රණවිරු ප්‍රතිලාභ ප්‍රදානය හෙට ජනපති ප්‍රධානත්වයෙන් | සිළුමිණ

රණවිරු ප්‍රතිලාභ ප්‍රදානය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කර පවත්වනු ලබන රණවිරු ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය හෙට (22) ප.ව. 4.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී යුද, නාවික, ගුවන් හමුදා හා පොලිස් නිලධාරීන්ටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ටත් නව නිවාස හා ශිෂ්‍යත්ව පිරිනැමීම ජනාධිපතිතුමන් අතින් සිදු කෙරේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම වැඩ බලන පොලිස්පතිවරයාද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද මේ අවස්ථාවට සහභාගි වෙති.

අදහස්