පොලිස් කොමිසමට අලුත් ලේකම්වරයෙක්? | Page 2 | සිළුමිණ

පොලිස් කොමිසමට අලුත් ලේකම්වරයෙක්?

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

නීති­ප­ති­ව­රයා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දී ඇත්තේ ඇව­න්ගාඩ් සමා­ග­මට නීති විරෝධි ලෙස ගිනි අවි රඳ­වා­ගැ­නී­මට ආධාර හා අනු­බල දීම, කුම­න්ත්‍ර­ණය කිරීම යන වැර­දි­ව­ලට සමන් දිසා­නා­යක මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසය. බොරු සාක්ෂි ගෙතීම සහ ඊට අධාර හා අනු­බල දීම යටතේ දණ්ඩ නීති සංග්‍ර­හ­යෙන්ද ඔහුට චෝදනා කළ හැකි බව ඊට අම­ත­රව තවත් චෝද­නා­වක්ද එල්ල වී තිබේ.

 

Comments