වෝටර්ස් එජ් චෝදනාවේ ඇත්ත නැත්ත | සිළුමිණ

වෝටර්ස් එජ් චෝදනාවේ ඇත්ත නැත්ත

සමාගමට ඉඩම දුන්නේ මගේ කැමැත්තට නොවේ

ගනුදෙනුව රහසිගත එකක් වුණේ නෑ

පසුව ආපු එ.ජා.ප ඇමැති කමිටුවෙනුත් මා නිර්දෝෂි වුණා

ශ්‍රි ලංකාවේ සිවු වැනි විධායක ජනාධිපති වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම පාලන කාලය තුළ දුෂණය පිටුදැකීම සහ පාලනයේ පාරදෘශ්‍යභාවය වෙනුවෙන් අනුගමනය කළ පිළිවෙත් පිළිබඳ රචනා කරන ලද ලිපියේ සිවු වන කොටස මෙසේ පළ වෙයි.

එකී ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමේදී සිදු වී ඇතැයි චෝදනා එල්ල වූ අක්‍රමිකතා ගැන පරීක්ෂණ පැවැත්වීම පිණිස 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවට පවා එලෙස ඒපීජීසී ව්‍යාපෘතිය සඳහා ඉඩම පිරිනැමීමේදී අක්‍රමිකතා සිදු වී ඇතැයි සාධක හමුනොවූ බව මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ. කමිටුව වාර්තා කර සිටින්නේ කිසිදු ‘විශේෂ සහනයක්’ පිරිනමා ඇති බවක් සොයා නොගත් බවයි. සියලු සහන පිරිනමන ලද්දේ ආයෝජන මණ්ඩලය යටතේ වන ආයෝජනවලට අදාළ වන්නාවූ පිළිගත්, සාමාන්‍ය, නීති සහ රෙගුලාසි අනුගමනය කරමිනි.

එකී මාර්ගෝපදේශයන්ට අදාළ සියලු ලේඛන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදද ඒ සියල්ල නොතකා හරිනු ලැබිණි.

මා එම ඉඩම ‘අදාළ සමාගමට ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ පිරිනමා ඇතැයි චෝදනා කරන තැනකට අධිකරණය යොමු විණි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනමනු ලබන්නේ ආණ්ඩුවේ කැමැත්ත මත නොව ආයෝජක විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ විටක පමණක් වන නිසා මෙහිදී ඉල්ලා සිටීම පිළිබඳ සංකල්පය අදාළ නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත් කළ ආණ්ඩුව භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම උදෙසා ලංසු කැඳවීම සිදු නොකරයි. එහිදී සිදු වන්නේ ආයෝජක සිය මුදල් ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමයි. ඉන් අනතුරුව ආයෝජක ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලා සිටියි. එහෙයින් ‘ඉල්ලීම’ පිළිබඳ ගැටලුව අදාළ නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනැමීමේදී කිසිදු ආණ්ඩුවක් යටතේ වුව ටෙන්ඩර් කැඳවීම කිසි විටෙකත් අවශ්‍ය නොවේ.

මේ ‘ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ යන යෙදුම යොදනු ලබන්නේ ආණ්ඩුවේ ලංසු කැඳවා නැති විටක සහ කිසියම් විශේෂිත ලංසුකරුවෙකු ආණ්ඩුව විසින් ගෙවීමේ පදනම මත ආණ්ඩුවට යම් විශේෂිත භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම භාරගැනීමට ඉදිරිපත් වන අවස්ථාවක් සම්බන්ධයෙනි.

ආයෝජන මණ්ඩල නීතිවලට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නීතිවලට අනුව ව්‍යාපෘතිය පරිසර බලපෑම් තක්සේරුවකට යටත් වූ අතර මහජන අදහස්වලට සවන් දෙනු ලැබිණි. (තෙවන වගඋත්තරකරු වන ආයෝජන මණ්ඩලයේ දිවුරුම් ප්‍රකාශය සමග 3ආර්13ඒ, 3ආර්13සී, 3ආර්13ඩී, 3ආර්13ඊ සහ 3ආර්13එෆ් යනුවෙන් සටහන් කර ඉදිරිපත් කර ඇති ලේඛන සහ මගේ දිවුරුම් ප්‍රකාශය සමඟ 1ආර්1 යනුවෙන් සටහන් කර ඉදිරිපත් කර ඇති ලේඛනය බලන්න) ඒ අනුව මේ ව්‍යාපෘතිය සඳහා අදාළ වන ඉඩම ‘මුළුමනින්ම රහසිගත’ ආකාරයකට පිරිනමා ඇතැයි යන පෙත්සම්කරුවන්ගේ ප්‍රකාශය මුළුමනින්ම ව්‍යාජ සහ පදනම් විරහිත බව ස්වයං ප්‍රත්‍යක්ෂ කරුණකි.

