N-joy සුදු පොල්තෙල් අලුත් මුහුණුවරකින් | සිළුමිණ

N-joy සුදු පොල්තෙල් අලුත් මුහුණුවරකින්

පිරිසිදු පොල්තෙල් සඳහා කීර්තිමත් සන්නාමයක් වන, N-joy ස්වාභාවික සුදු පොල්තෙල් මෑතකදී එහි පොල්තෙල් නිෂ්පාදන සමුහය නව ආරකින් නැවත එළි දක්වන බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පොල් තෙල් සඳහා SLS32 වන ප්‍රමිතිය ඇති බවට සහතික කරන ලද එකම පිරිසිදු සුදු පොල්තෙල් නිෂ්පාදනය වන N-joyයනු සම්පූර්ණයෙන්ම ස්වාභාවික නිශ්පාදනයකි. “දන්න ඇයට” තේමාව යටතේ N-joy සන්නාමයේ නැවත එළිදැක්වීමේදී එහි සන්නාම තානාපතිනිය , කීර්තිමත් නිළි පූජා උමාශංකර් සහ ඇගේ සැබෑ මව ඇතුළත් ප්‍රචාරණ කටයුතුවලින් සමන්විත වේ.

“කලක සිට වෙළඳපොළේ සිටි අපට අවශ්‍ය වූයේ නිෂ්පාදනයේ සිට ඇසුරුම්කරණය දක්වා සුවිශේෂී වෙනසක් සිදු කිරීමයි. පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අපගේ අත්දැකීම් සහ විශේෂඥතාව වසර 150 ක් තරම් ඈතට දිව යයි. එනිසා ආරම්භයේ සිටම අප විසින් සිදු කර ඇති ආකාරයටම අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප්‍රවීණතාවය සහ හැකියාව අප සතුව ඇත”‍ යනුවෙන් ඇඩම්ජි ලු‍ක්මන්ජි ඇන්ඩ් සන්ස් සමාගමේ අලෙවි කළමනාකරු සුරේන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.

සමාගම කාලාන්තරයක් මුළුල්ලේ විශිෂ්ට ක්‍රමවේද අනුගමනය කර පිරිසිදු සුදු පොල්තෙල් නිෂ්පාදනය කරයි. N-joy පිරිසිදු සුදු පොල්තෙල් 2001 දී වෙළඳපොළට හඳුන්වා දුන් දින සිට පාරිභෝගික විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක් වේ. N-joy හි සුවිශේෂීත්වය නම්, එය කිසිදු රසායනික ක්‍රියාවලියකට හෝ අධික තාප ක්‍රියාවලියකට භාජනය කිරීමකින් තොරව නිපදවන ස්වාභාවික, ආහාර පිසීම සඳහා පාවිච්චි කළ හැකි පොල්තෙල් වර්ගයක් වීමයි. එය පිරිපහදු කිරීම, වර්ණය වෙනස් කිරීම හෝ සුවඳ වෙනස් කිරීමට ලක් නොවේ.

Comments