකාරී වන්න. උෂ්ණාධික රෝග, උදර ආශ්‍රිත පීඩා, ස්නායු නහර දුර්වල යනාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දවස: බ්‍රහස්පතින්දා

Comments