පරිසර බලපෑම් තක්සේරුව අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ පෙත්සම්කරුවන් හෝ මැදිහත්කාර පෙත්සම්කරුවන් කිසිවකුත් එකී මහජන අදහස් විමසීමේදී මගේ පාර්ශ්වයෙන් සිදු කෙරුණ කිසිදු වැරදි ක්‍රියාවක් පිළිබඳ පැමිණිලි කර නැති බවයි. යම් හෙයකින් ඔවුන් වෙත අවංක දුක්ගැනවිල්ලක් තිබිණි නම් මීට විරෝධතා මතු කිරීමට ඔවුන්ට තිබූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව එයයි. එහෙත් ඔවුන් එසේ කළේ නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආයෝජන මණ්ඩල නිලධාරීන් උක්ත ව්‍යාපෘතියේ සිදු කරන වෙනස්කම් සඳහා අධිකාරීත්වය ලබා දෙද්දී ‘බලය අපයෝජනය’, ‘අකාර්යක්ෂමතාව’ සහ වගකීම් විරහිත බව’ පිළිබඳ ඔවුන් වරදකරුවන් වන්නේද? මුල් ව්‍යාපෘතියට විවිධ වෙනස්කම් සිදු කරමින් ඉදිරියට කටයුතු කර ගෙන යෑමට ඔවුන් පැහැදිලිවම ඇක්සස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුමැතිය දී තිබේ. එය සිදු කළේ යයි කවරාකාරයකින් වුව මට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි කරුණක් නොවන්නේද?

මගේ නිල කාලයේදී මතභේදයට තුඩු දුන් වෝටර්ස් එජ් ව්‍යාපෘතිය ගැන මම පසුගිය සතියේද සඳහන් කළෙමි. එම ව්‍යාපෘතියට අනුමැතිය දීමේදී සිදු වී ඇතැයි චෝදනා එල්ල වූ අක්‍රමිකතා ගැන පරීක්ෂණ පැවැත්වීම පිණිස 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන ලදි. එයින් පවා වෝටර්ස් එජ් ව්‍යාපෘතිය සඳහා ඉඩම පිරිනැමීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බවට සාධක හමුනොවූ බව මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ.

කමිටුව වාර්තා කළේ කිසිදු ‘විශේෂ සහනයක්’ එහිදී පිරිනමා ඇති බවක් සොයා නොගත් බවය. සියලු සහන පිරිනමන ලද්දේ ආයෝජන මණ්ඩලය යටතේ වන ආයෝජනවලට අදාළ පිළිගත්, සාමාන්‍ය, නීති සහ රෙගුලාසි අනුගමනය කරමිනි.

එකී මාර්ගෝපදේශයන්ට අදාල සියලු ලේඛන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද අතර ඒ සියල්ල නොතකා හරිනු ලැබිණි.

අධිකරණය මා ඉඩම ‘අදාළ සමාගමට ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ පිරිනමා ඇතැයි චෝදනා කරන තැනකට යොමු විණි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනමන්නේ ආණ්ඩුවේ කැමැත්ත මත නොව ආයෝජකයා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද විටක පමණක් වන නිසා මෙහිදී ඉල්ලා සිටීම පිළිබඳ සංකල්පය අදාල නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත් කල ආණ්ඩුව භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම උදෙසා ලංසු කැඳවීම සිදු නොකරයි. මෙහිදී සිදු වන්නේ ආයෝජක සිය මුදල් ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමයි. ඉන් අනතුරුව ආයෝජක ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලා සිටියි. එහෙයින් ‘ඉල්ලීම’ පිළිබඳ ගැටලුව අදාළ නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනැමීමේදී කිසිදු ආණ්ඩුවක් යටතේ වුව ටෙන්ඩර් කැඳවීම කිසි විටෙකත් අවශ්‍ය නොවේ.

‘ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ යන යෙදුම යොදනු ලබන්නේ ආණ්ඩුවේ ලංසු කැඳවා නැති විටක සහ කිසියම් විශේෂිත ලංසුකරුවෙකු ආණ්ඩුව විසින් ගෙවීමේ පදනම මත ආණ්ඩුවට යම් විශේෂිත භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම භාරගැනීමට ඉදිරිපත් වන අවස්ථාවක් සම්බන්ධයෙනි.

