මොන රටකින් කුණු ආවත් ආපසු යවනවා | Page 2 | සිළුමිණ

මොන රටකින් කුණු ආවත් ආපසු යවනවා

අපේ රටට කවර රටකින්, කුමන අයුරකින් කුණු හා අපද්‍රව්‍ය ගෙන ආවත් බාර නොගන්නා බවත්, ඒවා වහා ප්‍රතිඅපනයනය කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරි අපද්‍රව්‍ය හා රසායනික අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසයි.

ජගත් සම්මුතියක් වූ ‘බාසල් සම්මුතිය’ හා ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය අනුව අපේ රටට පසු භාවිත අපද්‍රව්‍ය ගෙන්වීම සපුරා තහනම් බවද පසුගියදා මෙරටට ගෙන්වූ පාවිච්චි කළ මෙට්ට, කාපට්, ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු අබලි අපද්‍රව්‍ය තොගයක් අඩංගු කන්ටේනර් ඒ අයුරින්ම ඒවා ගෙන්වූ එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කළ බවද ඒ මහතා පවසයි.

ඉදිරියේදී මෙවැනි දෑ යළිත් ඒවිදැයි ශ්‍රී ලංකා රේගුව දැවැන්ත සෝදිසියක් ආරම්භ කර ඇතැයි උසස් රේගු නිලධාරියෙක් සිළුමිණට පැවසීය.

 

 

Comments