‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ 24 දා ඇරඹේ | සිළුමිණ

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ 24 දා ඇරඹේ

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ 2වැනි ප්‍රදර්ශනය මේ මස 24 වැනිදා සවස 4ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී විවෘත කෙරේ. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ පුරෝගාමී වැඩපිළිවෙළ වන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේදී රජයේ පොලී සහන ණය වැඩපිළිවෙළ සහ ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන අතර බැංකු ණය ලබාගැනීමේ අවස්ථාවද සැලසේ.

මුදල් ඇමැති මංගල සමරවීර මහාතගේ උපදෙස් මත සංවිධානය කෙරෙන මේ ප්‍රදර්ශනය මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පුරා දින 4ක් පැවැත්වේ.

 

අදහස්