මැදමුලන ස්මාරකය ගෝඨාභයගේ නඩුව ලබන 26 වැනිදා | සිළුමිණ

මැදමුලන ස්මාරකය ගෝඨාභයගේ නඩුව ලබන 26 වැනිදා

රජයේ මුදල් රු. මිලියන 33.9ක් අයථා ලෙස පරිහරණය කොට හම්බන්තොට මැදමුලනේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයක් ඉදි කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහිව විභාග වන නඩුව ලබන 26 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වීමට නියමිතය.

මේ නඩුව පසුගිය ජූනි මස 20 වැනිදාට කැඳවා තිබු අතර, එදින ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද හෘදය සැත්කමක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින බැවින් නඩු දිනය කල් දමන ලෙස ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

මේ අනුව ඔහුට ජූලි 24 දා වන තෙක් විදෙස්ගතව සිටීමට අධිකරණයෙන් අවසර ලැබුණු අතර, ඔහු ඊළඟ නඩු දිනයට පැමිණෙන්නේද එසේ නැති නම් තවදුරටත් අධිකරණයෙන් විදෙස්ගතව සිටීමට අවසර ගන්නේද යන්න පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැති බව ඔහුට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙයට අමතරව ඇවන් ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අ‍ධිකරණයේ ගොනු කරන ලද නඩුවෙහි තමා සම්බන්ධයෙන් ඇති සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කොට ඇති නඩුවේ තීන්දුවද 26 දා ප්‍රකාශයට පත් විමට නියමිතය.

Comments