තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන ශ්‍රී ලංකා ඇමෙරිකා සාකච්ඡා | Page 2 | සිළුමිණ

තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන ශ්‍රී ලංකා ඇමෙරිකා සාකච්ඡා

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය හා ඒ සඳහා ඇමෙරිකානු වෙළඳපළ තුළ ඇති ඉඩකඩ පිළිබඳ සාකච්ඡාවට ලක් කළ අතර, දෙරට තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳ ද සාකච්ඡා කරන ලදී. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත් මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Comments