ආයෝජන මණ්ඩල නීතිවලට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නීතිවලට අනුව ව්‍යාපෘතිය පරිසර බලපෑම් තක්සේරුවකට යටත් වූ අතර මහජන අදහස්වලට සවන් දෙනු ලැබිණි. (තෙවන වගඋත්තරකරු වන ආයෝජන මණ්ඩලයේ දිවුරුම් ප්‍රකාශය සමග 3ආර්13ඒ, 3ආර්13සී, 3ආර්13ඩී, 3ආර්13ඊ සහ 3ආර්13එෆ් යනුවෙන් සටහන් කර ඉදිරිපත් කර ඇති ලේඛන සහ මගේ දිවුරුම් ප්‍රකාශය සමග 1ආර්1 යනුවෙන් සටහන් කර ඉදිරිපත් කර ඇති ලේඛනය බලන්න) ඒ අනුව ව්‍යාපෘතිය සඳහා අදාළ වන ඉඩම ‘මුළුමනින්ම රහසිගත’ ආකාරයකට පිරිනමා ඇතැයි යන පෙත්සම්කරුවන්ගේ ප්‍රකාශය මුළුමනින්ම ව්‍යාජ සහ පදනම් විරහිත බව ස්වයං ප්‍රත්‍යක්ෂ කරුණකි.

පරිසර බලපෑම් තක්සේරුව අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ පෙත්සම්කරුවන් හෝ මැදිහත්කාර පෙත්සම්කරුවන් කිසිවකුත් මහජන අදහස් විමසීමේදී මගේ පාර්ශ්වයෙන් සිදු කෙරුණ කිසිදු වැරදි ක්‍රියාවක් පිළිබඳ පැමිණිලි කර නැති බවයි. යම් හෙයකින් ඔවුන් වෙත අවංක දුක්ගැනවිල්ලක් තිබිණි නම් ඊට විරෝධතා මතු කිරීමට ඔවුන්ට තිබූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව එයයි. එහෙත් ඔවුන් එසේ කළේ නැත.

අධිකරණය මගින් තීරණය කර ඇති ආකාරයට මේ ආයතන ද්විත්වය එනම් ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ජනාධිපතිවරියගේ නියෝග සහ/හෝ නියමයන් පරිදි කටයුතු කර තිබුණේ නම් දැන් ඒ ආයතන මගේ පාලනයෙන් බැහැරව පවතින තත්ත්වයක් යටතේ නිසැකවම ඔවුන් එවන් තොරතුරු, අදාළ වන පරිදි, අධිකරණයේ අවධානයට ඉදිරිපත් කරනු ඇති බව ඉතා පැහැදිලිය. එහෙත් ඔවුන්ද එවැන්නක් කර නැත.

මා විසින් අනිසි සහන යනාදිය කිසිවක් පිරිනැමීම පිණිස මගේ බලතල භවිතා නොකළ බව මෙන්ම බලතල අපහරණය නොකළ බව සහතික කිරීම පිණිස මම ඉදිරිපත් වූයෙමි. එසේම ඉහත පැහැදිලි ලෙසම සඳහන් කර ඇති ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, සිවු වැනි වගඋත්තරකාර සමාගම සහ සය වැනි වගඋත්තරකරු විසින් ඉදිරිපත් කරන ලද ලේඛන මඟින් ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (විසි වැනි වගඋත්තරකරු), යනාදී අය විසින් උක්ත ව්‍යාපෘතිය සඳහා අවසර දීමේදී සහ ඒ අනුව කටයුතු කිරීමේදී පනවා ඇති සියලු රෙගුලාසි සහ පරිපාටි නිසි ලෙස අනුගමනය කර ඇති බව ප්‍රදර්ශනය කර ඇතැයි ඉතා මැනවින් අනාවරණය වන බවද පවසා සිටියෙමි.

ඉදින් තවත් ඇවැසි වී ඇත්තේ මොනවාද? මේ පැනයට ඇති අපක්ෂපාතී, සාධාරණ, වාස්තවික මෙන්ම නිසැක පිළිතුර කිසිත් නැති යන්නයි.

