දෙවියන් හමුවීම | සිළුමිණ

දෙවියන් හමුවීම

මගේ විදේශ ගමන් බල­ප­ත්‍රය නැති විය. අලු­තින් එකක් හදා ගැනී­මට වුව­මනා විය.

මම ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට ගොස් අදාළ ලිය­කි­යැ­විලි බාර දී ගෙවි­ය­යුතු යැයි කියූ රුපි­යල් දස දහ­සක මුද­ලක් ද ගෙවීමී.

හරි­ය­ටම ඊට දින පහ­ළො­ව­කට පසු මට ගමන් බල­පත්‍ර කාර්යා­ල­යෙන් දුර­ක­ථන ඇම­තු­මක් ආවේ ය. ඉන් කියැ­වුණේ මා නිය­මිත මුදල ගෙවා නැති බව ය. මට පුදුම සිතිණ.

ඉන් දින හත­ර­කට පසු මම උදෑ­සන ම ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට ගියෙමි. යා යුත්තේ කොතැ­න­ට­දැයි මා විමසූ විට හය­වැනි මහ­ලට ගොස් විම­සන හැටි­යට උප­දෙස් ලැබිණ. මම එහි ගියෙමි. එතැන සිටි පරි­පා­ලන නිල­ධා­රි­නි­ය­කට කාර­ණය පැහැ­දිලි කළෙමි. ඇය තවත් ලිපි­කාර මහ­ත්මි­ය­කත්, මාත් කැඳ­වා­ගෙන තෙවන මහ­ලට ගියා ය. එහිදී කරුණු විමසා බලන විට හෙළි­වූයේ මගේ අංකය අගට කිසි­යම් ලකු­ණක් යොදා ඇති බැවින් ප්‍රශ්න­යක් පැන නැගී ඇති බව ය. මා මුදල් ගෙවූ රිසි­ට්පත පෙන්වූ විට ප්‍රශ්නය නිරා­ක­ර­ණය විය. වැරැද්ද නිවැ­රදි කර ප්‍රධාන නිල­ධාරී මහතා හමුවී එය ස්ථිර කර­වා­ගත් පරි­පා­ලන නිල­ධා­රි­නිය සහ අනෙක් ලිපි­කාර මහ­ත්මිය අව­සා­නයේ මා කැටුව දෙවන මහ­ලට ආහ. එහිදී ද අදාළ නිල­ධාරී මහ­ත්ව­රුන් හමු වී ලිය­කි­යැ­විලි විධි­මත් කළ ඔවුන් මට කීවේ දැන් සියල්ල විසඳී ඇති බවත්, සවස තුන­හ­මා­රට අදාළ කාම­ර­යට ගොස් ගමන් බල­ප­ත්‍රය ලබා ගන්නා ලෙසත් ය.

මේ සියලු කට­යුතු නිම­වන විට පෙර­වරු දහ­ය­මාර පසුවී තිබිණ. ඉන් පසුව ඒ දෙදෙනා මගෙන් සමු­ගත්තේ අවශ්‍ය වුව­හොත් යෑමට ආපන ශාලා­වත්, කාන්තා වැසි­කි­ළි­යත් මට පෙන්වී­මෙන් අන­තුරු ව ය. ඔවුන් සිය රාජ­කා­රිය නිමවා මට ලබා දුන් සැන­සිල්ල කෙත­රම් දැයි කිය­නවා නම් මා ඔවුන් සමු­ගෙන යන අයුරු බලා සිටියේ ළෙන්ගතු හදිනි.

එතැන් පටන් මම ඔර­ලෝ­සුව දෙස බල­මින් ගෙවිය යුතුවූ පැය පහ ගත­ක‍ළෙමි. අව­සා­නයේ සවස තුන­හ­මාර එළැ­ඹිණ. මා වහ වහා නිය­මිත කාම­ර­යට ගියේ මගේ අලුත් ගමන් බල­ප­ත්‍රය ලබා ගැනීමේ නොඉ­ව­සි­ල්ලෙනි.

‘ඔයාගෙ පාස්පෝට් එක තවම හදල ඉවර නෑ’ එතැන සිටි නිල­ධාරී මහ­ත්මයා මට කීවේ ය.

මා රත් වී ගියේ ය.

‘අනේ සර්, මං අම්බ­ල­න්ගොඩ ඉඳල ආවෙ’ මට කියැ­විණ.

‘හෙට එන්ඩ’ ඔහු කීවේ ය.

මා දෙනෙත තෙත්ව ගියේ ය.

මම ආපසු හැරු­ණෙමි. අත­ර­ම­ගදී මට නිල­ධාරි මහ­තෙක් හමු විය. උදේ වරුවේ මගේ ඉල්ලු­ම්ප­තට අදාළ ලියැ­විලි අනු­මත කළේ ඔහු ය.

‘ඇයි? වැඩේ හරි­ගියේ නැද්ද?’ ඔහු ඇසුවේ මගේ මුහුණේ සැඟ­වුණු හැඟීම් තේරුම් ගත්තාක් මෙනි.

මට ‘නෑ’ යි කියැ­විණ.

‘පොඩ්ඩක් ඉන්ඩ’ යැයි කී ඔහු මට හෙට එන්නැයි කියූ නිල­ධාරී මහතා හමුවී කරුණු විමසා යළි මා ඇම­තුවේ ය.

‘එන්ඩ. මං ඉක්ම­නට හදල දෙන්නං. වාඩි­වෙන්ඩ’

මගේ රාජ­කා­රි­යට සම්බන්ධ නිල­ධා­රීන් වහා කැඳවූ ඔහු මගේ ගම­න්බ­ල­ප­ත්‍ර­යට අදාළ කාර්යය කඩි­නම් කරවා පැය­කා­ලක් ඇතු­ළත එය මා අත තැබුවේ ය.

මා එය අතට ගත්තේ ‘පින්සිද්ධ වේවා!’ යි කිය­මිනි. මා ඒ කාර්යා­ල­යෙන් පිට වන විට සවස පහ පසුවී තිබිණ. නිවෙ­සට එන­විට රෑ දහ­ය­මාර පසු විය.

කෙසේ වුව ද, සියල්ල හොඳින් ඉටු වීම පිළි­බඳ ව ඇත්තේ බල­වත් සතු­ටකි. උදවු කළ නිල­ධාරී මහ­තාට හා නිල­ධා­රි­නි­යන් දෙදෙ­නාට යහ­පත පතමි.

මා වෙනු­වෙන් මෙබඳු සත් කාර්ය­යක් ඉටු­කර දීමට ඒ අයට හිතුණේ මා අවු­රුදු තිහ­කට වැඩි කාල­යක් දරු­ව­නට අකුරු කළ ගුරු­ව­රි­යක නිසා යැයි සිතමි.

වතු­ගෙ­දර, ශිරානි වික්‍ර­ම­සිංහ මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්