උතුරු දුම්රිය මාර්ගයේ පැයට කිලෝ මීටර් 100ක අධිවේගයක් | Page 2 | සිළුමිණ

උතුරු දුම්රිය මාර්ගයේ පැයට කිලෝ මීටර් 100ක අධිවේගයක්

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය පැයට කිලෝ මීටර් 100ක අධිවේගයෙන් ධාවනය කිරීමට හැකි වන පරිදි ඉන්දියානු ආධාර යටතේ සකස් කිරීමට නියමිත අතර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දීය IRCON සමාගම විසින් සිදු කිරීමට යෝජිතය. ඒ සඳහා අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි. ගිවිසුමට අත්සන් කිරීම ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා සහ IRCON සමාගමේ සභාපති එස්. කේ. චව්ද්‍රි (S.K. Chaudhary) යන මහත්වරුන් විසින් සිදු කළ අතර මේ අවස්ථාවට ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග‍ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වානිජ අංශ ප්‍ර‍ධානී සුජා කේ. මෙනන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍ර‍නාන්දු යන මහත්ම මහත්මීහු එක් වූහ.

සේයාරුව - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

Comments