ජවිපෙන් නව බලවේගයක් | Page 3 | සිළුමිණ

ජවිපෙන් නව බලවේගයක්

ජනතා විමුක්ති පෙරමුණ අද (14) ‘ජාතික බලවේගය’ නමින් නව සංවිධානයක් ආරම්භ කරයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත පා ගමනින් පැමිණෙන පෙළපාළි දෙකක් මේ අවස්ථාවට එක් වන බවත් සිවිල් සංවිධාන, දේශ හිතෛෂි ව්‍යාපාර ඇතුළු සංවිධාන රැසක් මෙහිදී ඒකරාශි වන බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිළුමිණට පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සතියේ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ‘ජාතික ජන බලවේගය’ ආරම්භක අවස්ථාවක් හැටියටද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ බලවේගය නිර්මාණය වීමෙන් පසු බිහි කරනු ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

 

Comments