කසළ ගේනවාට කෝටි 10ක්! | Page 2 | සිළුමිණ

කසළ ගේනවාට කෝටි 10ක්!

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට කැළිකසළ කන්ටේනර් එකසිය දෙකක් ගෙන්වා ඇති ව්‍යාපාරිකයාට ඒ සඳහා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ලැබෙන්නට ඇතැයි රේගුව සැක කරන බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් ‘සිළුමිණ’ ට කීය.

බ්‍රිතාන්‍යයේ කුණුකසළ ගෙන්වා ගන්නා රටවල් කිහිපයකටම බ්‍රිතාන්‍ය රජය විසින් ඩොලර් මිලියන ගණනින් ලබාදෙන බවත් එම රටවල් විසින් රජයේ අවසරය මත සමාගම් වෙත මෙම අවස්ථාව ලබාදී ඇති බවත් රේගු නිලධාරියා අවධාරණය කළේය.

එහෙත් මෙරටට කැළි කසළ ගෙන්වා ඇත්තේ මෙරට නීති රීති රැසක් උල්ලංඝනය කරමින් රේගුව ඇතුළු තවත් ආයතන රැසකට වංචා කරමින් බවත් අදාළ ව්‍යාපාරිකයා ‍ඔහුට සබඳතාවක් ඇති සමාගමක නමකින් මේවා ගෙන්වා ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. මීට පෙරද බ්‍රිතාන්‍ය සිට කැළි කසළ කන්ටේනර් 100 වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වා ඒවා වරායෙන් පිටකරගෙන ඇති බවත් රේගු නිලධාරියා පැවසීය.

 

Comments