ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වන ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා | සිළුමිණ

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වන ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වන ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා ලෙස එස්. ඒ අමරසිංහ මහතා ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී වැඩබාර අවස්ථාව.

අධ්‍යපන දෙපාර්තුමේන්තුවේ වසර 40 සේවයේ යෙදී සිට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු ලෙස විශ්‍රාම ගත් ඒ මහතා සහාය ප්‍රධාන කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී නව ධුරය සඳහා පත් කරන ලදි. එම අවස්ථාවට ප්‍රධාන කොමසාරිස්, ඉංජිනේරු මෙරිල් ගුණතිලක, හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි මහත්වරුන් ඇතුළු සහාය ප්‍රධාන කොමසාරිස්වරු , මූලස්ථාන කොමසාරිස්වරු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය- සුලෝචන ගමගේ

Comments