දිරිය මිනිසුන්ට මඟ කියන්නට පත්තර මහගෙදර අනුරාධපුරයට | සිළුමිණ

දිරිය මිනිසුන්ට මඟ කියන්නට පත්තර මහගෙදර අනුරාධපුරයට

 අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී මේ සතියේ ලබන 24 වැනිදා ආරම්භ වන එන්ටර්ප්‍රයිස් ලංකා ප්‍රදර්ශනයේදී විශේෂ ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කිරීමට ලේක්හවුස් ආයතනය කටයුතු කර ඇත. දිරිය මිනිසුන්ට මඟ කියන පත්තර මහගෙදර නම් තේමාව යටතේ සැකසෙන මෙම ප්‍රදර්ශන කුටිය ව්‍යවසායකයන් දිරිමත් කිරීම ඇතුළු නරඹන්නන්ට දැනුම විනෝදය ගෙනන අංග ගණනාවකින් සමන්විතය. ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන තරුණි පුවත් පතේ අනුග්‍රහයෙන් තරුණි ස්වයං රැකියා වැඩමුළු ගණනාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර ඔබ්සවර් ජොබ්ස් නම් රැකියා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳ ව විශේෂ වැඩසටහනක්ද පැවැත්වේ.

එමෙන්ම ව්‍යාපාර සම්බන්ධ ජ්‍යෙතිෂ්‍ය කටයුතු ඇතුළු නැකැත් හස්ත රේඛා ආදී ජ්‍යෙතිෂ්‍ය කටයුතු වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන පෙළේ ජ්‍යොතිෂ්‍ය විශේෂඥයන් සහභාගී වෙන වැඩසටහන් ගණනාවක්ද සංවිධානය වී තිබේ. පත්තර මහගෙදර ප්‍රදර්ශන කුටියට පැමිණෙන තරුණියන් අතුරින් තෝරාගැනෙන තරුණියකට තරුණි පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකට වරම් සැලසෙන වැඩසටහනක්ද මේ ප්‍රදර්ශන කුටියේ ක්‍රියාත්මක වන අතර, වටිනා තෑගි දිනා දෙන තරගද වැඩසටහනට ඇතුළත්ය.

  

අදහස්