කළගෙඩිහේනේ පහරදීම පරීක්ෂණ සීසීඩීයට | Page 2 | සිළුමිණ

කළගෙඩිහේනේ පහරදීම පරීක්ෂණ සීසීඩීයට

පසුගියදා කොළඹ - නුවර පාරේ කළගෙඩිහේනේදී ප්‍රභූ ආරක්ෂක ඇඳුමින් සැරසී සිටි පිරිසක් විසින් වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ අපරාධ ‍කොට්ඨාසයට බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. පහර කෑමට ලක් වූ පුද්ගලයා ගාල්ල පොලීසියට පැමිණ විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දී ඇති අතර, ඒ ප්‍රකාශයේ පිටපතක්ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.

Comments