අනතුරු වැඩිම නිවසේදී කිව්වොත් ඔබ පුදුම වේවි නේද? | සිළුමිණ

අනතුරු වැඩිම නිවසේදී කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

ඔබට ඔබගේ දරුවාට හෝ සමීපතමයන්ට සිදුවිය හැකි බොහෝමයක් අනතුරු සිදුවන්නේ ඔබ ජීවත්වන නිවස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේදී ය. ඔබේ නිවස සම්පූර්ණයෙන් ම අනතුරුවලින් තොර නිවසක් බවට පත් කළ නොහැකි වුවත් අනතුරු අවම කර ගැනීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍ය ඔබේ අවදානය සහ විමසිලිමත් බවමයි. දැන් බලන්න පිහිය - කතුර වැනි දේ ළමයින්ට අහු නොවන්න තබන්නයි ඕනා. නමුත් මේ දෙ‍කම තිබෙන්නේ නිවෙස්වල අතටගත හැකි දුරින්. වස විෂ දරුවන්ට අහුවෙන්න තබන්න එපා කීවත් නොදැනීම ඒවත් අතට අහුවෙන දුරින් අපි තබනවා. නිවසේ ගරා වැටුණු හෝ කඩා වැටීමට ආසන්න තැන් තිබුණත් ඕවා හදන්න අතේ මුදල් නෑ කියමින් ඉන්නවා. නිවෙස තුළ පොළොවේ කඩතොළු - විදුලි උපාංගවල වයර්, පාපිසි, කාර්පට් ආදී පැටලී වැටීමට ඇති දේ ගැන සිතන්නෙ නෑ. ටයිල් ඇතිරූ ගෙබිම මොබ් කිරීමෙන් පසු වියෙළන තුරු නොසිට ඒ මත ඇවිදීමෙන් අනතුරු සිදු වෙන්න ඇති ඉඩ වැඩී. කුඩා දරුවන් ඉන්නා තැන්වල අනාරක්ෂිත ළිං... කෙටි තාප්ප නොවැසූ තරප්පු පේළි නිසා හරියට අනතුරු සිදුවෙනවා. නොසැලකිල්ල අනතුරුවලට මුලයි. මේවා වැඩි ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්. නිවෙස්වල විදුලි අනතුරුත් හරියට සිදුවෙනවා. විදුලි උපකරණවල වයර්, ප්ලග් පළුදු වීම... විදුලි රැහැන් ගෙවත්තේ ගස්වල ගෑවෙන සේ තිබීම... අනතුරුවලට මුලයි. නාන කාමරයේ වැඩිපුරම අනතුරු සිදු වෙන්නෙ ටයිල් ලිස්සන සුළු වීම නිසා... නිදන කාමරයේ නම් මදුරු දඟර ඇඳ අසලින් දැල්වීම... කියන්න පුළුවන්. මුළුතැන්ගෙයි වංගෙඩිය... මිරිස්ගල... අනාරක්ෂිතව තැබීම නිසා ගෑස් ළිපට හොඳින් වාතාශ්‍රය නොලැබෙන නිසා... ගෑස් බටයේ පළුඳුවීම් නිසා... උණුවතුර කේතලය උඳුනේ තබන විට කෙමිය තමාගෙන් ඉවතට යොමු වන ලෙස තැබීම නිසා අනතුරු ඇත්තටම සිදුවෙන්න පුළුවන්. අනතුර සෑම විටෙකම සෑම තැනෙකම සැඟවී තිබිය හැකියි. මේ නිසා ඒ පිළිබඳව නිරතුරුවම පරීක්ෂාකාරීවන්න කියලා තමා කියන්න වෙන්නේ.

 

Comments