හිත එකතැන නැද්ද... එහේ-මෙහේ දුවනවාද... | සිළුමිණ

හිත එකතැන නැද්ද... එහේ-මෙහේ දුවනවාද...

මේක කියනවාටත් වඩා කරලාම බැලුවොත් තමා හොඳ. මොකද පැට්රිකලි අත්විඳපු කෙනෙකු දන්නවා මෙහි සත්‍යය. තවුස්දම් පුරන්නෙකුට මිස අපට පුළුවන්ද හිතක් එකතැන තියන් ඉන්න. ප්‍රාණය මහ ගෙදර - හිත පෙම්වතාගේ ගෙදර එහෙමනේ ඇත්තටම. ගමේ ඉඳන් හිතත් එක්ක කොළඹ බීච් යන අයනේ අපි. මෙහෙම වුණහම අපේ එදිනෙදා වැඩවලට ලොකු අපහසුතාවයක් එය. මොකද හිතක් එක තැන තියන් වැඩක් කරන්න බැරි වුණහම හැමදේම අවුල් වෙනවා. ඒ අවුල් ලෙහා ගන්න ගියහම ඊට වඩා පිස්සු හැදෙනවා. දන්නවාද මේ හිත එක තැන තබාගන්න හොඳ ම දේ ලස්සන මාළු ටැංකියක් දෙස බලා හිඳීම බව. ඔව් වෛද්‍යවරු පවා කියා තිබෙනවා ලෙඩ වුණත් මේ නිසා අඩුවෙන බව. නීල ජල තටාකයේ පෙණ බුබුළු දමමින් එහාට මෙහාට පිහිනා යන මත්ස්‍යයින් දිහා බලන් ඉඳීමෙන් ජීවිතේ බො‍හෝ දුක් කරදර අමතක වී මනසට හොඳ නැවුම් උත්තේජනයක් ලැබෙන බව කියවෙනවා. හිතේ තිබෙන චංචල භාවය තුනී වෙලා නැවුම් භවක් මේ තුළින් ඇති වෙනවා. ඉතිං හතර අතේ ගිනි අරන් දුවන වෙලාවට ඔබත් මොහොතක් නැවතී ගෙදර ඇති මාළු ටැංකිය දිහා බලන් ඉන්න. ඔබටම තේරේවි ඒ දැනෙන වෙනස.

Comments