2001 වසරේදී ආණ්ඩුව වෙනස් වීමෙන් අනතුරුව වෝටර්ස් එජ් ව්‍යාපෘතිය ඇක්සස් හොල්ඩින්ග්ස් වෙත අලෙවි කිරීම හේතුවෙන් පැන නැගුණු ‘ව්‍යාපෘතියෙහි භෞතික පිරිවැය’ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් නොකරන ලදැයි මට දෝෂාරෝපණ එල්ල වෙයි.

සිදු කරන ලද වෙනස්කම් මුළුමනින්ම නොදැන සිටි තත්ත්වයක් යටතේ මට ව්‍යාපෘතියෙහි සිදු කරන ලද වෙනස්කම් පිළිබඳ කිසිවකුටත් දැන්වීමට හැකියාවක් නැත.

ජනාධිපති එක් පක්ෂයකින් සහ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව වෙනත් පක්ෂයකින් පත් වී පවත්වාගෙන යන ලද හවුල්කාර ආණ්ඩුවක් පැවති සමයක එසේ මගේ ජනාධිපති ධුරයට එරෙහිව සිටි පක්ෂයක් විසින් ගෙනයන ලද ආණ්ඩුවක් මඟින් මගේ දැනුමකින් තොරව උක්ත අලෙවියට අනුමැතිය දෙන ලදැයි මගේ ලිඛිත කරුණු දැක්වීම් මඟින් පැහැදිලි කර ඇත්තෙමි.

ආණ්ඩුව මගේ ජනාධිපති ධුරය සමඟින් විශාල ආරවුලක් ඇති කරගෙන සිටි බව ඉතා ප්‍රසිද්ධ කරුණකි. ආණ්ඩුවේ තීරණ සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මට දැනුම්දීමක් සිදු වුණේ නැත. ඒ තත්ත්වය ආණ්ඩුව බලයෙන් පහ කර පාර්ලිමේන්තුව විසුරුවා ලීමට මට බල කරන තත්ත්වයක් උදා කළේය.

වෝටර්ස් එජ් ව්‍යාපෘතිය ඇක්සස් හොල්ඩින්ග් ආයතනයට අලෙවි කිරීමේ කටයුත්ත අනුමත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය කේ.එන්. චොක්සි මහතා විසිනි. මවිසින් මුලසුන උසුලන ලද අමාත්‍ය මණ්ඩලයට කිසිදාක හෝ මේ ගනුදෙනුව ගැන දැනුම් දුන්නේද නැත. නිල නොවන මාර්ගයන්ගෙන් මේ ගනුදෙනුව ගැන ආරංචි වූ විගසම මම වෝටර්ස් එජ් ව්‍යාපෘතියේ නෛතිකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස පරීක්ෂණ කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට 2002 ජූලි 3 දින සංදේශයක් ඉදිරිපත් කළෙමි. මවිසින් කරන ලද මහත් බල කිරීම් හමුවේ කමිටුවක් පත් කරනු ලැබිණි. මේ සටහනෙහි මුලදී සඳහන් කර ඇති පරිද්දෙන්ම කිසිදු අවභාවිතාවක් සිදු වී නැති බව ඔවුහු වාර්තා කර සිටියෝය.

ඉන්පසු, ආණ්ඩුව වෙනස් වීමෙන් පසු, මේ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියේ මුල් නිර්දේශයන්ට පටහැණිව කටයුතු කරන බව දන්වමින් 2004 ජූලි 28 දින තවත් සංදේශයක් ඉදිරිපත් කළ මම ( මගේ විරෝධතා ප්‍රකාශය සමඟ1ආර්3 ලෙස සලකුණු කර ගොනු කරන ලද) සිවු වන වගඋත්තරකාර සමාගම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියෙමි.

ඒ අනුව සිවු වැනි වගඋත්තරකාර සමාගම සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය බලය ලබා දුන්නේය. ( 2008 මාර්තු 11 දිනැතිව 3ආර්ඒ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ගොනු කරන ලද විරෝධතා ප්‍රකාශයට අමුණා ඇති ලේඛනය බලන්න) එහිදී නාගරික සංවර්ධන අධිකාරිය නීතිපතිගේ උපදෙස් පැතූ අතර සිවු වැනි වගඋත්තරකරු සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම ඒ කාලයේ පැවති තත්ත්වය යටතේ අවසන් කළ නොහැකි බවට උපදෙස් ලැබී තිබිණි. ඒ මතය සමඟ එකඟ නොවූ මම ගිවිසුම අවසන් කළ යුතු බවට අදාළ අමාත්‍යවරයාට අඛණ්ඩව බල කරන්නට වීමි.

තව කොටසක් ලබන සතියේ

Comments