පේටන්ට් 107ක් හිමි ලංකාවේ මහාචාර්යවරයා | Page 2 | සිළුමිණ

පේටන්ට් 107ක් හිමි ලංකාවේ මහාචාර්යවරයා

ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය සඳහා පසුගිය දා නම් කෙරුණු ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය කුමාර් වික්‍රමසිංහට, නිල වශයෙන් එහි සාමාජිකත්වය පිරිනැමීම සිකුරාදා (ජූලි 12) සිදු කෙරිණි.

ඒ, රාජකීය සමාජයේ සාමාජිකයින් පිළිගැනීම සඳහා ලන්ඩන් නුවර පැවති විශේෂ උත්සවයකදීය.

මෙම විශේෂ උත්සවය සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙකේදී ම පැවැත්වේ.

ඒ අනුව, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ එම සමාජයට එක් වන දෙවන ශ්‍රී ලාංකිකයා වේ.

(සාර්ස් වෛරසය හඳුනාගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මීට පෙර 2006 වසරේදී එහි සාමාජිකත්වය ලැබීය.)

රාජකීය සමාජය යනු මෙතෙක් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැලකේ. ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාර්වින්, ස්ටීවන් හෝකින්ස් ආදී විශිෂ්ට විද්වතුන් එම සංගමයේ සාමාජිකත්වය දරා තිබේ.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවය කරන ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනමා ඇත්තේ, භෞතික සහ විදුලි ඉන්ජිනේරු තාක්ෂණය වෙනුවෙන් ඔහු කළ මෙහෙය සැලකිල්ලට ගනිමිනි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

Comments